Sorry, you need to enable JavaScript to visit this website.
Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

 

සැමියා හෝ බිරිඳ විසින් හෝ සහකරුවකු විසින් බලය හෝ පාලනය ලබා ගැනීමට අදහස් කරන ඕනෑම හැසිරීමක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හෝ ගෘහස්ත හිංසනය ලෙස අර්ථ දැක්විය හැකිය. මීට නිරාවරණය වන ඕනෑම අයෙකුට කායික, මානසික හෝ චිත්තවේගීය හානියක් සිදු විය හැකිය. පවුලක් ලෙස ජීවිතයේ  නොවැළැක්විය හැකි ශෝක ජනක තත්වයක් වන මෙය ඔබේ දරුවාට අතිශය කම්පනයක් එක් කරන සිදුවීමක් වනු ඇත.

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය දරුවාගේ වර්ධනයට බලපාන්නේ කෙසේද?

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය අත්විඳින කුඩා හා වැඩිහිටි දරුවන් යන දෙදෙනාම චිත්තවේගීය, මානසික හා සමාජීය වශයෙන් හානිදායක තත්වයක් අත්විඳින අතර එය ඔවුන්ගේ සංවර්ධන වර්ධනයට බලපානු ලබයි. ඒ හේතුවෙන් සමහර දරුවන්ට අන් අය කෙරෙහි අනුකම්පාව නොදැනීමටද හැකියාව ඇත. තවත් අයෙක් තමන් මුහුණ දෙන දෙය තේරුම් ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් විඳින සමාජ අසහනය හෝ ව්‍යාකූලත්වය හේතුවෙන් සමාජීය වශයෙන් හුදකලා වීම හෝ සම වයසේ මිතුරන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට අපහසු වීම හෝ නොහැකිවීම සිදු වනු ඇත.

දරුවන් ජීවිතයේ දියුණුවට පත්වනවා දැකීමට නම් ඕනෑම වයසක දරුවක ආරක්ෂිත හා සුවපහසු පරිසරයක හැදී වැඩීම අත්‍යවශ්‍ය වේ. හරවත් සංවර්ධනයක් රඳා පවතින්නේ ශාරීරික වශයෙන් දරුවා තුළ ඇති කරන පෝෂණය තුළින් පමණක් නොව දෙමව්පියන් විසින් නිර්මාණය කරන ලද පවුල් පරිසරය තුළ ඔවුන් මුහුණ දෙන අත්දැකීම් තුළිනි.මෙම අත්දැකීම් දරුවාගේ චිත්තවේගීය, සමාජීය හා මානසික යහ පැවැත්ම වර්ධනය කිරීමට බෙහෙවින් දායක වේ.ගෘහස්ත හෝ පවුල් ප්‍රචණ්ඩත්වය පවතින අවස්ථාවන්හිදී නිවසක් තව දුරටත් ආරක්ෂිත හෝ සුරක්ෂිත ස්ථානයක් බවට පත් නොවන අතර ඒ නිසාම දරුවන් ජීවත් වන්නේ ඕනෑම මොහොතක තමන්ට හෝ තමන්ගේ ආදරණීයයන්ට කුමක් සිදුවේද යන බියෙන් යුතුවය.

වයස අනුව දරුවන්ට ප්‍රචණ්ඩත්වය බලපාන සම්බන්ධයෙන් සළකා බැලීමේදී, ගර්භණී මවට සිදුවන ප්‍රචණ්ඩකාරී කායික හැසිරීම් හේතුවෙන් ගැබෙහි සිටින දරුවා ගර්භාෂය තුලදීම තුවාල වීමට හෝ මවගේ ඍණාත්මක මානසික තත්වය හේතුවෙන් අනපේක්ෂිත හා හානිකර බලපෑම්වලින් පීඩා විඳිය හැකිය. ප්‍රචණ්ඩත්වයට නිරන්තරයෙන් මුහුණ දෙන ළදරුවන් තම භාරකරුවන් සමඟ ආරක්ෂිත බැඳීම් වර්ධනය කර ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දිය හැකි අතර එය ඔවුන්ගේ සංවර්ධන සංධිස්ථානයන් තුළ වැඩි දියුණු වීමට අපොහොසත් වීම නිසා පීඩාවට පත්විය හැකිය. පෙර පාසල් වයසේ පසුවන දරුවකුට මෙම හේතව නිසා නිදා ගැනීමේ සහ ආහාර ගැනීමේ අක්‍රමවත් බවක් අත් විඳිනු ඇත. පාසල් වයසේ පසුවන දරුවන් සමවයසේ මිතුරන් සමඟ සබඳතාවන්  පවත්වා ගැනීම දුෂ්කර විය හැකි අතර පාසල තුළ දුර්වල කාර්ය සාධනයක් දැක්වීමටත්, චිත්වේගීය අස්ථාවර භාවයකට පත්වීමටත් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හේතු වනු ඇත.

