ටී ෂර්ට් එකක් මත පින්තාරු කිරීම

පියවර 1 - මෙම ක්‍රියාකාරකමද විනෝදජනකය. පැරණි තනි පාට ටී ෂර්ට් එකක් ගන්න. (වඩාත් සුදුසු සුදු හෝ ලා වර්ණයන්ය)

පියවර 2 - ස්පොන්ච් එකක් කුඩා කැබලිවලට හෝ විවිධ හැඩවලට කඩා ගන්න. විකල්පයක් ලෙස අර්තාපල්,කැරට් වැනි විවිධාකාරයෙන් කපන ලද එළවලු භාවිත කළ හැකිය.

පියවර 3 - ස්පොන්ච් කැබලි දිය සායම් තීන්තවල ගල්වා විනෝදජනක රටාවක් සාදා ගැනීම සඳහා ටී ෂර්ට් එක මත තබන්න. ඔබේ කුඩා දරුවා ඔබව අනුකරණය කර ඔවුන්ටම සුවිශේෂ වූ ටී ෂර්ට් එකක් නිර්මාණය කරනු ඇත. ඔබ දෙදෙනාටම එම ටී ෂර්ට් එක පැළඳ මතකයේ සිටින පින්තූර කිහිපයක් ගත හැකිය.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.