සමාජ ජීවිතයට පිවිසෙන්න

සංවර්ධන පැතිකඩ

සමාජ හා චර්යාත්මක කුසලතා

අරමුණ

ඔබේ දරුවාට අන් අය සමග අන්තර්ක්‍රියා කිරීමට සහය වීම. අනෙක් දරුවන් හමුවීමට සහ ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට සහය වීම.

විස්තරය

ඔබේ කිරිකැටියාගේ අමතක නොවෙන පළමු අන්තර් ක්‍රියාකාරිත්වය වන්නේ ඔහු/ඇය ඔබ සමග සිනාසිමයි. ඔවුන් වර්ධනය වන විට ඔවුන් අවට සිටින සියලු දෙනා සමඟ අන්තර් ක්‍රියා කිරීමට ආශා වීම ආරම්භ වන අතර මාස 12 -18 අතර වයස් කාණ්ඩයේ සිටින ඔබේ දරුවාට අතවනා සමුගැනිමටත් (bye – bye) හැකි වන අතර ඔබේ මුහුණ අතින් වසමින් අරිමින් (peek-a-boo) වැනි කුඩා විනෝද ජනක කුඩා ක්‍රීඩා කරමින් සතුටක් ලැබීමටත් හැකි විය යුතුයි.