ඉගෙනුම් ශෛලීන් පිළිබඳ අරමුණ හා අවබෝධය

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ඉගෙනුම් ශෛලීන් පිළිබඳ අරමුණ හා අවබෝධය

Dinusha Manjarie Wickremesekera

කොවිඩ් 19 වසංගතය හා රට වසා දැමීම මත ඇති වූ සංචරණ සීමාවන් හේතුවෙන් විධිමත් පාසල් පරිසරයක ඉගෙනීමේ අවස්ථාවද අහුරාලනු ලැබීය. විධිමත් ඉගෙනුම් පරිසරයකදී ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ ඉගෙනුම් කටයුතු සිදු වූ අතර එය බොහෝ සිසු සිසුවියන්ට ඉතා කදිම අවස්ථාවක් විය. තවත් පිරිසකට එය අමිහිරි අත්දැකීමක් ද විය. ඒ කෙසේ වුවද මේ වන විට අපි අවම ගුරු අධීක්ෂණයක් යටතේ නිවසේ සිට ඉගෙන ගනිමින් සිටිමු. මාර්ගගත ඉගෙනීම පිරිසකට ඉතා පහසු වන අතර තවත් පිරිසකට එය ඉතා දුෂ්කර කරුණක් බවට පත්ව ඇති බවද දැකිය හැකිය.

 

ඔබේ දරුවා මාර්ගගත අධ්‍යාපනය ග්‍රහණය කරගෙන ඇත්තේ කෙසේද? ඉගෙනුම යනු අලුත් තොරතුරු එක් රැස් කිරීම, සංවිධානය කිරීම හා ඔබ දැනටමත් දන්නා දේ සඳහා එය ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. සෑම කෙනෙකුටම තමන් කැමති ඉගෙනුම් ක්‍රමයක් ඇත. එය සමහර විට ඔබට කවුරුන් හෝ තුලින් ඉගෙන ගැනීම විය හැකිය. ඒ අනුව අප ඉගෙන ගන්නා ආකාරය ඒ ඒ පුද්ගලයාට විශේෂ වන්නක් ලෙස පෙන්වා දිය හැකිය.

 

ඒ ආකාරයෙන් දරුවන් නව දැනුම ලබාගන්නා ඉගෙනුම් ශෛලීන් 4ක් පිළිබඳව මනෝවිද්‍යාඥයින් හඳුනාගෙන ඇත.

 

      දැකීම තුළින් ඉගෙන ගන්නන් - දැකීම හරහා හොඳින් ඉගෙනීම මීට අයත් වේ. පින්තූර,ප්‍රස්තාර, සිතියම්, ලිඛිත ආකෘති දැකීම තුළින් ඉගෙන ගන්නන් හට තොරතුරු වඩා හොඳින් ලබා දීමට මෙන්ම මතකයට එක් කිරීමට උපකාරී වේ. ඔවුන්ට වඩා හොඳින් වර්ධනය වූ පරිකල්පන ශක්තියක් ඇත.

 

      අසා සිටීම තුළින් ඉගෙන ගන්නන් - ශ්‍රවණය තුළින් වඩා හොඳින් ඉගෙන ගැනීම මෙහිදී සිදු වේ. සවන් දීම හා සාකච්ඡා කිරීම අසා සිටීම තුළින් ඉගෙන ගන්නන් හට යම් දෙයක් වඩා හොඳින් හා ඉක්මණින් ඉගෙන ගැනීමට උපකාරී වන අතර පරිසරයේ නිහඬ බව ඊට ඉතා වැදගත් වේ.

 

      ස්පර්ශය තුළින් ඉගෙන ගන්නන් - ස්පර්ශය තුළින් හෝ කුරුටු ගෑම තුළින් යමක් ඉගෙන ගැනීම මෙහිදී සිදු වේ.

 

      යමක් කිරීමෙන් ඉගෙන ගන්නන් - මොවුන්  යමක් කිරීම තුළින් හොඳින් ඉගෙන ගනිති. ඔවුන් ගමන් කරන විට හෝ යමක් සකස් කරන විට හා යමක් සිදු කරන විට වඩා හොඳින් තොරතුරු ග්‍රහණය කර ගන්නා බැවින් දිගු වේලාවක් වාඩි වී සිටීම පවා දුෂ්කර විය හැකිය.

 

අප බොහෝ දෙනෙකුට මේ ඉගෙනුම් ශෛලීන්ගෙන් එකක හෝ දෙකක සම්මිශ්‍රණයක් ඇත.  අවධානය හා ඉලක්ක ගත නොවීම ලෙස අප දකින දේ ඔබ වෙත මූලික මට්ටමින් තොරතුරු ගෙන එන්නේ කෙසේදැයි ගැටළුවක් මෙහිදී ඇති විය හැකිය.

 

ඔබේ දරුවාගේ රුචිකත්වයන්, මනාපයන්, ප්‍රියතම ක්‍රියාකාරකම් සහ ශක්තීන් මොනවාදැයි නිරීක්ෂණය කිරීමේදී දරුවා ඉගෙන ගන්නා ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ඔබට ලැබෙනු ඇත. ඔබේ දරුවා පින්තූර කියවීමට හෝ ඇදීමට කැමතිද? , දරුවා කැමති කතන්දර වල පින්තූර බැලීමට ද? එසේත් නැත්නම් කත්නදර වලට සවන් දීමටද? සෙල්ලම් කිරීමටද? ද්‍රව්‍යමය තෑගි ලබා දෙනවාට වඩා ඉගෙනුම් ශෛලීන් පිළිබඳ දැන ගැනීම වඩා හොඳින් පෙළඹවීමට උපකාරී වේ.

