පෝෂණය, අස්ථි හා දන්ත සංවර්ධනය අතර සම්බන්ධය

දන්ත පටක හා අස්ථි කොටස් වර්ධනය සඳහා පෝෂණය ඉටුකරන්නේ සුවිසල් කාර්ය භාරයකි. එහිදී යහපත් දන්ත සෞඛ්‍යයට හේතුවන හිතකර මුඛ සෞඛ්‍යයක් ඇති කිරීම සඳහා පෝෂණය මූලික වශයෙන් දායක වේ. (එස්.අමරසේකර, 2021).

දරුවෙකු විසින් පරිභෝජනය කරනු ලබන ආහාරයන්හි ගුණාත්මකභාවය, ප්‍රමාණය හා වාර ගණන අනුව එම ආහාරමය සාධක සමඟ ක්ෂුද්‍ර ජීවීන් මුඛ රෝග සඳහා බොහෝ දුරට බලපෑම් කරනු ලබයි. (එස්.අමරසේකර, 2021)

මානව ඇට සැකිල්ලේ වර්ධනය හා සංවර්ධනය සදහා පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්, ප්‍රෝටීන්, ෆෝලේට්, කැල්සියම් හා විටමින් D වැනි විවිධ පෝෂක කොටස් අවශ්‍ය පරිදි ලබා දිය යුතුය (https://bit.ly/3hiiWJQ)  ඉහත සඳහන් කළ පෝෂක කොටස් නොලැබී යාම මිටි බව, මාන්දම සහ වෙනත් අස්ථි අසාමාන්‍යතා ඇති වීමට හේතු විය හැකි අතර ඒ තුළින් දරුවාගේ ජීවිතයටද පසු කාලීන බලපෑමක් එල්ලවීම වළක්වාලිය නොහැකි වනු ඇත.(එස්.අමරසේකර, 2021)

දන්ත සංවර්ධනය

දරුවන්ගේ මුඛයේ පටක වර්ධනය සඳහා පෝෂණය විශේෂයෙන් වැදගත් වන්නේ ඔවුන්ගේ පෝෂණීය අවශ්‍යතාව නිසා පමණක්ම නොවේ. මෙම මුඛ පටකයන් සමඟ දෙවරක් ස්පර්ශ වීම හේතුවෙනි. මුලින් ආහාර සැපීමෙන් හා ආහාර ගැනීමෙන් මෙසේ සපර්ශ වන අතර  දෙවනුව ආහාර ජීර්ණය වී පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමෙන් පසු මුඛයේ පටක වලට රුධිර සංසරණ පද්ධතිය හරහා පෝෂණය සපයනු ලබයි. (එස්.අමරසේකර, 2021)

ප්‍රධාන පෝෂක කොටස්

කැල්සියම්, විටමින් C සහ විටමින් D දන්ත සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන අතර එහිදී කැල්සියම් සහ විටමින් D දන්ත ආරක්ෂාව හා දත්වල ඝනත්වය ඉහළ නැංවීම සඳහා සංයෝගයන් ලෙස ක්‍රියා කරනු ලබයි. (https://bit.ly/33uJGP4).

පෝෂක ප්‍රභවයන්

බොහෝ දරුවන් සඳහා කැල්සියම් ලබා දෙන ප්‍රධාන ප්‍රභවය වන්නේ කිරි ය. චීස්, කිරි සහ අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදන ඊට අයත් වේ. බොකුටු ගෝවා, නිවිති සහ බාකෝලි වැනි තද කොළ පැහැ එළවළු ඉහළ කැල්සියම් ප්‍රතිශතියක් සහිත නිර්මාංශික ආහාරයන් ලෙස පෙන්වා දිය හැකිය. හිරු එළියට නිරාවරණය වීම තුළින් ප්‍රධාන වශයෙන් විටමින් D සපයා ගත හැකි අතර ඔබේ දරුවාගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් විටමින් D ලබා ගැනීම සඳහා උදෑසන හා මධ්‍යහන අතර කාලයේදී දිනකට විනාඩි 10 -30 ත් අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම ප්‍රමාණවත් වේ. (https://bit.ly/3w3k6Nr)

විටමින් C විදුරු මස් සහ මුඛයේ ඇකි සියුම් පටක ශක්තිමත් කරන අතර එය විදුරු මස් රෝගයේ මූලික අවස්ථාව වන දත්මුල් ඉදිමීම වළක්වාලීමට හේතු වේ. එසේම දත්වල එනමලය ශක්තිමත් කිරීමද එය උපකාරී වේ.

