Sorry, you need to enable JavaScript to visit this website.
Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

සිහිකල්පනාවෙන් යුතුව වැඩ කටයුතු කිරීම සඳහා ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිමි. සීනුවක ශබ්දය, කෙටි පණිවිඩයක් ලැබීම, කුරුල්ලන්ගේ නාදය හෝ ඔබට නිරන්තරයෙන් ඇසෙන ශබ්දයක් තොරා ගන්න.මේ ශබ්දය ඇසෙන හැම මොහොතකම ඔබට යම් විරාමයක් ලබා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ යම් විරාමයක් ගන්නා විට නිහඬව තිච් නාට් හාන් විසින් රචනා කරන ලද ලස්සන කවි පදයක් මුමුණන්න.

“The sound of the bell  takes me within to my true home”


ඉදිරි දින කිහිපය තුළ මෙම ක්‍රියාකාරකම දිනකට කිහිප වතාවක් පුහුණු කර ඒ පිළිබඳ ඔබ ලබාගත් අත්දැකීම් මෙනෙහි කරන්න. එය ඔබට දැනෙන්නේ කෙසේද? ඔබට යම් වෙනසක් දැනෙයිද?  


කාර්ය බහුල දවසක් තුළ ප්‍රබෝධමත්ව සිටීම සඳහා මානසික සුවපත් භාවය ලබා ගැනීමට නිතිපතා සිහිය පවත්වා ගැනීමේ මෙම පුරුද්ද ඉතා වැදගත් වනු ඇත. ඔබේ දරුවාට තරමක් දුෂ්කර දවසක් යෙදුණ විට ඒ සමඟ ගනුදෙනු කිරීමට මෙම ක්‍රියාකාරකම් මඟින් ඔබේ මනසට මහත් සහනයක් ලබා දෙමින් ඔහුගේ/ඇයගේ හැසිරීම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඔබ වෙත ලබා දෙනු ඇත. සිදුවන දේට ඔබේ දරුවන් සමඟ සවන් දීමට යම් කාලයක් ගත කරන්න. ඔබට ලැබෙන මෙම සහනය පිළිබඳ හැඟීම නිතිපතා පෝෂණය වන විට ඔබට එය විශාල උපකාරයක් බවට පත් වීම නිතැතින්ම සිදු වේ.


පුද්ගලයකුට තිබිය හැකි වැදගත්ම සබඳතාවක් ලෙස දෙමාපිය - දූ දරු සම්බන්ධතාව සැළකිය හැකිය. දරුවන් නිරන්තරයෙන් ඔවුන්ගේ හැසිරීම් සිදු කරන්නේ දෙමව්පියන් ආදර්ශයට ගනිමිනි. ඔවුන් දෙම්පයින්ගේ ආදරය සහ පිළිගැනීම අපේක්ෂා කරන අතරම එම සම්බන්ධතාවයන් තුළින් තමන්ව පවත්වා ගැනීමට උත්සුක වෙති. එය දරුවෙකුට ආරක්ෂිත අවකාශයක් වන අතර දෙමව්පියන්ට කරදරයන්ගෙන් තොර ප්‍රීතිමත් අවකාශයක් වනු ඇත.


සිහියෙන් යුතුව කටයුතු කිරීම මානසික ආතතිය පාලනය කිරීමේ ක්‍රමයකි. මනස යනු වර්තමානය - කාලය හා දැනුවත්භාවයයි. අපගේ හුස්ම, දැනීම්, ශරීරය, සිතිවිලි හා චිත්තවේගයන් පිළිබඳ මනා දැනුවත්භාවය වත්මන් මොහොතේ සිදු වෙමින් පවතින දේ අත් විඳීමට මනාව උපකාරී වේ. එය සම්පූර්ණ වීම සඳහා  වර්තමාන මොහොත පිළිබඳ දැනුවත්භාවය වැදගත්ය. එහිදී මා සමඟ සිටින්නේ කවුද?, මම (අපි) කරන්නේ මොනවාද?, මට දැනෙන දේ සහ ඒ සඳහා වන පිළිගැනීම මෙන්ම කෘතඥතාව පිළිබඳ දැනුවත්භාවය අදාළ වේ. එය අපට සැහැල්ලුවෙන් ජීවත් වීමට ඉඩ සළසන අතර ඒ නිසාම අපගේ ක්‍රියාවන් හා සම්බන්ධතාවයන් ද නිතැතින්ම සිදු වේ.


