මුල් ළමාවිය සංවර්ධනය හා බැඳි මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධ කර ගනිමු

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

මුල් ළමාවිය සංවර්ධනය හා බැඳි මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධ කර ගනිමු

Romesh Jayasinghe

මනෝ විද්‍යාව යනු මිනිස් හැසිරීම් පිළිබදව අධ්‍යනය වන අතර ළමා මනෝ විද්‍යාව යනු ළදරුවන්ගේ හා දරුවන්ගේ සංවර්ධනය හා හැසිරීම යන දෙකම අධ්‍යනය කරන මනෝ විද්‍යාවේ ව්‍යවහාරික කොටසයි. දරුවකුගේ ජීවිතයේ මුල් වසර කිහිපය මොළය අත්දැකීම් උකහා ගන්නා ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වන අතර දෙමව්පියන්ගේ කාර්යය දරුවන්ගේ දිගු කාලීන සංජානන (මානසික) , සමාජීය හා චිත්තවේග සංවර්ධන සහ යහ පැවැත්මට ඉතා තීරණාත්මක සාධකයකි. විශිෂ්ට මනෝ විද්‍යාඥයින් විසින් මනෝ විද්‍යාත්මක සංවර්ධනය පිළිබද න්‍යායන් ගොඩනගා ප‍්‍රචලිත කර ඇති වුවද විද්‍යාව සම්පූර්ණයෙන් වටහා නොගත් මොළයේ වර්ධනය හා ක‍්‍රියාකාරීත්වය පිළිබද බොහෝ අංශ තවමත් පවතී. කෙසේ වුවද මුල් ළමා වියෙහි මානසික සංවර්ධනය අවබෝධ කර ගැනීම සදහා පවතින තොරතුරු භාවිත කිරීම තුළින් දරුවන් හට සෞඛ්‍ය සම්පන්න හා උත්තේජක පරිසරයක් ලබා දීමට දෙමවිපියන්ට සහ රැුක බලා ගන්නන් හට බෙහෙවින් උපකාරී වනු ඇත. ඔබේ දරුවා අවබෝධ කර ගැනීම දෙමව්පියෙකු ලෙස ඔබ ඉගෙනගත යුතු වැදගත්ම දෙයකි. ඔබේ දරුවා වර්ධනය වන විට හා පරිණත වන විට ඔවුන්ට මඟ පෙන්වීම හා පෝෂණය කිරීම සදහා වඩාත් එලදායී වීමට එය බෙහෙවින් උපකාරී වේ. ඔබේ දරුවාට සුවිශේෂි වූ පෞරුෂත්ව ගති ලක්ෂණ හෝ ‘චිත්ත ස්වභාවය’ ලෙස හැඳින්වෙන ලක්ෂණ සමූහයක් ඇති බව මතක තබා ගත යුතුය. මෙය දරුවෙකුගෙන් දරුවකුට වෙනස් විය හැකි අතර එය සාමාන්‍ය තත්වයකි. ඔබේ දරුවා අවබෝධ කරගත හැකි එක් ක‍්‍රමයක් නම් ඔවුන් නිදා සිටියදී, ආහාර ගැනීම හෝ ක‍්‍රීඩා කරන විට ඔවුන් නිරීක්ෂණය කිරීමයි. ඔවුන් වඩාත් කැමති ක‍්‍රියාකාරකම් මොනවාද? වෙනස්කම්වලට හැඩගැසීම ඔවුන්ට පහසුද? නැතහොත් මේ දේවල් වලට හුරු පුරුදු වීමට ඔවුන්ට කාලය අවශ්‍යද? මේ දේවල් දරුවකුගේ සාමාන්‍ය ලක්ෂණ වන අතර ඔබේ දරුවාද මෙහි පොදු සාධකයකි. හැකිතාක් දුරට ඔබේ දරුවන් සමඟ කතා කිරීමට කාලය ලබා ගන්න. එය තොරතුරු හා අවබෝධය ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වන අතර සෑම මොහොතකම දරුවා සමඟ ධනාත්මකව සම්බන්ධ වන්න. කුඩා දරුවන් සම්බන්ධයෙන් ගත් කල ඔවුන්ගේ සිතිවිලි සහ හැගීම් අවබෝධ කර ගැනීම සඳහා අවම වාචික භාෂාව,මුහුණේ ඉරියව් සහ ශරීර භාෂාව අත්‍යාවශ්‍ය වේ. සියලූ ආකාරයේ ප‍්‍රශ්න ඔවුන්ගෙන් ඇසීමෙන් ඔවුන්ගේ හැගීම්, සිතිවිලි, අවශ්‍යතා සහ උද්වේගයන් ඔබ සමග බෙදා ගැනීමට ඔවුන්ට හැකි වේ.

