Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

වගකීම් සහගත වීමට දරුවන්ට ඉගැන්වීම

Nimali Buthpitiya

අභියෝගාත්මක හා වැදගත් කාර්යයන් ගෙන් පිරී ඇති දෙමාපිය කටයුතු අතරින් වගකීම් සහගත වීම සඳහා දරුවන් පුහුණු කිරීමද තවත් එක් කාර්යයක් ලෙස සඳහන් කළ හැකිය.

ඇමරිකන් කොමියුනිට්ස්වාදියකු වන Abigail Van Buren  වරක් පවසා තිබුණේ දරුවන්ට දෙපයින් නැගී සිටීමට අවශ්‍ය නම් ඔවුන්ගේ උර මත වගකීමක් පටවන්න යනුවෙනි. තවත් දාර්ශනිකයකු ඒ පිළිබඳව සඳහන් කර තිබුණේ ඔබේ දරුවන්ට දිය හැකි ලොකුම තෑග්ග වගකීමේ මූලයන් සහ ස්වාධීනත්වයේ පියාපත් බවයි.

එය එතරම් වැදගත් වන්නේ ඇයි? අද ඔවුන් කවුද? අනාගතයේදී ඔවුන් කවුරුන් වේවිද? යන්න කෙරෙහි එය කෙතරම් බලපෑමක් ඇති කරයිද? ඔවුන්ගේ කර මත යම් වගකීමක් පැටවීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

දෙමව්පියන් ලෙස අපේ දරුවන් දක්ෂ හා කාර්යක්ෂම වැඩුණු දරුවන් ලෙස ජීවත් වනු දැකීමට අපි මහත් වෙහෙස මහන්සි වෙමු. එය දැකීමට නම් අපි ඔවුන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද? අපි ඔවුන්ට ආදර්ශයක් වන්නේ කෙසේද? අපි ඔවුන්ව පුහුණු කිරීම ආරම්භ කළ යුත්තේ කවදාද?

දරුවකු වගකීම් සහගත වීමට පුරුදු කිරීම ඕනෑම වයසකදී ආරම්භ කළ හැකි දෙයකි.ඔබේ දරුවා පවුලේ වැදගත් කොටසක් බව දැන ගැනීමට සහ අත්දැකීමට සැළැස්වීම එහි ආරම්භයයි. මෙම දැනුවත් භාවය ඔවුන්ට පහසු ආකාරයෙන් පවුල් පරිසරය තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම වෙනුවෙන් අවබෝධ කර ගනිමින් කටයුතු කරන මට්ටමක් දක්වා තව දුරටත් දියුණු කළ හැකිය.මේ සියලුල තුළින් සිදු කරන්නේ ඔබේ දරුවා ඔබේ පවුලේ ක5ියාකාරී සාමාජිකයකු බවට පත් කිරීමයි. වගකීම පිළිබඳ හැඟීම  පැන නඟින්නේ එතැනිනි.

ක්‍රමානුකූලව නමුත් නිතිපතා එකම වෙලාවක වගකීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම කළ යුතුය. ඔබේ දරුවා පාසල් යන දරුවෙක් නම් පාසල් ආරම්භ වීමට පෙර උදෑසන වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න. සමහර දෙමව්පියන්ට මෙය එතරම් පහසු කටයුත්තක් විය නොහැකිය. බොහෝ දෙමව්පියන් තමදරුවා වෙන්වෙන් වන සෑම කුඩා දෙයක්මකිරීමට පුරුදුව සිටිති. එහෙත් ඔබ ළඟ නොමැති අවස්ථාවක දරුවන් හොඳින් එම අවස්ථාවන් සමඟ සාර්ථකව කටයුතු කරන අයුරු ඔබට දැක ගැනීමට අවශ්‍ය නම් මා යෝජනා කරන්නේ පාසල් දිනවලදී තරමක් උදෙන් නැගීටීමට ඔවුන්ට ඉඩ ලබා දීම, වතුර බෝතලය පිරවීම ඔවුන්ගේ කෑම පෙට්ටිය බෑග් එකට දමා ගැනීම හෝ මේස් සහ සපත්තු පැළඳ ගැනීම වැනි සුළු වැඩ කොටස් පැවරීම සිදුකළ යුතු බවයි.ඔවුන් වෙනුවෙන් ඔබ විසින් සෑම දෙයක්ම සිදු කරනවාට වඩා ඔවුන්ට උපකාරයක් අවශ්‍ය විටෙකදී ඔවුන් අසල සිටීම වැදගත්ය. ඔබේ පවුල යන් කණ්ඩායමක් බවත් එහි එක එක පුද්ගලයා ඉටු කළ යුතු කොටසක් ඇති බවත් දරුවන්ට අවබෝධ කර දෙන්න.

