වයස අවුරුදු 5ට අඩු ශ්‍රී ලාංකේය දරුවන් සඳහා ආහාර පදනම් කරගත් මාර්ගෝපදේශ

රටක නිශ්චිත මට්ටමේ පෝෂක පරිභෝජනයක් වෙනුවෙන් සාමාන්‍ය ජනතාවට මෙන්ම වෘත්තිකයන් හට ආහාර පදනම් කරගත් ආහාර මාර්ගෝපදේශයන් (FBDG) සඳහා නිර්දේශ සපයනු ලබයි. සමස්ත ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් සහ නිදන්ගත රෝග තත්වයන් අවම කිරීම සඳහා මෙම නිර්දේශ ඉදිරිපත් කොට ඇත. කුඩා දරුවන්ගේ දෙමව්පියන් ලෙස මෙම විසින් දිනපතා අපගේ දරුවන් වෙත ලබා දීමට උත්සාහ කළ යුතු දේ පිළිබඳ මනා අවබෝධයක් ඔබට ලබා දෙනු ඇත.

 

කුඩා කල සිටම නිවැරදි පෝෂක පරිභෝජනයක් ලබා ගැනීම තුළින් නිවැරදි ප්‍රශක්තිකරණ මට්ටම් දක්වා පැමිණිය හැකි අතර ඒ හරහා සංවර්ධන සංධිස්ථානයන් සාක්ෂාත් කර ගැනීමටත් සහ ඔබේ දරුවාගේ සමස්ත සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වේ. https://bit.ly/3m1ZYFK

 

Covid-19 වසංගතයේ වත්මන් ගෝලීය ස්වභාවය සැලකිල්ලට ගනිමින් ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය උපරිම ආකාරයෙන් ඉහළ දැමීම වෙනුවෙන් උපකාර කිරීමට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනවාද යන්න තක්සේරු කිරීම සඳහා මෙය ඉතා වැදගත් කාලයක් වනු ඇත. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය බාධාවක් වන දුර්වල ආහාර පුරුද්ද, ආහාර ලබා දීමේ හිඟකම හෝ ආහාර පිළිබඳ අවබෝධයේ ඌණතාව හේතුවෙන් මන්දපෝෂණ තත්වයක් ඇති විය හැකිය.

 

දරුවාගේ ජීවිත කාලය පුරාම පළදායී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් වර්ධනය කිරීම හා පවත්වාගෙන යාම සඳහා ක්ෂුද්‍ර පෝෂක සහ ආහාර සංඝටකයන් ඉතා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. විටමින් A, D, B6, B12,ෆෝලේට්, යකඩ සහ සින්ක් හානිකර වෛරස් හා බැක්ටීරියාවන්ට එරෙහිව ශක්තිමත් ආහාර පද්ධතියක් සඳහා අත්‍යාවශ්‍ය වන අලුත් ප්‍රතිශක්තිකරණ සෛල නිෂ්පාදනය සහ සංවර්ධනය නියාමනය කරනු ලබයි.    https://bit.ly/3m1ZYFK

 

 

එසේම C, E වැනි ප්‍රතිඔක්සිකාරක පෝෂ්‍ය පදාර්ථ මෙන්ම යකඩ, සින්ක්, තඹ සහ සෙලේනියම් යන ඛණිජ ලවණ මඟින් ප්‍රතිශක්තිකරණ සෛල හානිකර ජීවීන් නිසා ඇති වන ආතති තත්වයෙන් දරුවා ආරක්ෂා කරනු ලබයි. 'https://bit.ly/3gyjoRM

 

මේ වන විට නිර්දේශිත ආහාර මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකාව තුළ පවතින සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳ තත්ව විශ්ලේෂණ මත පදනම්ව සංශෝදනය කර යාවත්කාලීන කරමින් සිටී. මහජනතාව විසින් මෙම මාර්ගෝපදේශයන් ඉතා සැලකිල්ලෙන් හා ධනාත්මක ආකාරයෙන් අනුගමනය කරන්නේ නම් ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලය තුළ ඉහළ සෞඛ්‍යය මට්ටමකට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකියාව උදා වේ. ආහාර පදනම් කරගත් මාර්ගෝපදේශ ඔබේ පවුලට ක්ෂුද්‍ර මට්ටමින් පමණක් නොව සමස්තයක් ලෙස මුළු රට වෙනුවෙන්ම සාර්ව මට්ටමින් වැදගත් වන බව මින් අදහස් කෙරේ. https://bit.ly/3m2jPVw

 

වයස අවුරුදු 5 දක්වා ශ්‍රී ලාංකේය දරුවන් සඳහා වන FBDG නිර්දේශ පහත දැක්වේ.

