ක්‍රීඩාවේ වැදගත්කම

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ක්‍රීඩාවේ වැදගත්කම

Dinusha Manjarie Wickremesekera

ක්‍රීඩාව සුඛෝපභෝගී නැත. එහෙත් එය අත්‍යාවශ්‍යය ”- Kay Redfield Jamison

ප්‍රීතිමත් හා ඵලදායී ජීවිතයක් සඳහා මූලික අවශ්‍ය තුනක් පවතින බව සංවර්ධන මනෝ විද්‍යාඥ ඩේවිඩ් එල්කින්ඩ් මහතාගේ අදහසයි. ඒවා නම් අනෙක් අය සමඟ සම්බන්ධ වීම සඳහා ආදරය කිරීම, ශාරීරික හා සාමාජීය ජීවිතයේ ඉල්ලීම්වලට අනුවර්තනය වීමට වැඩ කිරීම සහ අප විසින් ලෝකයට අනුවර්තනය වීම හා නව අත්දැකීම් නිර්මාණය සඳහා ක්‍රීඩා කිරීම යි.

ජීවිත කාලය පුරාවටම වැඩ සහ ක්‍රීඩා සඳහා විවිධාකාරයේ වැදගත්කම් ලබා දීමට අපි කටයුතු කර ඇත. වැඩිහිටියන් ලෙස අප වැඩ කිරීමට වැඩි ඉඩක් ලබා දුන්නච ළදරු හා ළමා වියේදී සෙල්ලම් කිරීමට වැඩි කාලයක් වෙන් කර ඇතත් එය ක්‍රීඩාවට වෙන් කරන අඩු කාලයෙන් වෙනස් වේ.

කළ යුතු දේ වැඩිහිටියන් විසින් නොකියන විට දරුවන් සහ තරුණයින් සිදු කරන දේ ක්‍රීඩාව ලෙස අරුත් ගැන්විය හැකිය. ඔවුන් ඔවුන්ගේ රුචිකත්වයන් ඔවුන්ගේම ආකාරයෙන් සහ ඔවුන්ගේම හේතු අනුගමනය කරන විට ක්‍රීඩාව දරුවන්ගේ දෙයක් බව කිව හැකිය. කුමක් කළ යුතුද, කරන්නේ කෙසේද? යන්න තීරණය කරන්නේ දරුවන්ය. ඔවුන් තමන් සමඟ ඇති සම්පත් සමඟ නිර්මාණශීලීව කටයුතු කරන බැවින් ඔවුන්ගේ පරිසරය පාලනය කරනු ඇත.

ක්‍රීඩාවේදී ඔවුන් ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා නිපුණත්වයේ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් (ඇවිදීමට, සමබරතාවට, පයින් ගැසීමට, දිවීමට, විසි කිරීමට, ඇල්ලීමට යනාදී අපේ හැකියාවන්) සහ මනා යාන්ත්‍රික හැකියාවන් (අපගේ අත්, ඇඟිලි, සහ ඇස් සහ මහුණේ මාංශ පේෂි වැනි  ප්‍රමාණයෙන් කුඩා මාංශ පේශිවල වැඩි දියුණු කරන ලද සම්බන්ධීකරණය සහ හැසිරවීම) භාවිත කරමින් ප්‍රවීනත්වය ලබා ගනී. එය ඔවුන්ගේ භෞතික සංවර්ධනයට හේතු වේ. කතන්දරයක් නිර්මාණය කිරීම හෝ විවිධ සෙල්ලම් බඩු  භාවිතයන් ,සෙල්ලම් ප්‍රහේලිකා සකස් කිරීම වැනි දේ කුඩා දරුවන්ට ව්‍යායාම කිරීමට හා සංජානන හැකියාවන් පුළුල් කිරීමට පුරුදු කරයි. මුලින් තමන් විසින් හෝ තමන්ව රැකබලා ගන්නන් සමඟ සෙල්ලම් කරන ඔවුන් පසුව ක්‍රීඩා කිරීම සඳහා සම වයසේ දරුවන් සමඟ සමාජ ගත වීම ආරම්භ කිරීමටත් , පසුව ලොකු දරුවන් හා ලොකු කණ්ඩායම් සමඟ ක්‍රීඩා කිරීමටත් කටයුතු කරති. ක්‍රීඩා කිරීම අන් අය සමඟ සම්බන්ධ වීමට හා සංවේදන හැකියාවන් ඉහළ නැංවීමට දරුවන්ට උපකාරී වේ.

ඔබ ඔබේ දරුවා හෝ දරුවන් සමඟ ක්‍රීඩා කරන විට ඔබ ඔවුන්ට ලබා දෙන්නේ ඉතා වැදගත් පණිවිඩයකි. ඔබ මට වැදගත් බවයි. ඔබ ඔබේ දරුවා සමඟ ජිග්සෝ ප්‍රහේලිකාවක් පුරවමින් සිටින බව උපකල්පනය කරමු. එහිදී දරුවා ගැටළු විසඳන ආකාරය ඉගෙන ගනිමින් සිටින බව ඔබට වැටහෙනු ඇත. ඔබ සෙල්ලම් කරන විට මම මගේ පුංචි ඇස් දෙකෙන් දැක්කා... කොළ පාට දෙයක්... ඔබ සිතන්නේ කුමක්ද? යනුවෙන් ඔබේ දරුවාට තේරුම් ගැනීමට සළස්වන්න.ඔවුන් ඔවුන්ගේ අවබෝධය ඉහළ නංවන අතරම ඔවුන්ගේ පරිසරය දෙස ඔබේ ඇසින් බැලීමටද අවස්ථාව ලබා දෙයි.

දරුවන් විසින් මව්පියන් සම්බන්ධ කරගෙන හෝ තමන් විසින්ම හෝ වෙනත් දරුවන් හෝ සම වයසේ දරුවන් සමඟ , වැඩිහිටි හෝ කුඩා දරුවන් සමඟ සිදු කරන නිර්මාණ හෝ ක්‍රියා කලාපයන් වැඩිහිටියන් ලෙස ඔවුන්ට වැඩ කිරීමට උපකාරී වන සටන්කාමී බව, සතුට, පාරිසරික සම්පත්, ඉගෙනීමේ කුසලතා යන සියල්ල උදා කර දෙනු ඇති බැවින් වඩා ඵලදායී ලෙස හා සතුටින් සිටීමට ඔවුන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දෙන්න.

ඵලදායී ක්‍රීඩාව යනු තාක්ෂණය සමඟ සම්බන්ධ වීම හෝ රූපවාහිනී නැරඹීම නොවේ. එය ඉතා සුලුවෙන් සිදු කිරීම යහපත් වුවත් අපිරිසිදු වීමට, වෙහෙසට පත්වීමට, සිනාසීමට, ඇඬීමට, වාද භේද විසඳා ගැනීමට ක්‍රීඩා කිරීම ඉතා වැදගත් වේ.

ක්‍රීඩා අදහස්

1. මැටි සමඟ සෙල්ලම් කිරීම

2.විවිධ නිර්මාණය කළ හැකි බ්ලොක් සමඟ ක්‍රීඩා කිරීම

3. ද්‍රව්‍ය සමඟ නිවසක් සෑදීම

4. නිවසේ ඇති සෙල්ලම් බඩු සමඟ ක්‍රීඩා කිරීම

Recommended Articles