Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

දරුවන් පවසන සියල්ල සුන්දරය

Dinusha Manjarie Wickremesekera

තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඔබේ දරුවාට උදව් විය හැක්කේ කෙසේද?

 

අලුත උපන් බිලිඳකු රැක බලා ගන්නා අප මුලින්ම සිදු කරන්නේ දරුවා පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් බලා සිටීමයි. දරුවා සිනාසෙන පළමු අවස්ථාව, දරුවාගේ පළමු සිනහව වැනි දේ මෙන්ම ඔහුගේ/ඇයගේ මංගල පියවර මෙන්ම මුවින් නැගෙන පළමු වචනය පිළිබඳවද අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකිනි. දරුවාගේ පළමු වචනය අම්මා හෝ තාත්තා විය හැකිය. දරුවන් තමන්ට නිරන්තරයෙන් ඇසෙන වචනය මුලින්ම පවසන බැවින් මව්පියන් ඔවුනොවුන් වෙත අම්මා, තාත්තා හෝ මාමා, ඩඩා ලෙස ආමන්ත්‍රණය කරන්නේ නම් සෑම මොහොතකම බොහෝ දරුවන්ට හොඳින්ම ඇසෙන්නේ එයයි.ඔවුන් මුලින්ම පවසන්නේ එයයි. ඒ තුළින් ඔවුන්ගේ පළමු වචනය ප්‍රකාශ කිරීමට දෙමව්පියන් ඔහුට/ඇයට උපකාර කරන බව රහසක් නොවේ. අන් අය සමඟ වඩා යහපත් සන්නිවේදනයක් සිදු කිරීමට අවශ්‍ය ඔවුන්ගේ වාග් මාලාව මෙන්ම කතාව මනාව ගැළපීම සිදු කළ හැක්කේ ඇසීම, ඉගෙනීම හා කියවීම තුළින් පමණකි.

 

භාෂාව වඩා වැදගත් වන්නේ ඒ තුළින් දරුවන්ට යමක් සිතීමට මෙන්ම ඔවුන්ට දැනෙන දේ හෝ තවත් කෙනෙකුට දැනෙන දේ හඳුනාගැනීමට හා සහකම්පනය වර්ධනය කර ගැනීමට එය ඉවහල් වන බැවිනි.

 

යමක් සන්නිවේදනය කිරීමේ හැකියාව ඉහළ නැංවීම

 

වයස

 

ඔවුන්ගේ අවශ්‍යතාව ප්‍රකාශ කිරීම

ඊට දක්වන ක්‍රියාව

අවුරුද්දක් දක්වා

ආහාර, රැකවරණය සහ ආදරය අවශ්‍ය වූ විට

හැඬීම, කෙඳිරි ගෑම, විවිධ ශබ්ද නැගීම,පැහැදිලි වචනයෙන් පැවසීම

අවුරුදු 2ක් දක්වා සිට ඉන් ඉහළට

ආහාර, රැකවරණය සහ ආදරය, විශේෂ දෙයක් හෝ කෙනෙක් අවශ්‍ය වූ විට

 

සීමිත අදහස් ප්‍රකාශ කිරීමේදී

 

වචන භාවිතය

චචන 1ක් හෝ 2ක් එක් කර කතා කිරීම

අවුරුදු 2 සිට වචන 12 -400ත් අතර විවිධ වචන රැසක් ප්‍රකාශ කරයි

 

අවුරුදු 2ට වැඩි 

ඔවුන්ට අවශ්‍ය දේ, ඔවුන් දකින දේ, ඔවුන් කැමති දේ ආදිය

 

ඔවුන්ගේ අදහස්, හැඟීම් සහ අත්දැකීම් විස්තර කරමින් වැඩි වැඩියෙන් අදහස් දැක්වීම

 

 

බහුලව භාවිත කරනු ලබන වචන අඩකට වැඩි ප්‍රමාණයක් තුළින් වේගවත් භාෂා ඉගෙනුම ව්‍යාකරණ වැරදි තිබිය හැකි වුවත් වෙනත් දෝශයක් නැත ( ඉංග්‍රීසි භාෂාව - සියලුම දරුවන් ව්‍යාකරණ වැරදි සිදු කළ හැකිය)

 

අදහස් ප්‍රකාශ කිරීමේදී ඔවුන් දන්නා වචන ප්‍රමාණය තත්පරයකට 1000ක් දක්වා වර්ධනය වන අතර වචන එකතු කර ගනිමින් ඒවායෙහි අර්ථය සැණෙකින් හඳුනා ගනිී

 

වචන එකතු කර වචන කණ්ඩයක් නිර්මාණය කර පසුව සම්පූර්ණ වාක්‍යයක් දක්වා ඔවුන් පෙළ ගස්වති.

 

ඔහු/ඇය ප්‍රගුණ කිරීමට කැමති කුමනාකාරයේ අභියෝගයක්ද යන්න පිළිබඳ උනන්දුවක් දක්වන එක් එක් දරුවා මත ඔවුන් ප්‍රගුණ කරන ලද වචන සංඛ්‍යාව රඳා පවතී. ඔවුන් ඔවුන් වෙත ඉදිරිපත් කරන ශාරීරික අභියෝග භාර ගැනීමට කැමැත්තක් දක්වයිද? එසේ නම් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වමින් ඒවා ක්ෂණික භාර ගනු ඇත. ඔවුන් සමාජය තුළ ඇති අභියෝග භාර ගැනීමට උනන්දු වන්නේ නම් ඊට අන්තර්ක්‍රියා ඉදිරිපත් කිරීමට හා වඩා හොඳින් අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන අතර ඒ තුළින් වඩා හොඳින් කතා කරනු ඇත. එහෙයින් ඔබේ දරුවා වචන උච්ඡාරණය කිරීමට පටන් ගන්නා තෙක් ඔබ ඇඟිලි ගනිමින් සිටින අතරතුර මෙම කාල සටහන පිළිබඳවත් සැළකිලිමත් වන්න.

