දෙමව්පියන් යන්න කෙරෙහි නැවුම් දැක්මක්

දෙමාපියන් සඳහා උපදෙස් | දෙමාපිය සහාය|නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය ( CLC )

දෙමාපිය රැකවරණය යනු කුමක්ද?

 

යම් පුද්ගලයෙකුට තම ජීවිත කාලය තුළ අත් විඳිය හැකි වඩාත්ම අභියෝගාත්මක කාර්යයන්ගෙන් එකක් ලෙස දෙමාපියන් වීම සඳහන් කළ හැකිය. ඒ කෙසේ වුවද වඩාත් ගැළපෙන ලෙස සහ හිතකර ලෙසට දෙමව්පිය භූමිකාවේ කටයුතු කරයි නම් සෑම විටම ඒ තුළින් ප්‍රතිඵලදායක මෙන්ම සතුටුදායක අත්දැකීමක් හිමිවනු නිසැකය.

දෙමව්පියන් හරි හෝ වැරදි ලෙස වර්ග කළ හැකිද? නිවැරදි ප්‍රවේශය වන්නේ, දෙමව්පියන්ගේ කටයුතුවල හරි හෝ වැරදි බව හඳුනා ගැනීම නොව එය දරුවා කෙරෙහි බලපාන ආකාරය හා එහි අවසාන ප්‍රතිඵලය අනුව දෙමව්පියන්ගේ කටයුතු තක්සේරු කිරීම නිවැරදි බව යන්න මගේ අදහසයි. වඩා යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නම්, ආදරය මත පදනම් වූ ධනාත්මක හා දරුවාට හිතකර නවීන හෝ සාම්ප්‍රදායික දෙමාපිය පිළිවෙත් නිරන්තරයෙන් ක්‍රියාත්මක කළ යුතුය. මෙම භාවිතයන් පවුලේ සංස්කෘතිය, ආකල්ප, හෝ විශ්වාසයන්ට අදාළ විය හැකිය. කෙසේ වුවද හරවත් දෙමාපිය - දූදරු සබඳතාවයක් තුළින් සෑම අංශයකින්ම වඩා හොඳ දරුවකු ඇති දැඩි කිරීම දෙමව්පියන්ගේ අවසන් පරමාර්ථය වේ.

දෙමව්පියන් යනු දරුවන්ගේ ගුරුවරුන්, මාර්ගෝපදේශකයින්, නායකයින්, ආරක්ෂකයින් සහ සැපයුම්කරුවන් වේ.


- ඉයන්ලා වැන්සන්ට්

තම දරුවන් මීට වසර ගණනකට පෙර සිටි දරුවන් හා සමාන නොවන බවට දෙමව්පියන් පිළිගත  යුතුය. එය දෙමව්පියන්ට තරමක් දුෂ්කර විය හැකිය. එහෙත්, අප සියලු දෙනා අතීතයේ නොවූ නව තත්වයන්, අවශ්‍යතා හා අපේක්ෂාවන් රැසකට මුහුණ දෙමින් සිටිමු. අප නවීන ජීවන රටාවලින් යුත් නවීන පුද්ගලයින් බවට පරිවර්තනය කිරීමට මේවා හේතු වී ඇති අතර දරුවන්ද ඒ ආකාරයෙන්ම පරිවර්තනය වෙමින් සිටිති. දෙමව්පියන්ට ඇහුම් කන් දීම, ඔවුන්ට ගරු කිරීම සහ ඔවුන් සමඟ විවෘතව කටයුතු කිරීම යනාදිය දරුවන්ගෙන් දැකීමට දෙමව්පියන් වඩාත් කැමති වුවද එදා මෙන් අද එම තත්වය එලෙසම දැකීම පහසු නොවේ. වත්මන් දෙමාපිය කටයුතුවල අරමුණ වන්නේ, වඩා යහපත් දරුවකු බිහි කිරීම සහ හරවත් දෙමාපිය - දූ දරු සම්බන්ධතාවයක් ඇති කිරීම සහ ඉහත සඳහන් දුෂ්කරතා මඟ හරවා ගැනීම සඳහා හේතුවන මාර්ග සකස් කර ගැනීමයි. සෑම පවුල් ඒකකයකටම ආවේණික වූ සාර්ධර්ම, විශ්වාසයන් හෝ අපේක්ෂාවන් සහිත නූතන දෙමව්පිය ක්‍රමවේදය මඟින් දෙම්පියන්ගේ තීරණ සහ භාවිතයන් සඳහා මාර්ගෝපදේශ සකස් කරනු ඇත.

