බැලුන් සමඟ විනෝදවීම

බොහෝ දරුවෝ බැලුම්වලට ඇලුම් කරති. වර්ණවත් වීම සහ ඒවා උඩ දමමින්, අල්ලමින් සෙල්ලම් කළ හැකි වීම ඔවුන්ට පැය ගණනාවක් පවතින විනෝදයක් ලබා දෙයි. එමෙන්ම ඒවා පිපිරුණොත් එම හඬට දරුවාට බය වීමට දීම වෙනුවට සිනහවකින් ප්‍රතිචාර දක්වන්න.

පියවර 1 - විවිධ වර්ණයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුත් බැලුන් පුම්බා ගන්න.
පියවර 2 - බැලුන් ඉහලට විසි කරන්න. එය ආපසු ඔබ වෙත එවීමට හෝ එය අල්ලා ගන්න ඔබේ දරුවාව යොමු කරන්න.
පියවර 3 - ඔබ සහ ඔබේ කුඩා දරුවාට බැලූන් විසිකිරීමෙන් හෝ ඒවාට පයින් ගැසීමෙන් පැය ගණනක් විනෝද විය හැකිය. මේ තුළින් විනෝදයක් ලබන අතරම ඔබේ දරුවාගේ අත සහ ඇස අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීමටද හැකි වේ. පසු කාලීනව ආතතියකින් තොර විනෝදයක් උදෙසා සුළු බරකින් යුත් බෝල සඳහා මාරු වෙන්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.