ඔබ මුලින් ඔබේ කුඩා දරුවාට කෝප්පයක් දුන් විට ඉන් පානය කරන ආකාරය ඔවුන් තේරුම් ගන්නේ නැත.ඔවුන් ඉන් පානය කිරීමට සම්පූර්ණයෙන් අකමැති විය හැකිය. අලුත් දේ සිදු කිරීමට අලුත් ක්‍රමයන් අනුගමනය කිරීම සඳහා ඔවුන්ට යම් කාලයක් ගත වේ. එබැවින් කෝප්පයෙන් පානය කිරීමට ඔවුන්ට බල කරනවා වෙනුවට එය පියවරෙන් පියවර සාර්ථක කර ගැනීමට සළස්වමින් ඔහුට/ඇයට විනෝදාත්මක ක්‍රියාවලියක් බවට පත් කරන්න. ඔවුන්ගේ වැඩ ඔබට විනෝදයක් වේවි.

පියවර 1 - පළමුව කෝප්පය සහ ඇතුළත ඇති දියර පිළබඳ ගවේෂණය කර දැන ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න.
පියවර 2 - ඔබ එය ඔබේ දරුවාගේ මුවට ගැනීමට මඟ පෙන්වන විට, ඔහුට/ඇයට කෝප්පයෙහි ඇති දියරයේ සුවඳ දැනීමට සළස්වන්න. ඉන්පසූ දියර ස්වල්පයක් පානය කිරීමට ඔහු/ඇය මෘදුව දිරිගන්වන්න.
පියවර 3 - අවසාන වශයෙන් කෝප්පය නැවත ගත් ස්ථානයේම තැබීමට ඔබේ දරුවාට උදව් කරන්න.

Image
activities-1-year-drink-from-cup
Meta Description
ඔබ මුලින් ඔබේ කුඩා දරුවාට කෝප්පයක් දුන් විට ඉන් පානය කරන ආකාරය ඔවුන් තේරුම් ගන්නේ නැත
Meta Title
කෝප්පයකින් පානය කිරීම| Growingup Sri Lanka