අප හොඳින්ම දන්නා දෙයක් වන්නේ කතා නොකරන දරුවන් භාෂාව පිළිබ`චදැන්මක් ලබා නොගන්නා බවයි. දරුවන් කතා කරන්නේ ඔවුන්ට නිරන්තරයෙන් ඇසීමට පුරුදු වී සිටින භාෂාව බවද අපි දනිමු. එහිදී ඔවුන් බොහෝ විට කතා කරන්නේ නිරන්තරයෙන් ඇසීමට පුරුදු වී ඇති වචනයි.එසේම වචන කතා කිරීමට බොහෝ කලකට පෙර ඔවුන් ඒවායේ මේරුම අවබෝධ කර ගනිති.

කුඩා කල සිටම දරුවන්ගේ සන්නිවේදන හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් කිහිපයක් පහතින් දැක්වේ.

 

1. සුපිරි වෙළෙඳ සැලට, සත්වෝද්‍යානයට, උද්‍යානයට විවිධ අත්දැකීම් ඇති බව ඔවුන්ට පහදා දෙන්න.ඔවුන් සමඟ කතා කරන්න. ඔවුන්ට දකින දේ සහ අත්විඳින දේ ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි ඒවා පිළිබඳව පැහැදිලි කරන්න.

ඔවුන්ගේ ඉන්ද්‍රියයන් හරහා ලෝකය අත් විඳීමට උපකාරී වන මෙය ඔවුන් දකින, ඇසෙන හා අල්ලන දේමිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හේතු වේ.

 

2. ඔවුන්ට කියා දෙන්න - ඔවුන් අත්විඳ ඇති සමහර අත්දැකීම් ශක්තිමත් කිරීමට කතාන්දර හොඳම මාර්ගයකි. එහෙයින් ඔවුන් සඳහා කතාන්දර පොත් තෝරා ගැනීමේදී වඩාත් සැළකිලිමත් වන්න.ඔබේ දරුවා පවසන,කරන සහ සිතන දේ හැඩගස්වා ගැනීමට කතාන්දර උපකාරී වන අතර මේ සියල්ල ලෝකය පිළිබඳ ඔවුන් සිතන ආකාරය වර්ධන කිරීමට වැදගත් වේ.

 

3. විශේසයෙන් ලොකු - කුඩා, ඉහළ - පහළ, සතුට - දුක යනාදී සංකල්ප සහ හැඟීම් සම්බන්ධ ඔවුන්ගේ අවබෝධය ඉහළ නංවා ගැනීමට ඔබ කැමැත්තක් දක්වනු ඇත. ඔබ දෙදෙනාම දකින හෝ අත්විඳින දේ විස්තර කිරීම තුළින් මෙය සිදු කිරීමට හැකි වේ.

පළමුවත් දෙවනුවත් තෙවනුවත් ප්‍රධානතම දේ වන්නේ කතා කිරීමයි. ඔබේ දරුවාට ඇසෙන පරිදි සරල වචන හා ක්‍රියාවන් සහ ප්‍රකාශන භාවිත කරමින් කතා කරන්න. ඒවා පිළිබඳ ඔවුන්ගේ ප්‍රශ්න අසන්න. ප්‍රතිචාර දැක්වීම සඳහා යම් කාලයක් ලබා දෙන්න. ප්‍රතිචාරයට ඇහුම්කන් දීමෙන් පසු ඔබට ඇසුන දේ ගැන ඔබ සිතන දේ වචනයෙන් ඔවුන්ට කියන්න. ඔබට එය නොතේරුණ හොත් දරුවාගේ කතාව අඩු කරනු ඇත. ඔබ කතා කරන විට විවිධ ස්වරයෙන් කතා කරන්න. එුවායෙන් ප්‍රශ්නය වන සේ ඔවුන්ට ඇසීමට ඉඩ සළස්වන්න.

ඔවුන් කතා කරන්නේ වචන කීයද? හෝ ඔවුන් කතා කිරීමට කෙතරම් පෙළඹවීමක් ලබා ඇත්ද? යන වග පිළිබඳ ගැටළුවක් නැත. ඔවුන්ට ආකර්ෂණීය ඉදිරියක් ඇත. එහෙයින් ඕනෑම අවස්ථාවක සංවාදයක් ඇති කර ගනිමින් එය රස විඳින්න.

 

උපදෙස

 සන්නිවේදනයේ බොහෝ පැතිකඩයන් ඇත. ඒ කතා කිරීම, ඇහුම්කන් දීම හා ඔවුන්ට ඇසෙන දේට ප්‍රතිචාර දැක්වීමයි. ඔවුන් ඉගෙන ගන්නේ ඔබගෙනි. ඔබේ ළදරුවා/දරුවා හොඳ සන්නිවේදකයකු බව ඔබ තහවුරු කර ගන්නේ කෙසේද? ඔවුන් ඔබෙන් ඉගෙන ගනිති. එසේ හෙයින් ඔවුන් ලබන සාර්ථකත්වයන් සැමරීමට අමතක නොකරන්න. එය ඔවුන්ගේ විශ්වාසය තව තවත් ඉහළ නැංවීමට හේතුවක් වනු නිසැකය.

Recommended Articles