Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

අවුරුදු 1 -4ත් අතර කුතුහලයෙන් පිරි ක්‍රියාශීලී ගැහැණු හෝ පිරිමි ළමයකු සිටින දෙමව්පියෙක් නම් කේන්ති ගැනීම ඔබට අමුතු අත්දැකීමක් නොවනු ඇත. දරුවන් බොහෝ ප්‍රමාණයක් සතියකට වරක් හෝ දෙවරක් මෙම තත්වයට මුහුණ දෙනු ඇති අතර ඔබේ කෝපය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් දරුවන් විවිධ හේතු නිසා කලකිරීමට ද පත්වනු ඇත.

සැබැවින්ම කෝපය යනු කුමක්ද ?

එය හැඟීම්වල පිපිරීමක් ලෙස සරලව පැහැදිලි කළ හැකිය. තමන්ට පාලනය කළ නොහැකි හැඟීම් මුදා හැරීමේ මාර්ගයක් ලෙස සිදුවන අතිශය ආක්‍රණශීලී හැසිරීම් හේතුවෙන් දරුවන් හැඬීම, කෑ ගැසීම, අඩිය පොලොවේ හැප්පීම, බිම පෙරලීම හෝ  තමන්ම බිම ඇදගෙන වැටීම වැනි ප්‍රතිචාර දැක්වීමට පටන් ගනු ඇත.

දරුවාගේ වර්ධන ක්‍රියාවලිය තුල කෝපයට පත්වී යනු සාමාන්‍ය තත්වයකි. එය සමහර අවස්ථාවන්හිදී දෙමව්පියන්ට මෙන්ම ඔහු වටා සිටින පුද්ගලයින්ට කරදරයක් විය හැකිය. ඔබේ දරුවා වෙනදාට වඩා කෝපයකින් පසුවේ නම් ඊට හේතු මොනවාද? සුදුසු තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද? යන්න පිළිබඳව දැන් ගැනීම ඔබට ඉතා වැදගත් වනු ඇත.

මෙහිදී අප මතක තබා ගත යුතු එක් දෙයක් නම් සෑම දරුවකුම එකම හේතු නිසා කලකිරීමට පත් නොව බවයි. එසේම තරහ යාම, අධි ක්‍රිකාරීත්වය හෝ නව තත්වයන්ට අනුකූල වීමට ඇති හැකියාව අඩුවීම වැනි හේතු නිසාද ඇතැම් දරුවන් අනෙක් අයට වඩා කෝපයට පත් වීමේ ප්‍රවණතාවක්ද ඇත. සමහර දරුවන් කෝපයට පත් වන්නේ තමන්ගේම ක්‍රමයක් ඇති කර ගැනීමට හෝ තමන්ගේ කලකිරීම් මුදා හැරීමේ ක්‍රමයක් ලෙසය. දරුවන් වෙහෙසට පත් වූ විට හෝ කුසගින්නෙන් පෙළෙන විට පහසුවෙන් කලකිරීමටත් කෝපයටත් පත්වීම සියලු දරුවන්ට පොදු තත්වයක් ලෙසද පෙන්වා දිය හැකිය.

කේන්තිය අරමුණු සහගත විය හැකිද?

ඊට පිළිතුර නම් නැහැයන්නයි. එය කුඩා දරුවන්ට ඔවුන්ගේ අධික කලකිරීම ප්‍රකාශ කිරීමේ ක්‍රමයකි. දරුවා වර්ධනය වන විට එය අඛණ්ඩව පැවතියහොත් එය පුරුද්දක් බවට පත්විය හැකි අතර දෙමව්පියන් ශිල්පීය ක්‍රමයන් භාවිතයෙන්  දරුවාගේ කේන්තිය සමඟ කටයුතු කිරීම තුළින් එම තත්වය වළක්වා ගැනීමට හැකියාව උදා වේ. ඒ කෙසේ වුවද කෝපයෙන් කටයුතු කරන සෑම දරුවකුගේම හැසිරීම ඔහුගේ ජීවිතයේ අත්විඳින බුද්ධිමය හා චිත්තවේගීය ක්‍රියාවලීන් මත රඳා පවතී.

කෝපය සමඟ වඩා හොඳින් කටයුතු කිරීමට උපදෙස්

අපගේ දරුවා කෝපයට පත් වන විට අප පළමුව මතක තබා ගත යුතු කරණ වන්නේ සියලුම දරුවන්ගේන් අඩකට වැඩි ප්‍රමාණයක් නිතිපතා කෝප සහගත හැසිරීම් ප්‍රදර්ශනය කරන බවත් එය අල්ත් දෙයක් නොවන බවත්ය. ඒ සම්බන්ධයෙන් ඔබව අපහසුතාවයට පත් කිරීම එම කරුණ නිසා බෙහෙවින් වළක්වාලනු ඇත.