 

පෙනෙන්නට නොතිබුණද ක්‍රීඩා කාමරය තුළ සිදුවන දේ පන්ති කාමරයට පරිවර්තනය වන්නේ එය ඉගෙනුම් ක්‍රමයේ අත්දැකීම් සපයන බැවිනි. එමෙන්ම වෙනත් ආකාරයකින් බලාපොරොත්තු විය නොහැකි අත්දැකීම් ඔවුන් ලබන බැවිනි. ක්‍රීඩා කිරීම සඳහා සෙල්ලම් බඩු ප්‍රවේශමෙන් තෝරා ගන්න.  සෙල්ලම් බඩු හා සම්බන්ධ පොත්පත්, කල්පිත සෙල්ලම් බඩු සඳහා වන ආදේශක, නර්තනය,කලාව, වැනිදේ තෝරා ගනිමින් මවා ගත් ක්‍රීඩාවන් කිරීමට ඉඩ ලබා දෙන්න. පාසල් වැඩ කටයුතුවලදී ඇති වන දුෂ්කරතා පිළබඳව දරුවා සමඟ කතාකිරීමෙන් ඔහු/ඇය පන්ති කාමරයේදී අරගල කරනු ලබන්නේ කුමක් නිසාද යන වග හොඳින් තේරුම් ගැනීමට උපකාරී වේ. එසේම ගුරුවරයා සමඟ ඉගෙනීමට හා ඉගෙනුම් ශෛලීන්ටට සරිලන පරිදි අවධානය යොමු කිරීමට උපාය මාර්ග සකස් කිරීමට එය ඉවහල් වනු නිසැකය.

 

මාර්ගගත ඉගෙනුම් තුළින් ප්‍රධාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය ඉගෙනුම් ක්‍රමයන් තුළින් වන අතර ඒ හරහා ඉගෙනුම් අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම සිදු කරයි. එසේ වුවද චාලක හෝ ස්පර්ශ ඉගෙනුම් ශෛලීන් සහිත දරුවකු මෙම මාර්ග ගත ඉගෙනුම් සඳහා වන උනන්දුව අඩු විය හැකිය. ඒ සම්බන්ධ ඔවුන්ගේ අවධානය ඉතා අඩු විය හැකි අතර අවධානයෙන් සිටීමද ඔවුන්ට ඉතා අපහසු වනු ඇත. තොරතුරු ඉදිරිපත් කරන ආකාරය ඔවුන්ගේ ඉගෙනුම් ශෛලීන්ට නොගැළපෙන බැවින් ඒ පිළිබඳව අවබෝධ කර ගැනීමට ඔබේ අවධානය යොමු කරන්න.

 

අවධානය යොමු කිරීම මෙහිදී ඉතා වැදගත්ය. බටහිර රටවල තිර හරහා මාර්ග ගත ඉගෙනුම් කාලය මනෝ විද්‍යාඥයින්ගේ නිර්දේශ මත පදනම්ව නියාමනය කරනු ලබයි. එහිදී වයස අවුරුදු 2ට පෙර දරුවන්ට තිර ළුතිබේ. වත්මන් පාසල් අධ්‍යාපන කටයුතු සමඟ සම්බන්ධ වීමේදී මෙම නිර්දේශයන් අනුව කටයුතු කිරීමට නොහැකි වන්නේ සමහර විටකදී පවුලේ අය සමගද මාර්ගගත අන්තර් ක්‍රියාකාරීත්වයන් පවත්වන බැවිනි. එහෙයින් තිරයේ ගත කරන කාලය වැඩි වී ඇති අතර ඒ හේතුවෙන් ඍණාත්මක කායික තත්වයන් ඉහළ යා හැකිය. චර්යාත්මක හා සංජානන ප්‍රතිඵලයන්හි අවදානම ඉහළ යා හැකි බවටද නිර්දේශ කොට ඇත.

 

ඔබට ඒ සම්බන්ධයෙන් මේ වන විට වෙනත් විකල්පයක් නොතිබිය හැති අතර තිරයේ වේලාව අධීක්ෂණය කිරීමට මෙන්ම එය සමබරව පවත්වාගෙන යාමට දැනුවත්ව සිටීම ඉතා වැදගත් වේ.

 

වැඩ, දරුවන් හා ඉගෙනීම සමබරව පවත්වාගෙන යාම පහසු කරුණක් නොවේ. ඒ කෙසේ වුවද අදාළ ගැටළු අවම කර ගැනීම සහ පාසල් වැඩ කෙරෙහි අවධානය යොමු කිරීමට සුළු කාලයක් ගත කිරීම යම් ආතතියකින් මිදීමට උපකාරී වනු ඇත.

 

වැදගත් කරුණු -

 

තොරතුරු ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීම එය භාවිත කිරීමට වඩාත් උපකාරී වේ. ඉගෙනුම් ක්‍රම 4ක් ඇති අතර ඒ සෑම ක්‍රමයක් තුළින්ම එක්තරා ආකාරයකින් තොරතුරු වෙත අවධානය යොමු කරනු ලබයි. ඔබේ ඉගෙනුම් ශෛලිය පිළිබඳ දැන ගැනීම ඔබට වඩා හොඳින් ඉගෙන ගැනීමට මහෝපකාරී වේ. ඔබේ ඉගෙනුම් ශෛලිය කුමක්ද?

Recommended Articles