ආත්ම අභිමානය ජීවිතයේ සාර්ථකත්වයට ප‍්‍රධාන සාධකයකි. දරුවන්ගේ සහ නව යොවුන් දරුවන්ගේ සතුට හා සාර්ථකත්වය සඳහා ධනාත්මක ස්වයං සංකල්පයක් හෝ සෞඛ්‍ය සම්පන්න ආත්ම අභිමානයක් වර්ධනය කිරීම අතිශයින් වැදගත්ය. ධනාත්මක දෙමාපිය - දූදරු සම්බන්ධතාවයක් මඟින් දරුවකුට තමාට මෙන්ම අන් අය කෙරෙහි සෞඛ්‍ය සම්පන්න සැලකිල්ලක් හා ගෞරවයක් වර්ධනය කර ගැනීම සදහා රාමුවක් සහ සහායක් ලබා දෙයි. දරුවන් දෙමව්පියන් සමඟ කාලය ගත කිරීමට ඉතා කැමති අතර ඔවුන්ට ඔබ එම කාලය ලබා දෙන්න. එය ඔවුන්ට විශේෂ මෙන්ම ආදරණීය හැගීමක් ඇති කරයි. තම දරුවන් සමඟ නිතිපතා ක‍්‍රීඩා කිරීමට කාලය සොයා ගැනීම සදහා දෙමව්පියන් උනන්දු විය යුතුය. මේ සඳහා සෑම දරුවකු සමඟ වෙන් වෙන්ව මෙන්ම නිවසේ සිටින වැඩිහිටියන් සහ දරුවන් කණ්ඩායම් ලෙසට මෙයට කාලය වැය කළ යුතුය. ඔබ තනි මවක් හෝ පියෙක් නම් හෝ ඔබට එක් දරුවෙකු සිටී නම් ඉදහිට පවුලේ අයට හෝ මිතුරන්ට සෙල්ලම් කිරීමට ආරාධනා කරන්න. සෙල්ලම් කිරීම යනු දරුවාගේ ස්වභාවික භාෂාවයි. තම දරුවා ළදරු කාලයේ සිට පෙර පාසල දක්වාත්, නව යොවුන් වියේ සිට වැඩිහිටියෙකු දක්වාත් වර්ධනය වන විට බොහෝ දෙමව්පියන්ට අභියෝග වලට ස්වභාවයෙන්ම මුහුණ දීමට සිදු වනු ඇත. ළමුන්ගේ මානසික සංවර්ධනය පිළිබද වැඩිදුර කියවීමෙන් හා ඉගෙනීමෙන් දෙමව්පියන්ට නිසැකවම ප‍්‍රතිලාභ හිමිවනු ඇති අතර මුල් ළමා වියේ සිටම දරුවන් සහ දෙමව්පියන් යන දෙදෙනාම තරගකාරී හා වේගයෙන් වෙනස් වන සමාජය තුළ ඔවුන්ට ඇති අභියෝග හා අවස්ථාවන්ට මුහුණ දීමට සූදානම් වන අතර අපේක්ෂා කළ යුතු ගැටළු මොනවාද යන්න පිළිබද නිරතුරුව දැනුවත් වීම වැදගත්ය.

Recommended Articles