දෙමව්පියන්ට අනුගමනය කළ හැකි නවීන මාපිය ක්‍රම කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

දරුවාගේ හැකියාවන් පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් ගොඩ නඟා ගැනීම. 

තම දරුවන් ජීවිතයේ වෙහෙස මහන්සි වී වැඩ කරන අයුරු දැකීමට කැමති දෙමව්පියන් ජයග්‍රහණ, හැසිරීම් හෝ ඔවුන් සිදු කරන වෙනත් දේ සම්බන්ධයෙන් යථාර්තවාදීව බැලිය යුතුය. එහිදී මෙම අපේක්ෂාවන් අඩු හෝ වැඩි විය හැකිය.

යථාර්තවාදී අපේක්ෂාවන් සඳහා සරල උදාහරණ ලෙස; 

■ දරුවන් සෙල්ලම් බඩු නිසි තැන තැබීමෙන් ඔවුන්ගේ සෙල්ලම් කරන ස්ථානය පිරිසිදු කිරීම

■ ඔවුන්ගේ ඇඳුම්වල බොත්තම් දැමීම හෝ නොදැමීම

■ සපත්තු පැළඳීම හා ලේස් ගැටගසා ගැනීමට උත්සාහ කිරීම

■ ඔවුන්ගේ මේසය සකස් කිරීම

■ මුලුතැන්ගෙයි වැඩකටයුතු සඳහා පොඩි පොඩි උදව් කිරීම 

ඒ සමඟම, ඔවුන්ගේ නිසි අපේක්ෂාවන්ගෙන් යුතු ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ට ලබාදෙන ප්‍රතිපෝෂණය ද දැඩි ලෙස බලපානු ලබයි. එහෙයින් තම දරුවන් නිසි ලෙස ප්‍රශංසා කිරීමට හා ඔවුන් විවිධ කටයුතු සඳහා දරන  උත්සාහයන් අගය කිරීමට ද දෙමව්පියන් වග බලා ගත යුතුය. ඔවුන් තවත් අයෙකු සමඟ සැසඳීම, විවේචනය කිරීම හා ඔවුන්ට නින්දා කිරීම නොකළ යුතුය.

 

ධනාත්මක දෙමාපිය කාර්යභාරය

තම දරුවන් වැඩෙන දෙස බලා ආඩම්බර වන දෙමව්පියන් තම දරුවන් අලුත් අත්දැකීම් හා පරිසරයන්ට නිරාවරණය වනු ඇති බව අවබෝධ කරගත යුතුය. විවිධ අවස්ථාවන්ට හා තත්වයන්ට නිරාවරණය වීම තුළින් දරුවන්ගේ ඉගෙනීම මෙන්ම විමසීමේ හැකියාවද ක්‍රමයෙන් වර්ධනය වේ. දරුවන් විසින්ම වඩා හොඳ දෙමව්පියන් බවට පත්වීමට, වෙනස් හෝ අලුත් ක්‍රම ඉගෙන ගැනීමටද දෙමව්පියන්ට අවස්ථාවක් සකසා දෙනු ලබයි. අත්දැකීම් සහිත දෙමව්පියන් මෙන්ම අලුත් දෙමව්පියන්ද තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුතු අතර කාලයත් සමඟ ඔවුන් ඉදිරියට යන බව සහතික කිරීම මෙන්ම දරුවන් සමඟ හරවත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම සිදු කළ යුතුය. ධනාත්මකව කටයුතු කරන දෙමව්පියන්ගේ ප්‍රමුඛ වගකීම වන්නේ, කොන්දේසි විරහිත සහයෝගය තුළින් දරුවන් සවිබල ගැන්වීමයි. මෙය දරුවකුගේ ආත්මාභිමානය ඉහළ නැංවීමට නිතැතින්ම උපකාරී වේ.