ස්ට්‍රෝබරි, අඹ, පැපොල්, දොඩම්, නාරං සහ දේශීය දොඩම් වැනි පැඟිරි පළතුරු, බෙල් පෙපර්, බ්‍රොකොලි, බ්‍රසල්ස් පැළ සහ අර්තාපල් විටමින් C බහුලව ඇති ආහාරයන් ලෙස හඳුන්වා දිය හැකිය. ප්‍රමාණවත් ලෙස විටමින් C ලබා ගැනීම සඳහා ඉහත ආහාරවලින් දිනකට දෙවරක් හෝ තෙවරක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය. (එස්.අමරසේකර, 2021)

අස්ථි සංවර්ධනය

ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතාව සපුරාලීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු ප්‍රධාන අස්ථි පෝෂක පදාර්ථ ලෙස කැල්සියම්, විටමින් ෘ සහ මැග්නීසියම් සඳහන් කළ හැකියි.(එස්.අමරසේකර, 2021)

උප ගන්නා බොහෝ ආහාරයන්හි කැල්සියම් අන්තර්ගත වුවද කැල්සියම් බහුලව ඇත්තේ කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගේය. දෛනික කැල්සියම් අවශ්‍යතාව වයස සමඟ වෙනස් වන අතර අවුරුදු 7ත් -12ත් අතර වයස් කාණ්ඩවල දරුවන් සඳහා දෛනිකව 1000 -1300පට පමණ ලබා ගත යුතු බවට නිර්දේශ කොට ඇත. (https://bit.ly/3tDmxo3).

කැල්සියම් හා විටමින් නිසි ලෙස අවශෝෂණය කර ගැනීම සඳහා අවස්ථාව සළසා දෙනුයේ මැග්නීසියම්ය. ගෝවා, බොක් චෝයි, බණ්ඩක්කා, වැනි කොළ පැහැ එළවළු මෙන්ම පොපි, තල, කස කසා වැනි ධාන්‍ය වර්ගවලත්, ඇට වර්ග, රනිල කුලයට අයත් බෝග, ධාන්‍ය වර්ග සහ අලි ගැට පේර මැග්නීසියම් බහුලව අඩංගු ආහාරයන්ය. (එස්.අමරසේකර, 2021)

පෙස්පරස්, පොටෑසියම් සහ විටමින් A යන පෝෂකයන්ද අස්ථි සෞඛ්‍යයට වඩාත් හිතකර සාධකයන් බවට පිළිගෙන ඇත.

මෙහිදී පොස්පරස් වැදගත් වන්නේ අස්ථි වර්ධනයට හානිකර විය හැකි ආම්ලික ආහාර උදාසීන කිරීම සඳහායි.

සෝයා බෝංචි, මාළු, මස්, කිරි, බිත්තර, රනිල කුලයට අයත් ධාන්‍ය වර්ග වැනි ප්‍රෝටීන් බහුල ආහාරයන්හි පෝස්පරස් බහුලව අඩංගු වේ. (https://bit.ly/3tDmxo3).

ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී නිපදවෙන අම්ල උදාසීන කිරීම සඳහා හේතු වන පොටෑසියම් බොහෝ පළතුරු , එළවළු වල මෙන්ම බෙල්ලන්, බෝංචි සහ ධාන්‍ය වර්ගයන්හි අන්තර්ගත වේ.

අස්ථි වර්ධන සෛල හෙවත් ඔස්ටියෝබිලාස්ට්  කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරනු ලබන විටමින් A බතල, නිවිති, කැරට්, බිත්තර, අඹ, කොමඩු සහ හරක් මස් අක්මාව තුළින් දෛනිකව සපයා ගැනීමට නිර්දේශ කර ඇත.(එස්.අමරසේකර, 2021)

දරුවන්ගේ දෛනික ආහාර වේල ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය හා සංවර්ධනය වෙනුවෙන් මඟ පෙන්වනු ලබයි. නිවැරදි පෝෂ්‍ය පදාර්ථ හා පෝෂක ප්‍රභවයන් පිළිබඳ අවබෝධ කර ගැනීමෙන් ඔබට දරුවන්ගේ ප්‍රශස්ත වර්ධනයක් හා සංවර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් කර දෙනු ඇත.

Expert Name
ශාන්‍යා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
Image
පෝෂණය, අස්ථි හා දන්ත සංවර්ධනය අතර සම්බන්ධය