අභියෝගතා වැඩසටහන් භාවිත කරමින් උපදෙස් පිළිපැදීමට ඉගෙනීම

පියවර 1 - ගෙවත්තේ හෝ නිවස තුළ ඔබේ දරුවාගේ ක්‍රීඩා ප්‍රදේශය තුළ ඇසට පෙනෙන ලෙස මාවතක් සකස් කරන්න. මේ සඳහා ඔබට ටේප් හෝ කඹ භාවිත කළ හැකියි.

පියවර 2 - ඔබේ උපදෙස් පරිදි දරුවා මාවතේ ගමන් කරවන්න. උදාහරණයක් ලෙස ‘පියවර 5ක් පනින්න.’ ‘පියවර 3ක් ඇවිදින්න’ ‘පියවර 6ක් පනින්න’ යනාදී වශයෙන් විනෝද වන්න .ඔවුන් සමඟ එය සිදු කරන්න. එකිනෙකා තරඟ කිරීමට හා වඩාත් ඉදිරියට යන්නේ කවුදැයි බැලීමට හැකිය.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.