චිත‍්‍ර ඇදීමෙන් වර්ණ ඉගෙනීම

පියවර 1 - දිය සායම් තීන්තවල විවිධ වර්ණ 5ක් හෝ 6ක් සකස් කරන්න.
පියවර 2 - එක් එක් වෙනස් වර්ණයන් සදහා වෙනම කපු පුලූන් කැබැල්ලක් භාවිත කරන්න.
පියවර 3 - කඩදාසි මේසය මත අලවා කපු පුලුන් භාවිතයෙන් ඔබේ දරුවාට තීන්ත ආලේප කිරීමට ඉඩ දෙන්න. විකල්පයක් ලෙස ඔබට ඔබේ දරුවා වෙනුවෙන් පින්තූරයක් ඇඳිය හැකි අතර සිතුවම්වල එක් එක් කොටස සඳහා ඔවුන් භාවිත කරන්නේ කුමන වර්ණයදැයි ඔවුන්ගෙන් විමසන අතර පාට කරන්න.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.