Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

වත්මන් තත්වය තුළ දරුවන්ගේ ඉගෙනීම තුළ දෙමව්පියන්ගේ කාර්ය භාරය 1 කොටස

Nimali Buthpitiya

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බහුලව සාකච්ඡාවට ගැනෙන පොදු මාතෘකාවක් ලෙස දරුවන්ගේ ඉගෙනුම් කටයුතු වලදී දෙමව්පියන්ගේ කාර්ය භාරය සඳහන් කළ හැකිය. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාර්ග ගත ඉගෙනුම් ක්‍රමවේදය දරුවන්ට හඳුන්වා දීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තව දුරටත් වැඩි අවධානයක් යොමු  විය. මෙහිදී දරුවන්ට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව දෙමව්පියන් වෙත පැහැදිලි කිරීමට පාසල් කළමනාකාරීත්වය මෙන්ම අධ්‍යාපනඥයින් විසින් බොහෝ විට උත්සාහ ගත්තද වර්තමාන තත්වය තුළ එය දෙමව්පියන්ට දුෂ්කර හා අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව ඇති බව දක්නට හැකිය. ඔවුන්ගේ වෙනත් අත්දැකීම් හා සැසඳීමේදී මෙම තත්වය මනාව කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම පිළිබඳව දෙමව්පියන් ඍණාත්මකව නොසිතිය යුතුය. එමෙන්ම එය පවුලක් වශයෙන් අලුත් දේවල් රැසක් ඉගෙන ගැනීමට ඇති අවස්ථාවක් ලෙස සැළකිය යුතු බව මගේ විශ්වාසයයි.

අපට එය වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලිය හැක්කේ කෙසේද?

එහිදී පළමුවෙන් මතක තබා ගත යුතු දේ නම් මාර්ගගත හෝ නොවන ඉගෙනීම්හිදී දරුවන්ගේ උපරිම හැකියාවන් ළඟා කර ගැනීම සඳහා ඉගෙනුම් ක්‍රියාවලියට දෙමව්පියන්ගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය අංගයක් වන බවයි.  එහෙයින් උදා වී ඇති තත්වය අනුව වඩාත් ගැළපෙන ආකාරයෙන් කටයුතු කිරීමට මාර්ගගත පාසල් අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් වන අපකීර්තිමත් බව අවම කිරීම වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙල සකස් කිරීම වැදගත් වේ. ඒ හරහා අවබෝධය මඟින් තත්වය යළි යථා තත්වයට පත් කර ගැනීමට හැකි වනු ඇත.  ඔබ දෙමව්පියකු ලෙස ඔබේ දරුවාගේ ඉගෙනීම සඳහා ආයෝජනය කරනු ලබන කාලය හා උත්සාහය වසංගතය හෝ ඔබට අනපේක්ෂිත බරක් බවට පත්වීම නිසා ඔබ සිදු කරන දෙයක් ලෙස නොසැළකිය යුතු බව මින් අදහස් වේ.

ඔබේ දරුවාගේ පාසල් කටයුතු සමඟ ඔබට තවත් කාර්යයක් පැවරී ඇති බව සිතීම සාධාරණ වන්නේ ඔහුගේ හෝ ඇයගේ මාර්ගගත ඉගෙනීම්වලට ඔබගේ උදව් අවශ්‍ය වන නිසාය. මේ කාලය තුළ ඔබ ඉගෙන ගන්නා සෑම දෙයක්ම ඔබට අලුත් දෙයක් ලෙස පෙනිය හැකි අතර එය ඔබේ දරුවා තව දුරටත් අධ්‍යාපනයෙන් ඉහළට යාමට හේතුවක් වේ. එහිදී වඩා හොඳ හැකියාවන් වෙනුවෙන්  ඔබේ දරුවා ක්‍රමානුකූලව වර්ධනය කර සකස් කිරීමට එය හේතුවක් වනු ඇත. ඔබේ දරුවා පොත පතින් ඉගෙන නොගන්නා බොහෝ ජීවන අත්දැකීම් කියා දීමට මෙය කදිම අවස්ථාවක් වනු නිසැකය. ඔවුන් එසේ ලබන අත්දැකීම් කිසි දිනෙක වෙනස් නොවනු ඇත.

නැවත ආරම්භය වෙනුවෙන් පහත කරුණු ඔබට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

     දරුවන් අපේක්ෂා කරන දේ වෙනුවෙන් පැහැදිලි මඟ පෙන්වීමක් සඳහා නීති රීති හා මූලධර්ම සැකසීමේදී දෙමව්පියන් වශයෙන් ඔබගේ බලය පාවිච්චි කරන්න. පාඩම් අතරතුර ගෙදර වැඩ හෝ  හික්මීම සම්පූර්ණ විය හැකිය. රට වසා දැමීමේ දිනයන්හි පමණක් නොව අනෙක් දිනයන්හිදීද ක්‍රමවත් පවුල් පරිසරයක් ගොඩනැගීම සඳහා මෙය අත්‍යාවශ්‍ය සාධකයකි.