 

1. සෑම දිනකම විවිධ ආහාර කාණ්ඩයන් සඳහා වන විවිධ ආහාර වර්ග ආහාරයට එක් කර ගන්න. එහිදී  කාබෝහයිඩ්‍රේට් සඳහා ධාන්‍ය වර්ග, සහල්, තිරිඟු, බඩ ඉරිඟු, අල සහ අනෙකුත් පිෂ්ටමය පළතුරු වැනි විවිධ ආහාර යොදා ගත හැකි අතර ඊට අමතරව කංකුං, මුකුණුවැන්න, සාරණ, කුරු මුරුංගා, මුරුංගා, සහ නිවිති වැනි දේ මෙන්ම ඍතුමය පළතුරු ඒ සඳහා එක් කර ගැනීම වඩාත් සුදුසුය.

 

2. දිනකට 2 -3 වතාවක් ධාන්‍ය වර්ග පදනම් කරගත් ආහාර අනුභව කරන්න. පරම්පරා ගණනාවක් පුරා අප බත් ප්‍රධාන ආහාරය ලෙස ආහාරයට එක් කොට ගෙන ඇති අතර  බත් සහ අනෙකුත් ආහාර වර්ග දිනකට තුන්වරක් ආහාරයට එක් කර ගැනීම තුළින් ශරීරයට අවශ්‍ය ශක්ති අවශ්‍යතාවලින් බහුතරයක් ලබා ගැනීමට හැකි වේ. මේ සඳහා බත්, මෙනේරි, බඩ ඉරිඟු, කුරක්කන් වැනි දේ වඩාත් සුදුසුය.

 

3. ලුණු සහ සීනි පරිභෝජනය අවම කරන්න. ලුණු සහ සීනි දිනකට (එකක්)  5mg නොයික්මවිය යුතුය.

 

4.අවම වශයෙන් දිනකට දෙවරක්වත් ප්‍රෝටීන් සහිත ආහාරයක් ලෙස මාළු, මස් සහ බිත්තර ආහාරයට ගන්න.

 

5. සැකසූ ආහාරවලට වඩා ස්වභාවිකව ලැබෙන ආහාර අනුභව කරන්න.

6. ජලය අවශ්‍ය තරම් පානය කරන්න. පෙර පාසල් වයසේ දරුවන් සඳහා දිනකට වතුර  ලීටර් 1.5ක් අවශ්‍ය වේ.

 

7. තෙල් සහ මේද ප්‍රමාණවත් පරිදි පරිභෝජනය කරන්න. ට්‍රාන්ස් මේදය හැකිතාක් දුරට බැහැර කළ යුතු අතර මේදය ඔබේ දරුවාගේ ශක්ති පරිභෝජනයෙන් 15% පමණ විය යුතුය.

 

8. අවම වශයෙන් දිනකට එක් වරක් වත් චීස්, කිරි, යෝගට්, සහ අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන්න. https://bit.ly/2Lqfmzr

 

ඉහතින් සඳහන් කර ඇති නිර්දේශයන් නිසි අයුරින් පිළිපදින්නේ නම් තම දරුවාගේ සංවර්ධනය, ශක්තිය සහ වර්ධනය සඳහා ප්‍රමාණවත් පෝෂක කොටස් තම දරුවාට ලබා දන බවට දෙමව්පියන්ට සහතික විය හැකිය.

Expert Name
Mrs. Shayana Ameresekere MHumNutr (Aus), RNutr (Aus), Nutritionist
Image
food guide children under 5-yrs
Meta Title
වයස අවුරුදු 5ට අඩු ශ්‍රී ලාංකේය දරුවන් සඳහා ආහාර පදනම් කරගත් මාර්ගෝපදේශ | Growing Up