අවුරුදු 1-5ත් අතර ඔබේ දරුවාගේ විටමින් අවශ්‍යතාව පිළිබඳ දැනගන්න

දරුවන්ගේ මාංශ පේශි, අස්ථි සහ මොළයේ ඉතා සීඝ්‍ර වර්ධනයක් සිදුවන කාලයක් ලෙස වයස අවුරුදු 5 දක්වා කාලය සඳහන් කළ හැකිය. (එස්. අමරසේකර, 2021) ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාව, ළදරුවන්ගෙන්, නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් බොහෝ දුරට වෙනස් වන අතර ක්‍රියාශීලි බව ඉහළ යාම මෙන්ම අනෙක් වයස්වලට සාපේක්ෂව ආමාශයේ ඉඩ ප්‍රමාණය අඩුවීම වර්ධනය කෙරෙහි විශේෂයෙන් බලපානු ලබයි. ඉන් අදහස් වන්නේ ඔබේ දරුවා ලබා ගන්නා ඉතා කුඩා ආහාර ප්‍රමාණය තුළ අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බෙහෙවින් අන්තර්ගත විය යුතු බවයි.(එස්. අමරසේකර, 2021) එහිදී සමබර ආහාර වේලක් ලබා දීම මෙන්ම ආහාර සම්බන්ධ ගැටළු සඳහා සුදුසු විසඳුම් ලබාදීම තුළින් කුඩා දරුවන්ගේ ස්ථුලතාව, මිටි බව, යකඩ ඌණතාව, විශේෂ පෝෂණ ඌණතා, දත් ආශ්‍රිත ගැටළු සහ වර්ධනය බාල වීමට හේතුවන සෞඛ්‍ය හා වර්ධන ගැටළු රැසක් වළක්වා ගැනීමට හැකියාව උදා වේ. (එස්. අමරසේකර, 2021).

තවද වයස අවුරුදු 1 - 5ත් අතර වයසේ පසුවන දරුවන් හට දෛනිකව ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් ලබාදීමට අමතරව ඔවුන්ගේ වර්ධනයට අත්‍යාවශ්‍ය විටමින් ලබා දීම වෙනුවෙන් පහත නිර්දේශිත ආහාර පෝෂණයන් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

නිර්දේශිත ආහාර පෝෂණය (DRI)

ඔබේ දරුවාගේ මනා සෞඛ්‍යමත් වර්ධනයක් හා සංවර්ධනයක් වෙනුවෙන් පළමු අවුරුදු 5 දී පහත සඳහන් කර ඇති විටමින් අත්‍යාවශ්‍ය සාධකයන් ලෙස සළකනු ලබයි.

පෝෂ්‍ය පදාර්ථය අවුරුදු 1-3 දක්වා දරුවන් සඳහා DRI අවුරුදු 4-8 දක්වා දරුවන් සඳහා DRI
විටමින් A 300 mcg 400 mcg
විටමින් B12 0.9 mcg 1.2 mcg
විටමින් C 15 mg 25 mg
විටමින් D 600 IU (15 mcg) 600 IU (15 mcg)

(https://wb.md/2QGMmq9)

පළතුරු, එළවළු, ධාන්‍ය වර්ග, කිරි සහ ප්‍රෝටීන් වැනි දෑ ළදරුවන්ට හා වයස අවුරුදු 5ක් දක්වා වන දරුවන්ට විශේෂයෙන් විටමින් D වැනි විටමින් වර්ග ප්‍රමාණවත් නොවිය හැකිය.(එස්. අමරසේකර, 2021).

විටමින් A

විශේෂයන් නිරෝගී ප්‍රතිශක්තීකරණ පද්ධතියක් පවත්වාගෙන යාමටත්, ලෙඩ රෝගවලට එරෙහිව සටන් කිරීමටත් මෙන්ම මඳ ආලෝක තත්වයකදී හොඳින් පෙනීමත් වැනි කරුණු සඳහා විටමින් A සුවිසල් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.

චීස්, බිත්තර, තෙල් සහිත මාළු සහ කහ හෝ තැඹිලි පැහැ පළතුරු හෝ එළවළු වර්ගයන් (කැරට්, පෙපර්, පැපොල්, තක්කාලි සහ ඇප්‍රිකට්) විටමින් A සපිරි ආහාර ලෙස හඳුන්වා දිය හැකිය. (එස්. අමරසේකර, 2021).

