හැඩතල සමඟ නිර්මාණශීලී වීම

පියවර 1 -චතුරස්‍ර,රවුම්,ත්‍රිකෝණ වැනි හැඩතල වර්ණ කඩදාසි මත අඳින්න. ඒවා හඳුනා ගැනීමට ඔබේ දරුවාගෙන් ඉල්ලා සිටින්න.

පියවර 2 - ඔබේ චිත්‍රය පිටපත් කිරීමට ඔබේ දරුවා යොදා ගන්න.

පියවර 3- එවිට ඔබේ දරුවාට හැඩයන් වර්ණ ගැන්වීමට හෝ ඒවා කපා ඉවත් කර ගෙන මිනිස් ශරීරයක්, මෝටර් රථයක් හෝ නිවසක් ආදී පින්තූරයක් සැකසීමට ඉල්ලා සිටින්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.