වයස අවුරුදු 1-5ත් අතර දරුවන් වෙනුවෙන් නිවසේදීම සකස් කළ හැකි පෝෂණීය ආහාර

දෙමව්පියන් ලෙස අපි සෑම විටම අපගේ දරුවන්ට වඩාත් පරිපූර්ණ හා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමට කැමැත්තෙමු. එහෙත් ඒ සඳහා අපට වේලාවක් නොතිබෙන්නට පුළුවන. එමෙන්ම ඒ වෙනුවෙන් යමක් සිතන්නට තරම් මානසික සහනයක් නොතිබෙන්නට පුළුවන.

අප දරුවාගේ දෛනික ආහාර වේලෙන් සුළු ප්‍රමාණයක් සම්පූර්ණ කරන්නේ ස්නැක් හෙවත් කෙටි ආහාරයන් වලිනි. ඒ නිසාම දරුවන්ට දෛනිකව අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථයන් මොනවාද ? දරුවාගේ නිරෝගී බව වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නිවසේදී සකස් කර ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව දෙමව්පියන් විසින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.

මෙහිදී ඔබ මෙන්ම ඔබේ පවුලේ අනෙකුත් සාමාජිකයන් දෛනිකව පරිභෝජනයට ගනු ලබන සෞඛ්‍ය සම්පන්න ආහාර ඔබේ දරුවන්ටද ලබා දෙන ලෙස මම නිරන්තරයෙන් දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කරමි. දරුවන්ගේ ආහාරයන්ට ඇති අකමැත්ත ඉහළ යාම වැළැක්වීම සඳහා මෙන්ම දරුවා විවිධ ආහාරයන් වෙත හුරු කරවීම සඳහා විවිධ සංයුතීන්ගේන සහ රසයන්ගෙන් යුත් ආහාර මීට ඇතුළත් විය යුතුය. නිවසේ සෞඛ්‍ය සම්පන්න ආහාර පිළියෙල කිරීමේදී ඊට ලුණු හෝ සීනි නොදැමීමට උත්තසාහ කරන්න. ඇතුළත් කළ යුතුනම් ඊට සෞඛ්‍ය සම්පන්න ආදේශකයක් භාවිත කිරීමට කටයුතු කරන්න. උදාහරණයක් ලෙස පිරිපහදු කළ සුදු සීනිවලට වඩා මී පැණී යොදා ගත හැකියි. ( එස්. අමරසේකර,2021)

නිවසේදී සකස් කරගනු ලබන ඔබේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් සඳහා විවිධ දේ ඇතුළත් විය යුතුය

  • පරිපූර්ණ ධාන්‍ය වර්ග
  • ප්‍රෝටීන්
  • එළවළු සහ පලතුරු (එස්. අමරසේකර,2021)

අවුරුදු 1-3 ත් අතර දරුවන් සඳහා සකස් කරගත හැකි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වර්ග මොනවාද?

  • අඩංගු කිරි සහ පරිපූර්ණ ධාන්‍යමය ආහාරයක් හෝ ඕට් සහිත ආහාරයක් තුළින් තන්තු සහ කැල්සියම් බහුලව ලබා ගත හැකිය.
  •  හරක් මස්, කුකුල් මස් හෝ ටෝෆු වැනි ප්‍රෝටීන් අඩංගු මස් කැබලි සහ මඳක් පිසගත් හෝ තම්බාගත් එළවළු තුළින් ප්‍රෝටීන් හා ක්ෂුද්‍ර පෝෂක කොටස් රැසක් හිමි කර දෙයි.
  • කුඩා පළතුරු කැබලි සමඟ කිරි හෝ යෝගට් යනු මනා කැල්සියම් ප්‍රභවයකි.
  • මෘදු නැවුම් පළතුරු කැබලි සමඟ පිරිසිදු යෝගට් කැල්සියම් හා ක්ෂුද්‍ර පෝෂක කොටස්වලින් පරිපූර්ණ ආහාරයකි.
  • පූර්ණ ධාන්‍යමය ක්‍රැකර් සමඟ තවරන ලද හෝ කුඩා කැට ලෙස ඇති චීස් තන්තු හා කැල්සියම් ගුණයන්ගෙන් ඉහළය.
  • නැවුම් පළතුරු සමඟ පරිපූර්ණ ධාන්‍යමය මෆින්, එය කේක් එකක් ලෙස පෙනෙන බැවින් ඊට දරුවන් බෙහෙවින් කැමති වනු ඇත. රසවත් හෝ පැණිරස මෆින් එකක් තුළට පළතුරු හෝ එළවළු වැඩි වැඩියෙන් එකතු කිරීමට මෙය ඔබට කදිම අවස්ථාවක් වනු ඇත.
  • ධාන්‍යමය ක්‍රැකර් හෝ පාන් මත රටකජු බටර් ස්වල්පයක් සහිත කෙටි ආහාරයක් ප්‍රෝටීන්, හිතකර මේද හා තන්තු බහුල ආහාරයක් වේ.
  • පරිපූර්ණ ධාන්‍ය ටෝස්ට් හෝ ක්‍රැකර් මත තවරාගත් අලි ගැටපේර හිතකර මේද හා තන්තුවලින් පොහොසත් ආහාරයකි.
  • යෝගට් සහ/හෝ පළතුරු පොප්සිකල් ඔබ යොදා ගන්නා පලතුරු මත විවිධ විටමින් වර්ගයන්ගෙන් පොහොසත් මෙන්ම රසවත් විනෝද ජනක සෞඛ්‍ය සම්පන්න ආහාරයක් වනු ඇත. ඒ සඳහා පැඟිරි පළතුරු හා බෙරි වර්ග වඩාත් යෝග්‍ය වනු ඇත.
  • පරිපූර්ණ ධාන්‍යමය පිටා හෝ නිවසේදී සක්ස් කරගත් රොටී සහ බීන් ඩිප් යනු ඒවායි.

