නිශ්චිත මාවතක ගමන් කිරීම

පියවර 1 - විවිධ වර්ණයන්ගෙන් හා දිගෙන් යුතු කඹ 2ක් 3ක් ගෙන බිම විවිධ හැඩයන්ගෙන් එළන්න. නිදසුනක් ලෙස - එකක් සරල රේඛාවක් ලෙස, එකක් වක්‍රයක් ලෙස තවත් එකක් සිග් සැග් ක්‍රමයට එළිය හැකිය.

පියවර 2 - ඉන්පසු ඔබේ කුඩා දරුවාට කඹය දිගේ හෝ කඹය අසලින් ඇවිදීමට උදව් කරන්න. ඔවුන් මෙම මූලික ගමන් පථය ගමන් කළ පසු ඔබට එය අභියෝගයක් ලෙස ඉදිරිපත් කර ඔවුන් එය කෙතරම් වේගයකින් කරනු ඇත්දැයි නිරීක්ෂණය කරන්න. එය සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ට බිස්කට් හෝ ටොෆි තෑගි දෙන්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.