Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

සමාජ දුරස්ථභාවය තුළ මුහුණ දෙන සමාජ සාංකාව

Dinusha Manjarie Wickremesekera

දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ අපට සමීප ශාරීරික වශයෙන් ළඟින් ඇසුරු කරන ඕනෑම අයකුගෙන් Covid 19 බෝවන රෝගය වැළඳීමට හැකි වීම පිළිබඳව අප සියලු දෙනා පසුවන්නේ කණස්සල්ලෙනි. අද වන විට ප්‍රවෘත්ති පිරී තිබෙන්නේ ආසාදිත රෝගීන් සංඛ්‍යාව සහ රෝග ලක්ෂණ සම්බන්ධ ප්‍රවෘත්තිවලිනි.

 

අපි කොහේ කොතැනක ගියද අපගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමට මුහුණු ආවරණ පැළඳගත් අයෙක් සිටීම සුලභ දසුනකි. ඔබ ළඟ නිරන්තරයෙන් රැඳෙන ජංගම දුරකතනය හෝ ඔබේ යතුරු මෙන් මුහුණු ආවරණයද ඔබේ පුරුද්දක් බවට දැන් පත්ව ඇත. මිනිසුන් මුහුණු ආවරණයක් පැළඳ සිටින්නේද?, නැද්ද? යන්න පිළිබඳව ඔබට මැනවින් දැකගත හැකිය. තවෙකෙකුගේ කැස්සක්, උගුර පෑදීමක් පවා ඔබට එල්ල වන තර්ජනයක් ලෙස ඔබ සළකනු ඇත.ි අප අත්විඳින එම බිය අපගේ දරුවන් විසින් උකහා ගනු ලැබූවද ඔවුන් එය තේරුම් ගන්නේ අප මෙන් නොවිය හැකිය. බොහෝ දේ වෙනස් වී ඇති බව ඔවුන් දනිති. ඔවුන් නිරන්තරයෙන් නිවසේ රැඳී සිටිනු දකින්ට හැකි වනු ඇත. ඔවුන් පෙර පාසල් වයසේ නම් ඔවුන්ට තව දුරටක් පාසල් යා නොහැකි වනු ඇත.අනෙක් පවුල්වල සාමාජිකයන් හෝ තමන්ගේ මිතුරන් දක්නට නොමැත්තේ ඇයිදැයි ඔවුන් කල්පනා කරවා විය හැකිය.

 

මේ ආකාරයට වසරකට ආසන්න කාලයක් ජීවත් වෙමින් අපව සමාජ දුරස්ථභාවයට පුරුදු වී ඇති තත්වයකට පත්ව තිබෙන බව රහසක් නොවේ. කෙනෙක් ඔබ හමුවට හෝ ආසන්නයට පැමිණෙන විට ඔබ ඔවුන්ගෙන් මඳක් ඈතය යාමට උත්සාහ කරන්නේ ඔබ තුළ ඒ පිළිබඳව ඇති චකිතය නිසාය.  2020 මාර්තු මැසයේදී සිදු වූ දීර්ඝ අගුලු දැමීම හා ඉන් පසු දෙවන අගුලු දැමීමත් සමඟ මෙම චකිතය හා බිය තවත් දිගු කාලයක් පැවතිණ. මුව ආවරණ, ඔරොත්ු දීමේ හා අනුවර්තනය වීමේ හැකියාව මේ සමයේදී ඉතා වැදගත් වූ අතර විශේෂයෙන් අප මෙන්ම අන් අය පිළිබඳවද සිතා මෙම තත්වයට මුහුණ දීමට අපට සිදු විය.

 

අප අත්දකින දේ පිළිබඳව අවබෝධ කරගත යුතු අතර අප මුහුණ දෙන මෙම නවතම තත්වය සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාර අවශ්‍ය වන්නේ ඇයිද යන වග මෙහිදී පරීක්ෂණයට ලක් කිරීම ඉතා වැදගත්ය. අපි ඊට මුහුණ දුන්නෙමු. තවමත් මුහුණ දෙමින් සිටිමු. මේ අප සියලු දෙනා නැගී සිටිය යුතු කාලයයි.

 

රට වසා දැමීම හෙවත් අගුලු දැමීම අපට බොහෝ කරදර ඇති කළද ඒ තුළ සැඟවුණු ආශිර්වාදයක්ද වූ බව පිළිගත යුත්තකි. දෙමව්පියන්ට තම දරුවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම නම් දිගු කාලයක් දරුවන් සමඟ කාලය ගත කළ යුතුය. එහෙත් රැකියාව සහ නිවස යන දෙකම සමබරතාවයෙන් පවත්වාගෙන යායුතු වුවද රැකියාව පවුලේ කාලයත් ආක්‍රමණය කිරීම හේතුවෙන් ඒ සම්බන්ධ පීඩනය තව තවත් උග්‍ර අතට පත් වූ බව රහසක් නොවේ. එසේම ඔන්ලයින් ක්‍රියාකාරකම් තුළින් සිදු වූයේ ගුරුවරු පන්ති කාමරයේදී සිදු කරන අධීක්ෂණ ක්‍රියාකරකම් කිහිපයක් දෙමව්පියන් ලෙස ඔබට නිවසේදී කිරීමට සිදු වීමයි.

 

එහි වූ සැඟවුණු ආශිර්වාද(ය) කුමක්ද? නිවසේදී ඔබට චරිත කීයක් රඟපෑමට සිදු වූවාද?

 දුරකතනයෙන් හෝ පුද්ගලිකව හෝ ඔබගේ අන්තර් ක්‍රියාවල ස්වභාවය ඔබට සිතා ගත හැකිද? ඔබගේ සම්බන්ධතාවන්හි ගුණාත්මක භාවය කෙසේ වේද? නොවැළැක්විය හැකි ලෙස සිතන සියලු දෙයෙහි ප්‍රමුඛව තිබූ  බිය පිළිබඳ අදහස මැඩලීමට ඔබට උපකාර වූයේ කුමක්ද?

 

ඊට අනුවර්තනය වීමට ඔබ භාවිත කළ උපාය මාර්ග මොනවාද? එසේම ඔබ දියුණු වූයේ කෙසේද?

 

අපගේ සිතිවිලි හා අදහස් සම්පූර්ණ කිරීමට උපකාර කරන්නේ අපගේ සිතිවිලි සහ ශරීරයේ සිදු වෙමින් පවතින දෙයෙහි පිළිබිඹුවයි.

 

එය ක්‍රියාවට නැංවීම සඳහා උපකාර කිරීමට ඔබේ දරුවන් සමඟ ඔබ මේ පිළිබඳව කතා කළේ කෙසේද?

ඒ පිළිබඳව අපට ඔබේ අදහස් දන්වන්න. අගුලු දැමීමේ කාලයේදී ඔබ ලද අත්දැකීම් පිළිබඳව අදහස් අපට කියන්න.

මෙතෙක් කළ සියලු දේ වෙනුවෙන් ඔබ සහ ඔබ වටා සිටින අයවලුන් වෙත වටිනාකමක් ලබා දීමට අමතක නොකරන්න.

 

අදහස

 

වසංගතයෙන් හා ඒ තුළ සිදු වූ අගුලු දැමීම තුළින් බේරීමට ඔබ භාවිත කළ උපාය මාර්ග මොනවාද? Covid 19 හේතුවෙන් එල්ල වූ අභියෝගවලට අන් අය මුහුණ දුන් ආකාරය පැවසීම සඳහා අදහස් කොටසේ ඔබ ගත් උපාය මාර්ග සඳහන් කරන්න.

Recommended Articles