පෝෂණය හා රෝග කළමනාකරණය

අපගේ ශරීරයට ලබා දෙනු ලබන පෝෂ්‍ය පදාර්ථයන් තුළින් අපගේ සෞඛ්‍ය, වැඩීම ක්‍රියාකාරී හැකියාවන් යන සියලු දේ වර්ධනය කරන අතරම රෝග වැළැක්වීම සඳහාද ඉටු කරන්නේ වැදගත් කාර්ය භාරයකි. යහපත් සෞඛ්‍යයක් මෙන්ම බෝ නොවන රෝග වැළැක්වීම සඳහා වන මූලිකම සාධකය වන පෝෂණය පිළිබඳව කතා කරමු. (එස්. අමරසේකර, 2021)

පෝෂණය හා බෝවන රෝග යන දෙකම විවිධ පැතිවලින් එකිනෙකට සම්බන්ධ වේ. පළමුව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට පෝෂණය බලපානු ලබන අතර බෝ නොවන රෝග (උදා - අමාශ ආන්තරයික ආසාදන), ආහාර විෂ වීම, බඩවැල් රෝග සහ පද්ධතිමය බෝ වන රෝග සඳහාද බලපෑම් එල්ල කරනු ලබයි. එසේ නම් පෝෂණය රෝග කළමනාකරනයට (https://bit.ly/2Namq4a) හරියටම බලපාන්නේ කෙසේද? පළමුවෙන් ගතහොත් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම තුළින් රෝග සඳහා පොදු පෝෂණ හේතුව වන තරබාරු බව වළක්වා ගත හැකිය.

තරබාරුකම යනු 2 දියවැඩියාව, ඔස්ටියෝ පුරෝසිස්, ආඝාතය, හෘද රෝග, වැනි බොහෝ රෝග තත්වයන් සඳහා වන ප්‍රධානතම අවදානම් සාධකයක් ලෙසද සඳහන් කළ හැකිය. සීනි, මේද හා කැලරි අධික ආහාර ගැනීම තුළින් ඔබේ ශරීරයට අමතර බරක් එකතු විය හැකි අතර ඒ තුළින් අස්ථි දැඩි ලෙස දුර්වලව ක්‍රියා කරයි. මෙය ස්වභාවිකවම අනාගතයේදී ඔබව දැඩි සෞඛ්‍ය අවදානමකට ලක් කරනු ඇත (https://wb.md/3eE7l6x).

 

සමහර පෝෂ්‍ය පදාර්ථයන් ශරීරයේ ඇතැම් කොටස්වලට බලපෑම් ඇති කරන බව මතක තබා ගන්න. ප්‍රමාණවත් තරම් කැල්සියම් නොමැති වීම නිසා ඔබේ අස්ථි සෞඛ්‍යයට අහිතකර, දුර්වල හා බිඳෙන සුලු බවට පත් විය හැකිය. එහෙයින් කැල්සියම් බහුල ආහාර වේලක් තුළින් ඔස්ටියෝපුරෝසිස් වළක්වා ගැනීමට අවකාශ සැලසෙන අතර සංතෘප්ත මේදය හා හෘදය වාහිනී රෝග සම්බන්ධයෙන්ද ඇත්ත් එවන් සම්බන්ධතාවයකි. එනම් ආහාර වේලෙහි අධික සංතෘප්ත මේදය අඩංගු වීම කොලෙස්ට්‍රෝල් සහ අධි රුධිර පීඩනයට හේතු විය හැකිය. ඒවා හෘදවාහිනී රෝග තත්වයන් සඳහා බලපානු ලබන ප්‍රධාන සාධකයන් වේ. ( එස්. අමරසේකර , 2021)

එසේම සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම තුළින් ඔබේ මනෝභාවයන් වැඩි දියුණු කළ හැකි අතර ඒ තුළින් ශාරීරික ක්‍රියාකාරකම්ද ඉහළ නංවන ලබයි. ඔබ ධනාත්මක මනෝභාවයකින් සිටීනම් ක්‍රියාශීලීව ගත කිරීමේ වැඩි ඉඩකඩක් ඔබ සතුය. නිවැරදි ආහාර ගැනීම ඔබට සතුටින් තැබීමට හේතු වන හෙයින් සෞඛ්‍ය සම්පන්න ව්‍යායාම වැඩි කිරීමටද හේතු වනු ඇත. දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් සිදු කිරීම රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය වන බැවින් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමද ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. ( එස්.අමරසේකර 2021)

අධි ඝනත්ව ලිප්‍රොප්‍රෝටීන් ලෙස හඳුන්වනු ලබන හොඳ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය ඉහළ නැංවිමට සහ සෞඛ්‍යයට අහිතකර කොලේස්ට්‍රෝල් අඩු කිරීමට උපකාරී වේ. මෙය හෘද රෝග,ආඝාතය, මෙටබෝලික් සින්ඩ්‍රෝම්, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානමට ඍජුවම බලපෑම් ඇති කරන අතර එමඟින් ඔබේ රුධිර ගමනා ගමනය වඩා හොඳින් සිදුවනු ඇත. වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභවය තුළින්  ඔබේ HDL කොලේස්ට්‍රෝල් මට්ටම වඩා යහපත් වන අතරමඑ ය රෝග වළක්වා ගැනීමටද වඩාත් උපකාරී වනු ඇත.

