Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

දරුවන් රැකබලා ගනිමින් ඔවුන් වර්ධනය කරන්නේ කෙසේද?

Nimali Buthpitiya

දරුවකු රැකබලා ගැනීම යනු අතිශය භාර ධූර කාර්යයකි. දරුවකුට කැවීම ,ඇඳුම් ඇන්දවීම වැනි සරල ක්‍රියාකාරකම්හි සිට ඔවුන්ගේ හැසිරීම අවබෝධ කර ගනිමින් ඒවාට නිසි ප්‍රතිචාර දැක්වීම වැනි සංකීර්ණ ක්‍රියාකාරකම් දක්වා විවිධ දේ එම භාරධූර කාර්යයට ඇතුළත් වේ. දරුවන් රැකබලා ගන්නේ දෙම්පියන් හෝ ඒ සඳහා කටයුතු කරන වෘත්තීය දරුවන් රැකබලා ගන්නා අයයි. දරුවන් රැක බලා ගන්නා ප්‍රාථමික හා ද්විතියික සියලු දෙනා නිරන්තරයෙන් අපේක්ෂා කරනු ලබන්නේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න බව, ආරක්ෂිත බව හා සතුට වේ.

දරුවකුගේ වර්ධනයට මෙන්ම සංවර්ධනයට අවශ්‍ය හොඳම හා  හා සුදුසුම ආරක්ෂා හා රැකවරණය සැළසීම පරිපූර්ණ දරුවකු බිහි කිරීම සඳහා ඉතා වැදගත් සාධකයකි. ඒ වර්ධනය හා සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? වර්ධනය ,පෝෂණය හා ශාරීරික ක්‍රියාකාරකම් තුළින් ලබාගත හැකි දරුවකුගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි විශේෂයෙන් වැදගත් වන දේ වර්ධනය වන අතර  සංවර්ධනය යන්නෙන් අදහස් වන්නේ දරුවකුගේ චිත්තවේගීය, සමාජීය, සංජානන, භාෂාව හා ආධ්‍යාත්මික අංශයන්හි දියුණුව යි.

එහෙයින් දරුවකු තුළ සංවර්ධනයේ සෑම අංශයක්ම වඩා හොඳින් ඉටු කිරීම වෙනුවෙන් වන සුදුසු සත්කාරක පිළිවෙත් අනුගමනය කිරීම තුළින් දරුවා පරිපූර්ණ ලෙස වැඩීම ආරම්භ කරනු ඇත. තවත් ආකාරයකින් කියනවානම් අපගේ යහපත් පුරුදු තුළින් දරුවකුට ඉහත සඳහන් කළ සියලු අංශයන් වඩා හොඳින් පවත්වාගෙන යාමට හැකි වේ.  ඒ තුළින් දරුවා ලබා ගන්නා ප්‍රගතිය මුල් ළමා විය සංවර්ධන අයිතීන් කරා ගෙන යාමට ඔවුන්ට උපකාරී වේ.

දරුවන්ට ගැළපෙන ආකාරයේ රැකවරණයක් සංවර්ධනාත්මකව ලබා දීම තුළින් ඔවුන්ගේ කුසලතා සහ හැකියාවන් අවබෝධ කර ගැනීමට මෙන්ම යම් යම් කාර්යයන් පැවරීම සඳහා සුදුසු වයස, ඔහුගේ අපේක්ෂාවන් , මෙන්ම වයසට ගැළපෙන ක්‍රීඩා හා අනෙකුත් ක්‍රියාකාරකම් වෙනුවෙන් අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබා දීම අත්‍යාවශ්‍ය වේ. ඒ කෙසේ වුවද  සෑම දරුවකුම විශේෂ වන හෙයින් ඔවුන්ගේ හැසිරීම හා අවශ්‍යතා ගැළපෙන ළමා ආරක්ෂණ පිළිවෙත් තුළින් සපුරා ලිය යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රාථමික හා ද්විතියික රැකබලා ගන්නන් අවධානයෙන් කටයුතු කළ යුතුය.

ඔබේ දරුවාගේ සංවර්ධනය ඉහළ නැවීම සඳහා මෙන්ම ඔවුන්ට සුදුසු රැකවරණයක් සහතික කිරීම සඳහා වන ඔබ මතක තබා ගත යුතු වැදගත් උපදෙස් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් වන නීති රීති සරලව හා තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් තබා ගැනීමට වගබලා ගන්න. එය අනුගමනය කිරීමට ඔවුන්ව දිරිගන්වනු ඇත.

