Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ආත්ම අභිමානය හා ඔරෙත්තු දීමේ හැකියාව වැදගත් ද?

Nimali Buthpitiya

ඔබේ දරුවා ශරීරය චලනය කරමින් තනිව කුඩා දේවල් කළ හැකි වයසේ සිටම ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය වර්ධනය වීම ආරම්භ වේ. මෙම පෞරුෂ වර්ධනය බෙහෙවින් ක්‍රියාකාරී වන්නෙත් එය පෙනෙන්නට තිබෙන්නේත් වයස අවුරුදු 3ත් 5ත් අතර කාලයේදීය. ඔබේ දරුවා සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් පෝෂණය කිරීම මෙන්ම  වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමත්, සිදු කළ යුතු අතර ඔවුන්ගේ පෞරුෂය වැදගත් ලක්ෂණවලින් පෝෂණය කිරීම වෙනුවෙන් කාලය හා ශ්‍රමය ආයෝජනය කිරීමට දෙමාපියන් වශයෙන් ඔබට මෙය ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වනු නිසැකය. දරුවන් අතර එසේ ඇති විය හැකි වැදගත් ලක්ෂණ දෙක්ක ලෙස ආත්ම අභිමානය හා ඔරොත්තු දීමේ හැකියාව සඳහන් කළ හැකිය.

ආත්ම අභිමානය සහ ඔරොත්තු දීමේ හැකියාව යනු කුමක්ද?

ආත්ම අභිමානය ලෙස හැඳින්වෙන්නේ පුද්ගලයකු තමන් කෙරෙහි තබන ආත්ම වටිනාකම හෝ වටිනාකම පිළිබඳව හැඟීමයි.ඔරොත්තු දීමේ හැකියාව යනු දුෂ්කරතාවලින් ඉක්මණින් සුවය ලබා ගැනීමට පුද්ගලයකු සතු හැකියාවයි. මෙම ගුණාංග දෙක වචන කිහිපයකින් පහසුවෙන් අර්ථ දැක්විය හැකි වුවද ඒවා වැඩි දියුණු කිරීම වෙනුවෙන් බොහෝ කාලයක් මෙන්ම පරිශ්‍රමයක් වැය කළ යුතුය.

ආත්මාභිමානය සහ ඔරොත්තු දීමේ හැකියාව එතරම් වැදගත් වන්නේ ඇයි?

මෙම සාධක දෙක දරුවකු තුළ නොමැති විට විශ්වාසයක් නොමැති වීම මෙන්ම අලුත් දේවල් කිරීමට ඇති උනන්දුව නැතිවීම සිදුවන අතර ඔහු හෝ ඇය තුළ අසරණ භාවයක් මෙන්ම අසාර්ථක වී මපිළිබඳ බියක් ඇති විය හැකිය. ආත්මාභිමානය සහ ඔරොත්තු දීමේ හැකියාව අඩු දරුවන් තමන් ගැන ඍණාත්මකව සිතමින් අභියෝග ඉතා ඉක්මණින් අත්හැරීමට කටයුතු කරති. ඇතැම් දරුවන් සමාජයෙන් ඈත්වීමද සිදු විය හැකිය.ඕනෑවට වඩා ප්‍රධානියාට (ඔවුන්ට හැකියාවක් නොමැති බව හා එය ප්‍රමාණවත් නොවන බව සැඟවීමට) හෝ වෙනත් හිරිහැර කරන්නන්ට ගොදුරු විය හැකිය. එවැනි හැසිරීම් හා ගුණාංග අඛණ්ඩව පැවතිය හොත් ඔබේ දරුවාගේ යහපැවැත්මට එය සැබැවින්ම බාධාවක් විය හැකි බව ඔබ හොඳින් දන්නා කරුණකි.

 

දෙමව්පියන්ට තමන් පිළිබඳ ආත්මාභිමානයක් ගොඩනගා ගත හැක්කේ කෙසේද? ඒ සඳහා පහත කරුණු ඔබට ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමු.

සෑම වයස් මට්ටමකදීම දරුවන්ට අලුත් දේවල් ඉගෙන ගැනීමට මෙන්ම අලුත් දේවල් කිරීමට උපකාර කරන්න

ඔබේ දරුවාගේ ශක්තීන් කෙරෙහි අවධානය යොමු කරන්න

දරුණු ආකාරයේ විවේචනයන්ගෙන් වළකින්න

ඔවුන්ට හොඳ ආදර්ශයක් වන්න

ඔවුන්ගේ උත්සාහය පිළිබඳව බුද්ධිමත් ලෙස ඔවුන්ට ප්‍රශංසා කරන්න

වැරදීම ප්‍රශ්නයක් නොවන බව ඔවුන් හැඟවෙන්නට සළස්වන්න

ඔවුන්ගේ වයස කොපමණ වුවද ඔවුන්ට ගරු කරන්න

ඔවුන්ගේ අදහස් හා හැඟීම්වලට සවන් දී ඒවා පිළිගන්න

 

දෙමව්පියන්ට ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නගා ගත හැක්කේ කෙසේද?