     මඟ පෙන්වීම, ගෙදර වැඩවලට උදව් කිරීම, ඔවුන්ගේ ගරුවරුන් සමඟ කතා කිරීම සහ ඉගෙනීම සම්බන්ධ ධනාත්මක පුරුදු ඇති කිරීම.

     ඔබේ දරුවන් ඉගෙන ගත යුතු යැයි ඔබ සිතන හැසිරීම් ආදර්ශනය කරන්න. අවධානය යොමු කිරීම, විනය ගරුක බව, අධීක්ෂණයකින් තොරව වැඩ කිරීම නිවසේ සිට හෝ මාර්ගගත රැස්වීම්වලදී නියමිත වේලාවට වැඩකිරීම වැනි ආදර්ශයන් ලබා දීම නිවසේ සිට වැඩ කරන දෙමව්පියන්ට ඉතා පහසුය.

     දරුවන් දිරිගන්වනසුලු ධනාත්මක ආකල්ප පවත්වා ගැනීම. දෙමව්පියන් වශයෙන් ඔබ දරන ආකල්පය පිළිබඳව සැළකිලිමත්වීම ඉතා වැදගත්ය. එසේ වූ විට ඔබේ දරුවන් අධෛර්යයට හෝ කලකිරීමට පත් නොවනු ඇත.

     සෑම දිනකම ඔබේ දරුවාට ඉලක්කයන් ලබා දෙන්න. ඔබ සමඟ එක්ව කාල සටහනක් සකස් කිරීමට ඔවුන්ට ඔබගේ සහාය ලබා දෙන්න. එහිදී දිනපතා කළ යුතු කාර්යයන් පිළිබඳව ඔවුන් දැනුවත් වනු ඇති අතර එම කාලය ගත කරන ආකාරය පිළිබඳව ඔවුන්ට වගකීමක් දැනෙනු ඇත.

     දවස පුරා සියලු දෙනා කෙතරම් කාර්ය බහුල වී සිටියද පවුල වෙනුවෙන් වන කාලය අතපසු නොකරන්න. ඔවුන්ගේ ආතතිය දුරු කර ගැනීමට, ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔවුන්ගේ අදහස් හා හැඟීම් ප්‍රකාශ කිරීමට සහ වඩාත් වැදගත්ම දේ පිළිබඳව සතුටු වීමට කාලය ලබා දෙන්න. ඉගෙනීම යනු පොත් පාඩම් කිරීම හෝ මාර්ගගතව පාඩම්වලට සවන් දීම පමණක් නොවේ.

     සෑම පවුලේ සාමාජිකයකුගේම වැඩ තත්වය අනුව ඊළඟ ඊළඟ දවසේ නියමිත කාල සටහන සහ එය ගත කරන ආකාරය සාකච්ඡා කරන්න. එවිට සියලු දෙනා ඊළඟ දවසට සූදානම් වනු ඇත.

     වැඩිදුර සහාය අවශ්‍ය බව ඔබට හැඟෙයි නම් ගුරුවරුන්ගෙන්, මිතුරන්ගෙන් හෝ වෙනත් දෙමාපියන්ගේ උපකාර, උපදෙස් හෝ තොරතුරු ඉල්ලා සිටීමට පසුබට නොවන්න.

මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය පිළිබඳ වඩාත් සාමකාමී හා ධනාත්මක වර්ධනය කර ගැනීම සඳහා වන ගමන ආරම්භකිරීමට මෙම කරුණු නිසැකවම ඔබට සහාය වනු ඇත. අභියෝග ජයගැනීමේදී ඔබ කරන්නේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ මානසික නිරවුල් බව අත්‍යාවශ්‍යය. එහෙයින් පගේ ආදරණීය දරුවන් සමඟ වර්තමානයේ පවතින තත්වයට මැදිහත් වීමට ඇති හොඳම ක්‍රමය සොයා ගැනීමට බාධා වන අප තුළ ඇති සියලු බාධක මුලින් ජයගැනීමට කටයුතු කරමු.

 

උපදෙස්

     දෙමව්පියකු ලෙස ඔබගේ බලය නීති රීති සහ මූලධර්මයන් සකස් කිරීමට යොදා ගන්න.

     ධනාත්මක හා දිරිගන්වනසුලු ආකල්ප පවත්වා ගැනීම

     ඔබේ දරුවන් ඉගෙන ගත යුතු යැයි ඔබ සිතන හැසිරීම් අනුගමනය කරන්න

     දරුවාට සෑම දිනකම ඉලක්කයක් ලබා දෙන්න

     පවුලේ කාලය අතපසු නොකරන්න

     පවුලක් ලෙස ඊළඟ දවස සාමුහිකව සැලසුම් කරන්න

     සහාය ඉල්ලීමට පසුබට නොවන්න

Recommended Articles