විටමින් B 12

රුධිර සෛල සහ ස්නායු වල නිරෝගීබව වෙනුවෙන් බෙහෙවින් වැදගත් වන මොළයේ ස්නායු වර්ධනය සඳහාද ඉතාමත් වැදගත් වේ. එමෙන්ම DNA නිර්මාණය කිරීම, මනා පරිවෘත්තීය ක්‍රියාවලිය, ශක්තිය ලබා දීම මෙන්ම හදවතෙහි නිරෝගීබව පවත්වාගෙන යාම සඳහා ද වැදගත් පෝෂණීය සාධකයක් ලෙස සඳහන් කළ හැකිය.

මස්, කිරි හා බිත්තර වැනි සත්ව ආහාරයන්හි විටමින් ඊ 12 බහුලව අඩංගු වන අතර ශාකමය ආහාරයන් තුළ විටමින් ඊ 12 ප්‍රමාණය ඉතා අඩුය. (https://wb.md/3gTRrWE)

විටමින් C

රතු රුධිරානු සෛල, අස්ථි හා පටක සෑදීමට මෙන්ම ඒවා ප්‍රකෘතිමත් කිරීමට උපකාරී වන විටමින් C ඔබේ දරුවාගේ විදුරුමස් නිරෝගීමත්ව මෙන්ම ශක්තිමත්ව පවත්වා ගැනීමටද හේතුවේ. එමෙන්ම වැටීමෙන් සහ සීරීමෙන් නිසා ඇතිවන තැලීම් හේතුවෙන් වන රුධිර වහනය අවම කිරීමටද විටමින් C ඉතා වැදගත් වේ. ඊට අමතරව කැපීම් හා තුවාල සුව කිරීමටද දායක වන විටමින් C ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට මෙන්ම ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමටත් අත්‍යාවශ්‍ය පෝෂක පදාර්ථයක් ලෙසද සඳහන් කළ හැකිය. සුවිශේෂී ප්‍රති වේදනාකාරකයක් වන විටමින් C සතු ප්‍රති ඔක්සිකාරක ගුණය ශරීරයේ නිරෝගී භාවයට ඉතා වැදගත් කොට සැළකිය හැකිය. එමෙන්ම ආහාරයන්ගේ ඇති යකඩ අවශෝෂණය කර ගැනීමේ හැකියාවද විටමින් C සතුය. ( ළමා කාලයේදී කුඩා දරුවන්ට සහ ළදරුවන්ට ඇති විය හැකි රෝගාබාධයන් වළක්වාලීමට විටමින් C හේතු වේ. 2007,92,160 -164).

ස්ට්‍රෝබරි, පේර, දොඩම්, රතු බෙල් පෙපර්, පැපොල්, මිදි සහ කිවි ෆෘට් වැනි දේ විටමින් C සඳහා හොඳම ආහාර ප්‍රභවයන් වේ.

විටමින් D

දත් සහ අස්ථි නිරෝගීව පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වන විටමින් D අවශ්‍ය පරිදි නොලැබීම හේතුවෙන් මුල් ළමා වියේදීම මාන්දම වැනි රෝගී තත්වයන්ට පත් විය හැකිය. ළමා වයසේ පසුවන දරුවන් හිරු එළියට නිරාවරණය වීම අවම වීම හා ඔවුන් තුළ සිදුවන සීඝ්‍ර වර්ධනය වැනි කරුණු හේතුවෙන් විටමින් ඌණතාවයට විශේෂයෙන් ගොදුරු විය හැකිය. උදාසීන බව, නුරුස්නා ගතිය, වර්ධනය බාලවීම, ප්‍රමාද වී දත් හට ගැනීම, සන්ධි ඉදිමීම හෝ කකුලේ නැමෙන් ස්ථානයන්හි මාංශ පේශි වේදනාව හා හදිසි ආබාධ වැනි දේ විටමින් D ඌණතාවයේ පොදු ලක්ෂණයන් ලෙස පෙන්වා දිය හැකිය. හිරු එළිය සම මතට පතිත වීම තුළින් 90%ක් පමණ විටමින් D ශරීරයට ලැබෙන අතර ඉතිරිය ලැබෙන්නේ දරුවන්ගේ ආහාර වේල තුළිනි (10%). සමට හානි නොවන ආකාරයෙන් හිරු එළියට නිරාවරණය වීම හා විටමින් D වලින් පොහොසත් ආහාර දෛනික අහාර වේලට එක්කර ගැනීම තුලින් අවශ්‍ය විටමින් D පෝෂණය සළසා ගත හැකි වනු ඇත. (එස්. අමරසේකර, 2021).

Expert Name
ශ්‍යාමා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිණී
Image
vitamin-for-your-toddler
Meta Title
ඔබේ දරුවාගේ විටමින් අවශ්‍යතාව පිළිබඳ දැනගන්න | Growing Up