අවුරුදු 3 - 5ත් අතර දරුවන් සඳහා ලබා දිය හැකි විකල්ප සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයන් මොනවාද?

  • බිත්තර, ටූනා හෝ කුකුල් මස් සැලඩ් වලින් සාදන ලද ත්‍රිකෝණාකාර සැන්විච්, සෞඛ්‍ය සම්පන්න පැණි රස කෑමක් ලෙස කපාගත් පළතුරු ස්වල්පයක් සමඟ පිළිගන්වන්න.
  • සම්පූර්ණ තිරිඟු පිටි වලින් සකස් කළ පිටා හා අමු එළවළු පොඟවා ගැනීමේ ආහාරයක් ලෙස හුම්මුස්
  • පිසගත් මාළු හා පීස් සමඟ දුඹුරු හෝ සම්පූර්ණ තිරිඟු පිටිවලින් සකස් කරන ලද පැස්ටා ඉතා හොඳ ප්‍රෝටීන් හා තන්තුමය ආහාරයකි.
  • රටකජු බටර්, මී පැණි හෝ පළතුරු ගල්වන ලද පරිපූර්ණ ධාන්‍යමය පෑන් කේක් හෝ වොෆ්ල්ස්
  • කුඩා ඔම්ලට් හෝ තැම්බූ බිත්තර, මෙය ඔබේ දරුවාට එළවළු වෙනත් ආකාරයකින් ලබා දීමට අවශ්‍ය නම් ඉතා හොඳ ක්‍රමයකි. එළවළු බිත්තරවලට පහසුවෙන් මිශ්‍ර කර ලබා දිය හැකිය. දරුවාට තවත් බඩගනි දැනේ නම් ඊට හොඳ සුසංයෝගයක් ලෙස පරිපූර්ණ ධාන්‍ය ටෝස්ට් කළ කුඩා පෙත්තක් ලබා දිය හැකියි.
  • පිසගත් ටොෆු කැබැල්ලක්, බතල සහ පරිපූර්ණ ධාන්‍යමය පැස්ටා
  • බෝංචි හෝ අඹරන ලද මස් පුරවන ලද  පරිපූර්ණ ධාන්‍යමය ටොර්ටිල්ලා , රසය සඳහා අලුත් තක්කාලි කිහිපයක් හෝ තක්කාලි පේස්ට්
  • පරිපූර්ණ ධාන්‍යමය මැකරෝනි සහ චීස්. ශක්තිය සඳහා අවශ්‍ය වන කැල්සියම්, තන්තු හා කාබෝහයිඩ්‍රේට්වලින් පොහොසත් ඒ සඳහා ප්‍රෝටීන් එකතු කිරීමට ඔබට ටූනා හෝ පීස් එක් කළ හැකිය.
  • තක්කාලි හෝ මස් ආනම සමඟ පරිපූර්ණ ධාන්‍යමය පැස්ටා කුකුල් මස්, හරක් මස්, ඌරු මස් හෝ ටෝෆු කුඩා කැබලි මඳ වශයෙන් පිසගත් එළවළු, සහ කුඩා රතු බත් හැන්දක් සමඟ බැද ගන්න.  
  • ටැකෝ හෝ පරිපූර්ණ ධාන්‍ය ටෝස්ට් සමඟ බේක් කරගත් බෝංචි
  • එළවළු, සහ ඔබේ කැමැත්ත පරිදි ප්‍රෝටීන් අඩංගු මස් සමඟ ගෙදරදී සකසා ගත් කුඩා පීසා

නිවසේදී සකස්කර ගත් සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ඔබේ දරුවාගේ පෝෂක අවශ්‍යතාවයන් ඉහළ නැංවීමට කදිම පියවරක් වන අතර එය සරල, සෞඛ්‍ය සම්පන්න හා රසවත් ආහාරයන් ලෙස ලබා දීමට කටයුතු කරන්න.

Expert Name
ශයනා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
Image
වයස අවුරුදු 1-5ත් අතර දරුවන් වෙනුවෙන් නිවසේදීම සකස් කළ හැකි පෝෂණීය ආහාර
Meta Title
වයස අවුරුදු 1-5ත් අතර දරුවන් වෙනුවෙන් පෝෂණීය ආහාර | Growing Up