නාට්‍යානුසාරයෙන් වැරැද්දෙන් හරි දේ ඉගැන්වීම

හරි වැරැද්ද අතර වෙනස ඔබේ කුඩා දරුවාට ඉගැන්වීම දුෂ්කර කාර්යයක්! නමුත් එය කුඩා අවධියේ සිටම ආරම්භ කිරීම ඉතා වැදගත්.

කුඩා නාට්‍යයක් හෝ ජවනිකාවක් ඉදිරිපත් කිරීමට ඔබේ දරුවා කැමති මෘදු සෙල්ලම් බඩු හෝ බෝනික්කන් භාවිත කරන්න. එයට අවශ්‍ය වන්නේ මිනිත්තු කිහිපයක් පමණි. ඔවුන්ගෙන් එක් අයෙකු වැරදි දෙයක් කිරීම පිළිබඳ කතාවක් ගොඩනගන්න. ඔවුන් දිගින් දිගටම වැරදි දේ කළහොත් සිදුවිය හැකි දේ පැහැදිලි කර නිවැරදි දේ කුමක්දැයි උගන්වන්න. කළයුතු නිවැරදි දෙය කුමක්දැයි ඔබේ දරුවාට මතක තබා ගැනීමට කුඩා කතාවට හැකි වේ.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.