මෙවන් දුෂ්කර තත්වයක් තුළදී ඔබේ දරුවා සමඟ කටයුතු කිරීමට නම් ඔබ සන්සුන්ව සිටීම ඉතා වැදගත් වේ. එහිදී ඔහුගේ කෝපය සම්බන්ධයෙන් අප ප්‍රතිචාර දක්වන ආකාරය ඉතා වැදගත් වනු ඇති බැවින් අප ප්‍රකෝපකාරී ලෙස ක්‍රියා නොකළ යුතුය.එසේ නොමැති වුවහොත් දරුවාගේ කෝපය තවත් නරක අතට පත්විය හැකි අතර ඔහුද ඊට ප්‍රතික්‍රියා කිරීමට පටන් ගනී.

ඉන් කිසිඳු අනතුරක් සිදු නොවන්නේ නම් ස්වභාවිකවම දරුවාගේ කලකිරීම අඩු වන බව ඔබට පෙනෙන තුරු සිදුවෙමින් පවතින දේ පිළිබඳව නොසලකා හැරීමට වුවද හැකි වේ.

මව හෝ භාරකරුවා ලෙස ඔබ විසින්ම එය පාලනය කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් වන්නේ වෙනත් වැඩිහිටියකු ඊට මැදිහත් වීමට කටයුතු කළහොත් එම තත්වය වඩාත් නරක අතට පත්වීමට ඉඩ ඇති හෙයින් දරුවා ඉන් ඈත් කිරීමට කටයුතු කිරීම වඩාත් සුදුසුය.

ඔබට සවන් දීමට දරුවාට හැකියාව ඇති බව ඔබ දකින්නේ නම් දරුවා සමඟ මිත්‍රශීලීව කතා කරන අතරම සෑම විටම ඔබ පාලනයෙන් යුතුව කතා කිරීමට වග බලාගන්න.

ඔබේ දරුවා සම්පූර්ණයෙන් සන්සුන් වූ පසු කෝපයෙන් සිටින විට දරුවා සමඟ දැනෙන ලෙස කතා කරන්න. ඔහුට කොතරම් අපහසුතාවක් දැනුනේද යන්න පැහැදිලි කර ඕනෑම ප්‍රශ්නයක් විසඳීමට ඊට වඩා හොඳ ක්‍රමයක් ඇති බව දරුවාට කියා දෙන්න.  ඔහුට/ඇයට කෝපය

 

ලිහිල් කිරීමේ ශිල්පීය ක්‍රම පුහුණු කිරීමට ඔබේ සහයෝගය ලබා දීම

ඉහත දැක්වූ කරුණු හැරුණු විට කෝපයට පත්වීමේ තත්වය පාලනය කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ කල් ඇතිව එය සිදුවීම වැළැක්වීමයි. ඒ නිසා ඔබේ දරුවා තුළ කෝපයක් ඇති කළ හැකි තත්වයන් හා හේතු පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන්න. මේවා එක් දරුවකුගෙන් තවත් දරුවකුට වෙනස් විය හැකි බවද මතක තබා ගන්න.

ඔබේ දරුවා කෙමෙන් වැඩෙන විට මෙන්ම ඔවුන්ගේ සිවයං නියාමන හැකියාවන් ඉහළ යන විට කෝපයට පත් වීමද අඩු විය හැකිය. එසේ වසර හතරකට පසුවත් මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් හා කෝපයේ තත්වය නරක අතට හැරෙන බව දුටුව හොත් ඊට වෘත්තීයමය මැදිහත් වීමක් ලබා ගැනීම වඩාත් සුදුසු වනු ඇත.

කුඩා දරුවන් වැඩිහිටියන්ගේ විශාල හැඟීම් හමුවේ යටපත් වූ විට ඔවුන්ගේ අවුල් ජාලය තව තවත් වැඩි කිරීම නොව අපගේ කාර්යය විය යුත්තේ සන්සුන්කම බෙදාහදා ගැනීමයි.

උපදෙස - කෝපය පාලනය කිරීම

1. සන්සුන් වන්න

2. සන්සුන්වීම තව දුරටත් ආරක්ෂිත නම් ඔබේ දරුවාට සන්සුන් වීමට කාලය ලබා දෙන්න

3. අන් අයගේ මැදිහත් වීම වළක්වන්න

4. දරුවා එම තත්වයෙන් ඉවත් කර සංසුන් ස්ථානයකට ගෙන යන්න

5. සියලු දේ යථා තත්වයට පත් වූ පසු ඒ පිළිබඳව කතා කරන්න

 

 

 

Recommended Articles