පෝෂ්‍යදායී ආහාරයක් තුළින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභයන් ප්‍රතික්ෂේප කළ නොහැකි අතර ඔබේ ජීවන රටාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඇතුළත් කර ගැනීම තුලින් ජීවිතයට තර්ජනයක් ඇති කරන බරපතල රෝග වලින් ඇතිවන අවදානම ස්වභාවිකවම අඩු වේ. (එස්. අමරසේකර, 2021)

අපගේ දෙනික ආහාර වේලට ඇතුළත් කරගත යුතු ආහාර වර්ග මොනවාද? ඒ සඳහා මම නිර්දේශ කරන හොඳම නිර්දේශ 3 මෙයයි.

1. බෙරි වර්ග - ඔබේ ආහාර වේලට එකතු කරගත හැකි විශිෂ්ට ආහාර කාණ්ඩයක් ලෙස බෙරි වර්ග හඳුන්වා දිය හැකිය.ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුත් ඒවා පිළිකා සහ හෘද රෝග වැනි නිදන්ගත රෝගවලට හේතු විය හැකි සෛලවලට හානි කරනු ලබන ප්‍රධාන අණු උදාසීන කිරීමට උපකාරී වේ. එසේම බෙරි, විශේෂයෙන් කැන්බෙරි වැනි මුත්‍රා ආසාදන අවම කිරීමටද උපකාරී වේ.  ( එස්. අමරසේකර 2021)

2. අඳුරු කොළ පැහැති කොළ වර්ග

රෝගවලට එරෙහිව සටන් කරන හොඳම ආහාරයක් වන්නේ නිවිති, ගෝවා සහ ගොටුකොළවල සිට අඳුරු පැහැ සලාද කොළ දක්වා සියල්ල ඇතුළත් වේ. මෙම එළවලු විටමින්, ඛනිජ ලවණ, බීටා - කැරොටින්, විටමින් සී ෆෝලේට්, යකඩ, මැග්නීසියම්, කැරොටිනොයිඩ්, ෆයිටාකෙමිකල් සහ ප්‍රති ඔක්සිකාරයන්ගෙන් පරිපූර්ණය. හාවඩ් විසින් සිදු කළ අධ්‍යනයකින් හෙලි වී ඇත්තේ නිවිති වැනි මැග්නීසියම් බහුල ආහාර ගැනීමෙන් කාලයත් සමඟ දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කළ හැකි බවයි. .(https://bit.ly/2Q0y5nl).

3. බෝංචි හා රනිල කුලයට අයත් බීජ

මෙම කුඩා පෝෂ්‍යදායී ආහාර ශාක රසායනික ද්‍රව්‍යයන්ගෙන් පිරී ඇති මේවා මේදය රහිත උසස් තත්වයේ ප්‍රෝටන් ප්‍රභවයක් ලෙස හැඳින්විය හැකි අතර ඒ තුළ ෆෝලික් අම්ලය, තන්තු, යකඩ, මැග්නීසියම් සහ කැල්සියම් කුඩා ප්‍රමාණයක්ද අන්තර්ගත වේ. බෝංචි යන් මිල අඩු විශිෂ්ට ප්‍රෝටීනයක් වන අතර අඩු කැලරි සහිත නිර්මාංශ ආහාර සඳහා විශිෂ්ට විකල්පයක් ලෙසද සඳහන් කළ හැකිය.

 

බෝංචි සහ රනිල කුලයට අයත් බෝග සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ සැලැස්මේහි කොටසක් ලෙස නිතිපතා ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අවම කිරීමට හැකි වන අතර රුධිරයේ සීනි මට්ටම ස්ථාවර මට්ටමකට පත් කර කැලරි කිහිපයක් මඟින් ඔබව සම්පූර්ණ කර ශරීරයේ බර පාලනය කිරීමද සිදු කරයි. එබැවින් හැකිතාක් සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග ආහාරයට ගැනීම සඳහා දැනුවත්ව කටයුතු කළ යුතු වන්නේ අවසානයේදී සුව කරීමට වඩා වැළැක්වීම වඩා හොඳ වන බැවිනි.

Expert Name
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
Image
Nutrion and disease management.
Meta Description
පෝෂ්‍ය පදාර්ථ අපගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට සහ රෝගවලින් එය වළක්වා ගැනීමට උපකාරී වේ