නවීන දරුවන්ට අදාළ වන ඵලදායී විනය උපාය මාර්ග භාවිත කිරීම

නූතන හෝ සාම්ප්‍රදායික ඵලදායිතා විනය සළකා බැලීමේදී දෙමව්පියන් ස්වයං විනය පුහුණු වීමත් තම දරුවන්ට අනුගමනය කළ හැකි ආකාරයෙන් ආදර්ශමත්ව කටයුතු කිරීමත් ඉතා වැදගත්ය. විවිධ කටයුතු සඳහා නිසි කාලයක් ලබා දීම සහ සීමා කිරීම, වරප්‍රසාද ආපසු ගැනීම සහ යහපත් හැසිරීම් අගය කිරීම වැනි බහුලව භාවිත කරනු ලබන ඵලදායී ක්‍රමයන්ට අමතරව, පිළිගත හැකි හැසිරීම් රටා පෙන්වා දීම සඳහා පහත උපාය මාර්ග අනුගමනය කළ හැකිය.

 

■ වගකීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම හා පැහැදිලි සීමාවන් නියම කිරීම 

■ ඔවුන් සිදු කරන දේවල ප්‍රති විපාක පැහැදිලිව හා සන්සුන්ව පැහැදිලි කර දීම

■ ඔවුන්  කියන්නේ කුමක්දැයි ඊට සවන් දීම

■ විකල්ප අතරින් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දීම

එය එසේ වුවද විනය සම්බන්ධයෙන් සැළකීමේදී දෙම්පියන් පූර්ණ වශයෙන් කරදරවලින් තොර ජීවිත අපේක්ෂා නොකළ යුතුය. කරදරකාරී හැසිරීම් සිදු විය හැකි අවස්ථාවන් සඳහා ඔවුන් සූදානම් විය යුතු අතර පිළිගත හැකි ආකාරයෙන් හැසිරීමට දරුවන් සූදානම් කළ යුතුය.

 

දෙමාපිය ගුණධර්ම

දෙමාපියන්ගේ ගුණධර්ම යන්න හරවත් හා අර්ථවත් සංකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය.එය නූතන දෙමාපිය කටයුතුවලදී භාවිත වන නමුත් ඊට සියවස් ගණනාවකට හිමිකම් කියන ඉතිහාසයක් ඇත. ගුණ දහමින් පිරි දෙමව්පියන්ගේ විශේෂත්වය වන්නේ, ස්වයං දැනුවත්භාවය ඉහළ නැංවීමයි. දරුවන්ට තමන්ගේ ජීවිතය සොයා ගැනීමට ඉඩදීම මෙන්ම ඔවුන් කවුරුන්ද යන්න අගය කිරීමට පටන් ගැනීම එහි පළමු පියවරයි. එම දෙමව්පියන්ට අදාළ වන කරුණු පිළිබඳ පහත කරුණු තුළින් පැහැදිලි කරගත හැකිය.  

■ අසීමිත සෙනෙහසෙහි ශක්තිය භාවිත කිරීම

■ ඔබ සියල්ල දන්නා කෙනෙක් නොවන බව පැවසීම

■ ඔබ පිළිබඳ දරුවාට සත්‍යය වටහා දීම

■ මනුෂ්‍යත්වය පිළිබඳ වටහා දීම හා තමන් පිළිබඳ ඉගෙනීමේ වටිනාකම වටහා දීම

■ අභ්‍යන්තර විෂය පථය ශක්තිමත් කිරීමට මඟ පෙන්වීම

 

- රැකියාව හා පවුලේ සමාජිකයන් අතර යහපත් සබඳතාවක් පවත්වා ගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කිරීම

 

- දරුවන් තමන් අසල නොසිටින අවස්ථාවන්හිදී ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීම වෙනුවෙන් තාක්ෂණය භාවිත කළ යුතු අතර දරුවන් මෙම තාක්ෂණය ආරක්ෂිත හා සුදුසු ආකාරයෙන් භාවිත කිරීම වැදගත් වේ.

 

- පවුලට ඇතිවන දුෂ්කරතා හා අර්බුදයන්හිදී දරුවන් සමඟ ඒවායින් මිදීමට කටයුතු කිරීම

 

- පවුලේ සතුට හා සැනසුම වෙනුවෙන් නිවස තුළ ආදරණීය පරිසරයක් නිර්මාණය කිරීම

 

“යහපත් දෙමව්පියන් මනිනු ලබන සංකේතය වන්නේ, දරුවන්ගේ හැසිරීම නොවේ. සැබැවින්ම යහපත් දෙව්පියන්ගේ සංකේතය වන්නේ, ඔවුන්ගේ හැසිරීමයි.”

  - ඇන්ඩි ස්මිත්සන්