විශේෂයෙන්  සිහි කල්පනාවෙන් යුතුව ක්‍රියා කිරීමෙන් ප්‍රතික්‍රියාවේ සිට ප්‍රතිචාරය වෙත ගෙන යාමට අපට උපකාරී වේ. දුෂ්කර අවස්ථාව්නහිදී මේ ප්‍රතික්‍රියාවේ සහ ප්‍රතිචාරයේ වෙනස ඉතා තීරණාත්මක සාධකයකි. ඔබ සාප්පු සවාරියේ යෙදී සිටියදී ඔබේ දරුවාගෙන් ඔබට යම් අපහසුතාවයක් එල්ල විය හැකිය. ඒ දෙස එහි සිටින සෑම කෙනෙකුම බලා සිටින අතර ඔවුන් ඔබ පිළිබඳව විනිශ්චය කරන බව ඔබට පෙනෙනු ඇත. මඳක් නවතින්න. ඔබට මේ මොහොතේදී ඒ සඳහා පිටස්තර පුද්ගයින්ගේ අපහාසයට හා අදාළ අපහසුතාවය වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නේද නැතහොත් ඊට සවන් දී ප්‍රතිචාර දක්වන්නේද යන්න ඒ මොහොතේ ඔබට තීරණය කළ හැකිය. එහිදී ඔබ දැනගත යුතු දෙයක් නම් ප්‍රතික්‍රියාව පැමිණෙන්නේ ආතතියෙන් හා පීඩාවෙන් බවත් ප්‍රතිචාරය සැලකිලිමත් හා කල්පනාකාරී පහසු ස්ථානයක සිට පැමිණෙන බවත්ය. 


සිහිය යනු ධනාත්මක චින්තනයක් නොවේ. එය කෝපය, බිය හෝ චිත්තවේගයන් පිට කිරීමක්ද නොවේ. ධනාත්මක ප්‍රතිඵලය ලැබෙනුයේ භය, තරහව, සතුට හෝ වෙනත් චිත්ත වේගයන් යනාදී ඕනෑම මේ මොහොතේ අප අත්විඳින දෙයක් හඳුනා ගන්නා දේ යම් ස්ථානයකින් පැමිණෙන බව හඳුනා ගැනීමයි. සෑම හැඟීමක්ම පිළිගැනීමට හැකිවීම තුළින් එම හැඟීම කුමක් වුවත් ඔබව පාලනය කිරීමට වඩා ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීම පාලනය කිරීමට ඔබට හැකි වනු ඇත.


සිහි කල්පනාවේ තවත් වැදගත් අංගයන් ලෙස සම්බන්ධතාව, ස්වයං කරුණාව සහ අදරණීය කාරුණිකත්වය, දෙමාපිය රැකවරණය අන අභයෝගාත්මක කරුණු පෙන්වා දිය හැකිය. ඔබ ප්‍රශ්න කිරීම, දෙවැනි අනුමාන සහ ඔබව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධව ඔබ කණගාටු  විය යුතු නැත. ඔබ අන් අයට මෙන්ම ඔබටද කාරුණික වන්න. ඔබ ඔබටම තරු 2ක් සහ පැතුමක් එක් කරන්න. කාරුණික මෙන්ම ඵලදායී ප්‍රතිපෝෂණය ලබා දීම සඳහා මෙය වටිනා පුරුද්දක් වේ. මෙහි තරු 2 යනු ඔබ දකින දේවල් 2කි. ( ඔබ දැනුවත්ව බලන සෑම විටම ඒවා තිබිය හැකිය). ඔබ කැමති වෙනස් කිරීමට හැකි දෙයක් ඉදිරිපත් කරන්න. ඍණාත්මක හැසිරීම්වල ප්‍රති විපාක තේරුම් ගැනීමට ඔවුන්ට උපකාර ලබා දෙන අතරම ඔබේ දරුවා සමඟ ධනාත්මක හැසිරීම් ශක්තිමත් කළ හැකි සම්බන්ධතාවක් වරධනය කර ගන්න. මෙය සිදු කිරීමට හොඳම ක්‍රමයක් වන්නේ තරු දෙකක් සහ පැතුමකි. ඔබ ඔබට මෙන්ම අනෙක් අයටද වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන් කාරුණික වන්න.

මෙම ලිපියෙන් ඔබට උකහා ගත හැකි පිළිවෙත් 2ක් ඔබ වෙත ලබා දී ඇත. ඔබටම නැවත නැගී සිටීමේ පුරුද්ද සහ සිහිය සමඟ වන ස්නිවේදනය ක්‍රමයක් වන එය ඔබගේ ගමනට ඉමහත් සහායක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

Recommended Articles