Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

අලුත් සහෝදරයා වෙනස් කිරීම හා හැඩගැස්වීම

Dinusha Manjarie Wickremesekera

ඔබට පළමු දරුවා ලැබෙන්නට සිටින බව මුලින් දැනගත් අවස්ථාව ඔබට මතක ඇති. එය සාමාජිකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගෙන් යුත් පවුලක සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කළ ප්‍රීතිමත් පුවතක් වූ ඔබ නිසැකය. අලුත් සාමාජිකයාගේ පැමිණීම සතුට වැඩි කළ අතරම එය ඔබේ මෙන්ම පවුලේද වෙනස්කම් රැසක් සිදු කිරීමට හේතුවක් විය. එවිට අලුත් සාමාජිකයාගේ පෝෂණය, සැළකිල්ල වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වූ බවද ඔබට මතක ඇති.

 

ඔබ නිදා ගන්නා ආකාරය පමණක් නොව ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව ලබා දීම වෙනුවෙන් ඔබගේ සම්බන්ධතාවන්ගේ තත්වයන්ද වෙනසකට ලක් විය. වැඩිහිටියන් ලෙස අපි මෙම වෙනසකම්වලට හුරු වන අතර ළදරුවකු සමඟ සිටීමේදී සතුට මෙන්ම ප්‍රීතියද, කළකිරීමේ සිට කෝපය දක්වා හැඟීම් රැසක් අත් විඳිමු.

 

ඔබේ දෙවන දරුවාගේ උපත

 

ඔබ දැන් ඔබේ දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටියි. ඔබේ පවුල් ඒකකයද යළිත් වෙනස් වෙමින් තිබෙන අතර මේ මොහොතේ තම බාල සහෝදරයාගේ හෝ සහෝදරියගේ අවශ්‍යතාවන් පිළිබඳ අවබෝධයක් නොමැති  කුඩා දරුවකුද නිවසේ සිටී. ඔබෙගේ රැකවරණය වඩාත් අවශ්‍ය සිඟිති දරුවා වෙත කාලය හා අවධානය යොමු වීම හේතුවෙන් ඔහු හෝ ඇය වර්තමානයේ සිදුකරන අන්තර් ක්‍රියාවන් වෙනස්වීමටකට ලක් විය හැකිය.

 

ඔබේ පළමු දරුවාගේ ප්‍රතික්‍රියාවන් වයස අනුව වෙනස් විය හැකිය. අපට මෙය ඔවුන්ගේ වර්ධන අවධිය හා සම්බන්ධ කළ හැකි අතර දරුවාට නිවසේ සිදුවන වෙනස්කම් පිළිබඳව තේරුම් ගැනීමට හැකි වනු ඇත. ඔබේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 4ට අඩු නම් ඔබට නින්දා අපහාස මෙන්ම ඊර්ෂ්‍යාව වැනි දේ වැඩිමහල් දරුවාගෙන් අත් විඳින්නට ලැබෙනු ඇත. ඔබේ දරුවාට වයස අවුරුදු 4ක් නම් ඔහුට හෝ ඇයට අලුත් සාමාජිකයාගේ අවශ්‍යතා හොඳින් අවබෝධ කර ගැනීමට හැකිය. එසේ තිබියදී ඔහු හෝ ඇය කෙරෙහි අවධානය නොමැතිවීම ඊර්ෂ්‍යාවට හේතුවක් විය හැකිය.

 

උපතේ සිට අවුරුදු 5 දක්වා වන මෙම තීරණාත්මක වයසේදී දරුවන් තමන්ගේ සම්බන්ධතාවන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව සිතන අතර එහි පදනම දෙමව්පියන්ගේ සම්බන්ධතාව මත පදනම් වේ. වයස යනු වෙනස් වන අවශ්‍යතා සහ අදහස් ප්‍රකාශ කිරීමට හා තේරුම් ගැනීමට මෙන්ම වගකීම් භාර ගැනීමට ඇති හැකියාව සංකේතවත් කරන්නකි.

 

වයස අවුරුදු 2ක පරතරයක්

 

දරුවාට ඊර්ෂ්‍යාව දැනීම සාමාන්‍ය තත්වයකි. ඔහු දැන් මෙතෙක් තමන්ට ලැබුණු දෙමව්පියන්ගේ මෙන්ම, පවුලේ වැඩිහිටි සාමාජිකයන්ගේ සහ මිතුරන්ගේ අවධානය තවත් අයෙක් සමඟ බෙදා ගත යුතුව ඇත. මෙම කාලය තුළ සීමාව ඉක්මවා ගිය හදිසි කෝපය ඉහළ යාම, ළදරු වියේ හැසිරීම්, බඩ ගා යාම, ළදරු කතා වැනි දේ ඔහු තුලින් දක්නට හැකි වනු ඇත. දරුවා පිළිගැනීමට ඔහු  දක්වන විරෝධතාවයද ඔබට පෙනෙනු ඇත.

 

මෙම අත්දැකීම් තේරුම් නොගන්නා ඔවුන් කරන සියලු දේ නිවැරදි යැයි ඔබෙන් අවධානයක් බලාපොරොත්තු වනු ඇත. මෙවන් අවස්ථාවක ඔවුන් වැළඳ ගැනීම්, ප්‍රශංසා කිරීම වැනි ඉතා ආදරණීය දේ සිදු කිරීම ඔවුන්ගේ සිතට සහනයක් එක් කරනු ඇත.