ඔවුන් සතු සුවිශේෂී ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න

සෂංජානන හැකියාවන් මත පදනම්ව දරුවාගේ කුසලතා වර්ධනය කිරීම සඳහා මෙය අදාළ වේ. ඔවුන්ගේ විශිෂ්ට ක්‍රියාකාරීත්වය ගොඩනඟා ගැනීමෙන් ඔවුන්ගේ හැසිරීම් සහ හැඟීම් නියාමනය කිරීමට සහ ගැටලු විසඳීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමට හැකියාව උදා වේ. එහිදී චර්යාවන් ස්ථාපිත කිරීම, සරල තීරණ ගැනීමට අවස්ථාව ලබා දීම,ඔවුන්ගේ සමාජ සබඳතා වර්ධනය කර ගැනීමට ඉඩ සැලසීම ස්වාධීනව සිතීමට සහ කටයුතු කිරීමට දිරි ගැන්වීම, හා මතකය පුහුණ ුකරන ක්‍රීඩා කිරීම  ඇතුලු දෙමාපියන් ලෙස ඔවුන් වටා සහායක සබඳතා ගොඩනංවන දේ සිදු කිරීම තුළින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට හැකියාව ඇත.

නැවත සකස් කරන ආකාරය ඔවුන්ට කියා දෙන්න

නැවත සකස් කිරීම යනු අඩු ආතතියක් හා වැඩි පාලනයක් ඇති කරන, සන්සුන් බවක් ලබා දෙන ආකාරයෙන් යමක් දෙස බැලීමයි. මේ තූළින් ජීවිතයේ විඳින අසාර්ථක වීම්, බලාපොරොත්තු සුන් වීම් වැනි දුෂ්කර අවස්ථාවන් සමඟ කටයුතු කිරීමේ හැකියාව ඔවුන්ට ලැබේ. එම එක් එක් අවස්ථාවෙහි ප්‍රතිවිරුද්ධ පැත්තට වඩා හොඳ පැත්ත කෙරෙහි අවධානය යොමු කිරීම, නිදසුනක් ලෙස කණස්සල්ලට හෝ බියට පත් වීමට වඩා ශක්තිමත් වීමට ඉගෙන ගත හැකි වඅස්ථා ලෙස ජීවිතයේ මුහුණ දෙන ගැටලු පිළිගැනීමට ඔවුන්ට ඉගැන්වීම සිදු කළ හැකිය.

දරුවන්ගේ බියට මුහුණ දීම සඳහා ඔවුන්ට උපකාර කරන්න

ඔවුන් ජීවිතයේ බිය වන ඇතැම් දේවල් මඟ හැර නොගොස් ඒවාට මුහුණ දීම සඳහා දරුවන්ට උපකාර කරන්න. අන්ධකාරයට ඇති බිය, කෘමීන්ට ඇති බිය හෝ අසාර්ථක වීමට ඇති බිය පවා ඔබේ දරුවාගේ ජයග්‍රහණයක් බවට පත් කිරීමේ අවස්ථාවක් කර ගැනීමට ඔබට හැකියාව ඇත. ඒ සඳහා ඔබේ ආදරය  හා සහයෝගය තුළින් ආරක්ෂා වී ඇති බව ඔවුන් දැන සිටීම ඉතාමත් වැදගත් වනු ඇත.

වර්ධන මානසිකත්වය වැඩි දියුණු කරන්න

ඔබේ දරුවාට ජීවිතයේ දුෂ්කර තත්වයකට මුහුණ සීමට සිදු වූ විට, ඒවා නැවත ඇති වූ විට ඒවාට මුහුණ දීමට මෙන්ම හොඳින් වර්ධනය වීමට සෑම විටම අවස්ථාවක් උදා වන බව පවසන්න. ජීවිතයේ විවිධ තත්වයන් සදාකාලිකව නොපවතින බව දෙමාපියන් ඔවුන්ට ඉගැන්විය යුතුය. ඔබේ දරුවා මේ ආකාරයෙන් සිතීමට පුරුදු වූ විට ජීවිතය විවිධ තත්වයන් මත රඳා නොපවතින නොසැලෙන බලාfපාරොත්තු වලින් පිරුණු ජීවිතයක් ඔවුන් ගොඩනගනු ඇත.

ඉතා යහපත් ආත්මාභිමානයක් ඇති දරුවන්ට ආත්ම විශ්වාසයක් සහ හැකියාවක් ඇත. ඔවුන් තමන්සහ තමන්ගේ හැකියාවන් පිළිබඳ අගය කරන අතර ඔවුන් කරන දේ පිලිබඳ ආඩම්බර වේ. හොදම දේ සිදු කිරීම සඳහා නිරන්තරයෙන් වෙහෙසෙන ඔවුන් ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වූ විට දරුවන් ජයගන්නන් බවට නිරායාසයෙන්ම පත් වනු ඇත. ඒ තුළින් ඔවුන් සාර්ථකත්වය පිළිගැනීමට ලක් කරන අතරම අසාර්ථකත්වය තුලින් වර්ධනය වීමට සහ ශක්තිමත් වීමට කටයුතු කරනු ලබයි. ඔවුන්ගේ අපේක්ෂාවන්ට සහයෝගය දක්වන සහ යථාර්තවාදී වන දෙමව්පියන් මෙම සුන්දර ගමනේදී දරුවන් බොහෝ දුර ගෙන යාමට සමත් වනු ඇත.

Recommended Articles