දරුවන් සඳහා දින චර්යාවක් හෝ කළ යුතු වැඩ ලැයිස්තුවක් සැකසීම තුළින් ඔවුන්ගේ දවස ගෙවන ආකාරය පිළිබඳ වගකීමක් ඇති කිරීමට හැකි වනු ඇත. එහෙත් දෙමව්පියන් ලෙස ඔබ එහිදී වඩාත් සාධාරණ විය යුතුය. එහිදී ඔවුන්ගේ හැකියාවට වඩා වැඩි කාර්ය සාධනයක් අපේක්ෂා කිරීම හෝ අවිවේකී කාල සටහනක් සමඟ ඔවුන්ගේ දවස පිරවීම කිසිසේත් සුදුසු නැත. ඔවුන් දිවා කාලයේදී කළ යුතු දේ පිළිබඳ ලැයිස්තුවක් ඔවුන් සමඟ එක්ව කලින් තීරණය කළ හැකිය. ඒ තුළින් ඒවා ඉටු කිරීම පිළිබඳ වගකීම් සහගත හැඟීමක් ඔවුන්ට දැනෙනු ඇත.

විශේෂයෙන් දවස ආරම්භයේදී උදෑසන කටයුත්තක් සිදු කිරීමට ඔවුන්ට සහාය වීම ඉතා වැදගත්ය. එහිදී ඔවුන්ගේ දත් මැදීමට හා මුහුණ සේදීමට, අලුත් ඇඳුම් ඇඳීමට, කිළිටි ඇඳුම් ඉවත් කිරීමට සහ ප්‍රමාද නොවී උදෑසන ආහාරය ගැනීමට සුදානම් කිරීමට ඔබට කටයුතු කළ හැකියි. අපේ දරුවන්ට කිරීමට අවශ්‍ය දේ වෙනුවෙන් දෙමව්පියන් පුරුද්දක් ලෙස මේ දේවල් සිදු කිරීම තුළින් ඔවුන්ට ආදර්ශයක් සැපයිය යුතුය. මේවා ඔවුන් සතු නව කුසලතා හා ආකල්ප සඳහා අපගේ සහයෝගය ලබා දීමට, ඔවුන්ව දිරි ගැන්වීමට මෙන්ම ආදර්ශයක් සැපයීමට වටිනාම අවස්ථාවන්ය.

ඒ කෙසේ වුවද ඔවුන්ට පුහුණු වගකීම් අත්‍යාවශ්‍ය බව මතක තබා ගත යුතුය. එහෙත් දෙමව්පියන්ගේ අවධානය සම්බන්ධයෙන් මනා සබඳතාවයක් වර්ධනය කිරීම අපගේ ඉලක්කය විය යුතුය. සෑම දරුවකුම එකිනෙකාට වෙනස්ය. එහෙයින් වගකීම් සහගත වන ආකාරය ඔවුන් පුහුණු කිරීමේදී ඔවුන්ට ගරු කළ යුතුය. එහිදී ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් ඒල්ල කිරීම හෝ අදාළ ක්‍රියාවලිය හරහා ඔවුන් ඉක්මන් කරවීමට උත්සාහ ගැනීම නොකළ යුතුය. අපි බල නොකරන තරමට තමන් වෙනුවෙන් යමක් කිරීමට හෝ විශ්වාසය ගොඩනගා ගැනීමට ඔවුන් තුළ ස්වභාවිකවම ආශාව ඇති වේ. ඔවුන් සෑම දිනකම වගකීම් සහග පුතෙකු හෝ දියණියක වීමට දරන ඉතා කුඩා උත්සාහයන් පවා ඔබ දකින සෑම විටකදීම ප්‍රශංසාවට ලක් කරන්න. එය අගය කරන්න.

Recommended Articles