එසේම ගෘහස්ත හිංසනයට මුහුණ දෙන දරුවන් පහත සඳහන් ක්‍රමවලින් කායික හා චිත්තවේගීය හානිවලට ගොදුරු වන බව එම මාතෘකා සම්බන්ධයෙන් සිදු කරන ලද විවිධ පර්යේෂණයන්ගෙන් තහවුරු වී ඇත.

=චිත්තවේගී පීඩාව

=නිදා ගැනීමේ හා ආහාර ගැනීමේ අක්‍රමවත් බව

=මිතුරන් හා වැඩිහිටියන් කෙරෙහි දක්වන ආක්‍රමණශීලී බව

=ආත්මාභිමානය හීන වීම

=තමන් අවට සිටින අය කෙරෙහි සංවේදනය හා සැලකිල්ල අඩු වීම

=ස්වයං හානිකර සිදුවීම්

=හිසරදය, බඩේ කැක්කුම ඇතුළු කායික රෝග ලක්ෂණ

=චිත්තවේගීය පීඩා

=කාංසාව හා මානසික අවපීඩනය

=එක් අරමුණක කටයුතු කිරීමේ දුර්වලතාව

දිගු කාලීනව දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බව හා සම්පූර්ණ වර්ධනය වැළැක්වීමටද මෙම හානිකර බලපෑම් හේතු විය හැකිය. අවාසනාවට කරුණ නම් මෙම ගැටළු සඳහා තනිව විසඳුම් සෙවීමට දරුවකු අසමත් වීමයි. තම දරුවන්ට නිවසේදී සාමකාමී වාතාවරණයක් අත්විඳීමේ අවස්ථාව සළසා දීම හා සබඳතා ගැටළු විසඳීමට පියවර ගැනීම දෙමව්පියන්ගේ වගකීමකි. ඒ ආකාරයේ සාමකාමී වාතාවරණයන් නිවසේ නිර්මාණය වන තුරු දරුවන් සමඟ වැඩි කාලයක් සෙල්ලම් කිරීමට, ඔවුන් සමඟ ගත කිරීමට හෝ ඔවුන් සමඟ කතා බහ කිරීමට කළ හැකි උපරිම දායකත්වය ලබා දෙන්න. ඔවුන් ඔබෙන් ප්‍රශ්න අසයි නම් ඊට අවංකව උත්තර ලබා දෙන්න. ඉටු කළ නොහැකි පොරොන්දු ලබා දීමෙන් වළකින්න.  ඔවුන්ට ආදරය විඳීමේ අවස්ථාව සළසා දෙන අතරම ප්‍රචක්ඛඩත්වය දැකීම හා ඇසීම හැකිතාක් දුරට වළක්වන්න. නිරන්තරයෙන් ඔබේ දරුවාගේ යහ පැවැත්ම සහතික කිරීම වෙනුවෙන් හොඳම හා බුද්ධිමත්ම තීරණ ගන්න.

උපදෙස්

ඔබ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන දෙමව්පියෙක් නම්,

1. සාකච්ඡා මාර්ගයෙන් ගැටුම් නිරාකරණය කර ගැනීමට උත්සාහ කරන්න

2. ඒ සඳහා වෘත්තීය මට්ටමේ උපකාර ලබා ගැනීමට උත්සාහ කරන්න එසේත් නැත්නම් හොඳම විසඳුම් ලබා ගැනීමට උපදෙස් දෙන්න

3. දරුවන් ප්‍රචණ්ඩත්වය අත්විඳීමෙන් හැකිතාක් ඈත් කරන්න

4. හැකි සෑම විටම දරුවන් සමඟ කාලය ගත කරන්න

5. ඔවුන්ට දැනෙන ආදරය සහ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන්න

Recommended Articles