ආරක්ෂිත හා දරුවන් ට හිතකාමී පරිසරයක් නිර්මාණය කරන්න. මෙය අනවශ්‍ය කරදරයකින් තොරව නිදහසේ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල යෙදීමට දරුවාට උපකාරී වේ.

කමිසයේ බොත්තම් දමා ගැනීම, ආහාර ගැනීම හෝ ඔවුන්ගේ සෙල්ලම් බඩු පිරිසිදු කිරීම වැනි සරල හා පහසු කාර්යයන් කිරීමට දරුවන් පුහුණු කරන්න. මේ තුළින් දරුවන් යම් ප්‍රමාණයකට ස්වාධීන වන අතර ඔවුන්ගේ භාෂාව හා සමාජ කුසලතාවද වර්ධනය වේ.

වයසට ගැළපෙන ආකාරයෙන් පැහැදිලි සන්නිවේදනයක් සිදු කිරීම.ඒ තුළින් ඔවුන්ගේ භාෂාව හා සමාජ කුසලතාව වර්ධනය වනු ඇත.

ඔවුන්ගේ බුද්ධිමය හැකියාවන් වර්ධනය සඳහා ප්‍රහේලිකා විසඳීම වැනි සරල ගැටලු විසඳීමට ඔවුන්ව දිරිමත් කරන්න. එසේම යමක් සිදු කිීමේදී ඊට නව ක්‍රමයන් සොයා ගැනීමට දිරිමත් කරන්න. ඔවුන් තනිව යමක් ඉගෙනීමේ අවස්ථාවන්ට බාධා කිරීමෙන් වළකින්න.

යම් දින චර්යාවක් අනුව දවස ගෙවීමට ඔවුන්ට ඉඩ ලබා දීම පිළිවෙලට වැඩ කිරීම පිළිබඳ හැඟීමක් ඔවුන්ට ලබා දීමට හේතු වේ. වැඩි වේලාවක් ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කරනවාට වඩා දවස තුළ වැඩි වේලාවක් විවිධ කාර්යයන් සිදු කිරීමට අවස්ථාව සළසා දීමෙන් ඔවුන් වඩාත් සතුටට පත් වනු ඇත.

ක්‍රීඩා, නිහඬ ක්‍රීඩා, සංගීත හා චලන ක්‍රියාකාරකම් වැනි ඉගෙනුම් අත්දැකීම් වෙනුවෙන් උනන්දු කරවන අතරම තනි හා සමූහ ක්‍රීඩා අත්දැකීම් ඔවුන් වෙත ලබා දෙන්න.

මල් පැළවලට වතුර දැමීම, පිරිසිදු කිරීම, සුරතල් සතුන් රැක බලා ගැනීම, ආහාර පිසීම වැනි සරල ගේ දොර වැඩ කටයුතු  සඳහා වුගේ සහාය ලබා ගන්න.

තමන් ජීවත් වන ලෝකය පිළිබඳ ඉගෙන ගන්නා විට විවිධ ප්‍රශ්න ඇසීමට පටන් ගනී. එය ලෝකය පිළබඳ ඔවුන්ගේ දැනුම ඉහළ නංවන බැවින් ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට කාරුණික වන්න.

උපදෙස්

ඔබේ දරුවාට නිසි අවබෝධයක් ලබා දීමට උපදෙස්

ඔබේ දරුවාගේ කුසලතා සහ හැකියාවන් හොඳින් තේරුම් ගන්න

ඔවුන්ගේ වයසට ගැළපෙන යහපත් අපේක්ෂාවන් ඔවුන් තුළ වර්ධනය කරන්න.

සෑම විටම පැහැදිලි සන්නිවේදනයක් පවත්වා ගන්න.

විවිධ ක්‍රීඩා හා ඉගෙනුම් අත්දැකීම් ලබා දෙන්න

ඔවුන්ගේ උත්සාහයන් වෙත ප්‍රශංසා කරන්න

සෑම විටම ආරක්ෂිත හා දරුවන්ට හිතකාමී පරිසරයක් පවත්වාගෙන යන්න

Recommended Articles