විෂබීජ වලින් ඔබේ දරුවා ආරක්ෂා කිරීම

දැන් ඔබේ කුඩා දරුවාට තනිවම සිටගෙන තනිවම ගමන් කළ හැකි බැවින් ඔවුන් අවට ලෝකය ගවේෂණය කිරීමට පටන් ගනීයි. ඔවුන් අන් කවරදාටත් වඩා වැඩි පිරිසක් සමඟ එක්ව කටයුතු කරන අතර එම නිසා විෂබීජ ආසාදන ඇතිවී රෝගාතුර වීමේ අවදානම ඉහළ යා හැකිය.

ඔවුන් දැන් ඝන ආහාර අනුභව කරන නමුත් නිසි පෝෂණයකින් යුතුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වීම සඳහා ඔවුන් ගන්නා ආහාර ඇතැම් විටෙක ප්‍රමාණවත් නොවනු ඇත.

මවක් ලෙස ඔබට ආසාදනයන් ඇතිවීම වැළැක්විය නොහැක. එහෙත් ඔබට ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගත හැකි අතර ඔවුන් නිරෝගීව තබා ගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳව සැළකිලිමත් වන්න.

ඔබේ දරුවා වැඩෙන විට ආරක්ෂාව වර්ධනය වේ.

ළදරුවන්ට මව් කිරි දෙනවිට එම මව් කිරි මඟින් රෝගවලින් ආරක්ෂාව සපයයි. නමුත් දැන් ඔවුන් ඝන ආහාර අනුභව කරන කාලයයි. ඔබේ දරුවා ඇතැම් විටෙක පෝෂ්‍යදායී ආහාර එපා යැයි පවසන අතර සියලු පෝෂ්‍යදායී නොවන කෑමවලට ප්‍රියකරනු ඇත.

මෙම අවස්ථාවේදී ඔබේ දරුවාට පෝෂ්‍යදායී ආහාර නොලැබෙන විට එය බර අඩුවීමට හේතු විය හැකි අතර එමඟින් විවිධ රෝගවලටද ගොදුරුවීමේ අවදානම ඇත. ඔබේ දරුවාට ඔවුන් ගන්නා සෞඛ්‍ය සම්පන්න ආහාර ඔවුන්ගේ සතුට වෙනුවෙන් පමණක් නොව ශක්තියෙන් හා පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරි ආහාර වන බවට වග බලා ගත යුත්තේ එහෙයිනි. විශේෂයෙන් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ඛණිජ ලවණ ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ. අඩු සැර ගතියක් සහිත හා පහසුවෙන් සැපයිය හැකි ආහාර ඔබට උත්සාහ කළ හැකිය. ආහාර වර්ණවත් හා ඇසට ප්‍රිය නම් ඔබේ දරුවා ඔහුගේ/ ඇයගේ ආහාර වේල පහසුවෙන් භුක්ති විඳීමට වැඩි ඉඩප්‍රස්ථාවක් ඇත.

පෝෂ්‍යදායී ආහාර වේලක් යන්න සෑමවිටම ප්‍රමුඛ වේ.

බොහෝ විට දරුවන් පෝෂ්‍යදායී ආහාර අනුභව නොකරන විට දෙම්පියන් ඔවුන් කැමති ඕනෑම දෙයක් අනුභව කිරීමට ඉඩ ලබා දෙයි. මෙය ඔබේ දරුවාට පුරුද්දක් වූ විට ඔවුන්ගේ බර අඩුවීම ආරම්භ වනවා පමණක් නොව ඔවුන් අසනීප වීමට ද ආරම්භ වනු ඇත.

ඔබේ දරුවාට හොඳ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක් නොලැබුණේ නම්, ඔවුන්ට පහසුවෙන් අන් අයගෙන් විෂබීජ ග්‍රහණය කර ගත හැකි අතර ඒ තුළින් ඔවුන් අසනීප වී ඔබේ දරුවාගේ බර අඩුවීම ඇරඹෙනු ඇත, මෙය නැවත නැවත සිදූවිය හැකි දෙයකි. මෙය වළක්වා ගැනීම සඳහා ඔබේ දරුවාගේ ආහාර සාර්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින්, ඛණිජ සහ ශක්තියෙන් පිරී ඇති බවට වග බලා ගන්න. එමඟින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවනු ඇත. ඔබේ දරුවාට ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති විට ඔවුන්ට ආසාදන වලට එරෙහිව සටන් කිරීමට පමණක් නොව ඔවුන් අසනීප වුවහොත් ඉක්මණින් සුවය ලබා ගැනීමටද හැකිවේ. එමෙන්ම ඉදිරියේදී ආසාදන නැවත ඇතිවීමද වළක්වා ගත හැකිය.

කුඩා දරුවකුට පෝෂ්‍යදායී ආහාර ලබාදීමට උත්සාහ කිරීම පහසු කාර්යයක් නොවේ. නමුත් ඔබේ දරුවාගේ නිරෝගීබව හා සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කිරීම සඳහා වන ප්‍රධානම සාධකය එයයි.

Expert Name
කෝකිලා අබෙල් මෙනවිය
Image
protecting-your-baby-a-world-germs
Meta Title
විෂබීජ වලින්ඔ බේ දරුවා ආරක්ෂා කිරීම| Growingup Sri Lanka
Meta Description
දැන් ඔබේ කුඩා දරුවාට තනිවම සිටගෙන තනිවම ගමන් කළ හැකි බැවින් ඔවුන් අවට ලෝකය ගවේෂණය කිරීමට පටන් ගනීයි