   

සෑම විටම ඔවුන්ගේ හැඟීම්වලට ඉඩ දෙන්න ඔවුන් තම අදහස් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි තවමත් නොදනී. ඔවුන් වැඩිහිටි දරුවන් බවට පත් වීම කෙතරම් අමාරු කාර්යයක් වුවද එය ඔබට තරහක් මෙන්ම දුකක් බව ඔවුන් වෙත පැවසීමට හැකිය. ඔහුට/ ඇයට සෑම විටම ආදරය කරන්නේ යැයි යන සහතිකය ඔවුන් වෙත ලබා දෙන්න.

ඔවුන්ගේ යහපත් හැසිරීම් අගය කර ප්‍රශාංසා කිරීමෙන් යහපත් හැසිරීම් සම්බන්ධයෙන් තව දුරටත් දිරි ගන්වන්න.

 

ඔබගේ වැඩිමහල් දරුවා සමඟ සෙල්ලම් කිරීමට, කියවීමට මෙන්ම කතාබහ කිරීමට වැනි දේ සඳහා කාලය වෙන් කිරීමට මතක තබා ගන්න.

 

අවුරුදු 3 - 5 දක්වා වයස් පරතරය

 

ඔබේ වැඩිමල් දරුවාට අවුරුදු 3 ත් 4ත් අතර වයසක් වේ නම් ඔවුන්ට තත්වය වඩා හොඳින් තේරුම් ගත හැකි වනු ඇත. එවිට වඩා හොඳින් පැහැදිලි කිරීමට ඔබට හැකියාව උදාවේ. දරුවා නැවත රෝහලට ගෙන යන බව පැවසීම, දරුවාට ඔබ විසින්ම පහර දීම වැනි විවිධ රංගනයන් ඔබට ඉදිරිපත් කළ හැකිය. ඔබට විවිධ කවටකම් සිදු කළ හැකිය. එසේ හෙයින් බොහෝ දුරට මෙය නැවතත් සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇත. නමුත් ළදරුවා ලෙස ඔහු ලැබූ සියලු ප්‍රතිලාභයන් අහිමි වීම පිළිබඳව වන ඊර්ෂ්‍යාව තුරන් වනු ඇත.

 

මෙම තත්වය සාමාන්‍ය ලෙස සිදු වුවද එක්වරම යෙ අවසන් වේයැයි සිතිය නොහැකිය. එහෙයින් ඔවුන් වෙනුවෙන් කාරුණිකව මැදිහත් විය යුතුමය.

 

මේ වන විට ඔවුන්ට නිවසින් පිටත මිතුරන් සිටින බැවින් ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට කාලය ලබා දීමද ඉතා වැදගත්ය.

 

එමෙන්ම දරුවා රැකබලා ගැනීමේ කාර්යයේදී වැඩිමල් දරුවාගේ උදව් ලබා ගැනීමද කළ හැකිය.

 

එමෙන්ම කතාන්දර කියාදීමද ඉතා හොඳය. ඉපදීමට පෙර සිට දරුවකු සූදානම් කිරීමට හොඳම ක්‍රමය වන්නේ කතාන්දරය.

 

කරදරකාරී හැසිරීම් අඛණ්ඩව සිදු කිරීම

 

අලුතේ පවුලට එක්වූ සහෝදරයා හෝ සහෝදරිය  සම්බන්ධයෙන් වඩාත් ආක්‍රමණශීලී දරුවකු සිටී නම් මෙම උපාය මාර්ගයන් ඔබට වැදගත් වනු ඇත.

 

මෙහිදී ඉතා කාරුණිකව සීමාවන් පැනවීමට ඔබට හැකි වනු ඇත.  ඒ සඳහා තිරසාර හා සහනශීලී සීමාවන් සළසා දීමට ඔබට හැකි වනු ඇත. මම දරුවාට පහර දීමට ඔබට ඉඩ දෙන්නේ නෑඔබේ දරුවාගේ කෝපය පිට කිරීමට කළ හැකි මැටි සමඟ සෙල්ලම් කිරීම වැනි වෙනත් දේ පිළිබඳ අවධානය යොමු කරන්න.

 

ඔබ ඔබ ගැන සැළකිලිමත් වන අතරම, ඉවසිලිවන්ත වන්න. එසේම ඔබගේ වැඩකටයුතු සිදු කර ගැනීමට විවිධ උපාය මාර්ගයන් යොදා ගන්න.

 

උපදේශය -

 

වැඩිමහල් සහෝදර සහෝදරියන් අලුත් සහෝදරයා කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වීම සාමාන්‍ය තත්වයකි.දෙමව්පියන් එය විසඳන ආකාරය හේතුවෙන් පවුල් සම්බන්ධතාවල වෙනසක් ඇතිවීමටද ඉඩ ඇත. හොඳින් සිතන්න. වැඩිමහල් දරුවකු කුඩා සහෝදරයකු කෙරෙහි දක්වන හැසිරීම ආදරය මෙන්ම තනිකම සහ වෙනත් හැඟීම් රාශියක එකතුවක් බව අවබෝධ කර ගන්න.

Recommended Articles