දරුවාගේ ආහාර ගැනීමේ කුසලතා සංවර්ධනය කිරීම

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

දරුවාගේ ආහාර ගැනීමේ කුසලතා සංවර්ධනය කිරීම

image01

පුංචි දියර හැන්දකින් ආරම්භ කළ ඔබේ දරුවාගේ ආහාර චාරිකාව දැන් බොහෝ දුරක් ඇවිත්. (එහි තවත් වැදගත් පියවරක් වෙත යොමු වෙන්නයි දැන් සූදානම!) ඔබේ දරුවාගේ වර්ධනයට අවශ්‍ය ආහාර පිළිබඳ අවබෝධයක් ඇතිව පවුලේ ආහාර වේලක් සූදානම් කිරීමෙන් එය වඩාත් ප්‍රිය උපදවන අත්දැකීමක් බවට පත් කළ හැකියි. ස්වාධීන, සෞඛ්‍යසම්පන්න ආහාර වේලකට දරුවා සූදානම් කරන්නට මේ හරහා ඔබට අවස්ථාව උදා වෙනවා.


කෝප්පයෙන් බොන්න හේතු 3ක්

image02

ඔබ දන්නවාද? දිගු කාලයක් බෝතලයකින් පානය කිරීම දත් දිරායාමට වගේම අධිබර තත්ත්වයටත් හේතුවක්. The American Academy of Pediatrics (AAP) මඟින් නිර්දේශ කරන ආකාරයට මාස 18ට පෙර බෝතලයෙන් බීමේ පුරුද්ද දරුවන් වෙතින් ඉවත් කළ යුතුයි.


ඔබේ දරුවාට ඔබ තවමත් කෝප්පයෙන් බීමට හුරු කර නැත්නම් දැන් එය සිදු කිරීමට හොඳම වෙලාවයි.

  1. මාස 12න් පමණ පසු බොහෝ දරුවන්ට කෝප්පය අල්ලාගෙන බීමේ හැකියාව ඇත
  2. කෝප්පයකින් බීමට හුරු වූ පසු සූප්පුවක්, පියනක් හෝ ස්ට්‍රෝ එකක් ඇති බෝලයක් දීම අවශ්‍ය නොවේ
  3. පළමු උපන්දිනයෙන් පසු එළකිරි හෝ වර්ධනය සඳහා සුදුසු කිරි වර්ගයක් ලබා දිය හැකිය. කෝප්පය හඳුන්වා දීම ද ඒ සමඟම කළ හැකිය. 


කෝප්පයෙන් බීමේ දී කළ යුතු සහ නොකළ යුතු දේ
 

image03

 

තනිවම අතින් ආහාර ගැනීමට හුරු වූ පසු දරුවාට කෝප්පයකින් බීමට හුරු කිරීම ද වැදගත් කුසලතාවකි.

කළ යුතු, නොකළ යුතු

  • දරුවාට සුදුසු කුඩා ප්‍රමාණයේ කෝප්පයක් ගෙන, එය හොඳින් පුරවා දරුවාට දෙන්න. මෙමඟින් කෝප්පය උඩට හැරවීමෙන් තොරව පානය කිරීමට දරුවාට හැකි වේ. දරුවා වතුර හලා ගැනීම ගැන හෝ බීමෙන් පසු කෝප්පය විසි කිරීම ගැන වද නොවන්න. එය දරුවා ඇති තරම් පානය කළ බව අඟවන ආකාරයයි.
  • දරුවාට ප්‍රමාණවත් පුහුණුවක් ලැබෙන තුරු ඉවසීමෙන් කටයුතු කරන්න. දරුවා මේ පුහුණුව ලබා ගන්නේ ක්‍රමානුකූලවයි. දරුවා පානය කරන විට ඉක්මන් කරන්න හෝ බල කරන්න එපා. එයින් දරුවා ඉක්මනින් හුරු වීමක් සිද්ධ වන්නේ නැහැ.
  • දරුවා ඉහිරවා ගැනීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. විශේෂයෙන්ම කෝප්පය උඩට එසවිය යුතු ප්‍රමාණය ගැන ඔහු මේ තුළින් අවබෝධයක් ලබනවා. කෝප්පය මුවට ළං කිරීමේදී, පානය කිරීමේ දී හා මුවින් පිටතට ගැනීමේදී මේ ආකාරයට ඉහිරවා ගැනීම සිදු වන්නට පුළුවන්. තෙමා ගැනීම, හලා ගැනීම ගැන වද වෙන්න එපා. ඒ සියල්ලත් ඉගෙන ගැනීමේම කොටසක්.
  • පහසුවෙන් අල්ලා ගත හැකි ප්ලාස්ටික් කෝප්ප භාවිත කරන්න. කොප්පය තැනින් තැනට ගෙන යාමට දරුවාට ඉඩ දෙන්න එපා.
  • වේලකට පසුව සහ දවස පුරාම කෝප්පයෙන් පමණක් බීමට උනන්දු කරන්න. කෝප්පය ඇඳට ගෙන යන්නට ඉඩ දෙන්න එපා.
  • දරුවාගේ වයසට සරිලන ආකාරයට 120-180ml ප්‍රමාණයක් (අවුන්ස 4-6) අල්ලන කෝප්පයක් භාවිත කරන්න.  දරුවා තවමත් මේ හුරුව ලබා ගෙන නැත්නම් ඒ ගැන වද වෙන්නට එපා. සෑම දරුවෙකුම වැ‌ඩෙන්නේ වෙනස් ආකාරවලින්.

 

image04

 

ජලය ලබා දීමෙන්

 

  1. සජලනය ඇති කරයි - ක්‍රියාශීලීව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නියැලීමටත්, සජලනයෙන් යුතුව සිටීමටත් ජලය උපකාරී වෙනවා
  2. කැලරි රහිතයි - ජලයේ කැලරි අඩංගු නොවන නිසා දරුවාගේ සියලු ශක්ති අවශ්‍යතා මවුකිරි හෝ එළකිරි මඟින් ලබා ගත හැක
  3. දත් ආරක්ෂා කරයි - ජලයේ සීනි අඩංගු නොවන නිසා දරුවාගේ දත්වලට හානියක් සිදු නොවේ.
    ඇතැම් දෙමාපියන් සහ රැකබලා ගන්නන් විසින් දරුවන්ට සීනි සහිත රස ගැන්වූ දියර වර්ග හෝ බීම වර්ග ලබා දීමට පුරුදුව සිටියත් මේ පුරුද්ද මඟින් දරුවාගේ නිරෝගී සෞඛ්‍යයට සහ දත්වලට අහිතකර බලපෑම් ඇති විය හැකිය.

බීම වර්ග ලබා දෙන්නේ නම්,

 

  1. අධික කැලරි ප්‍රමාණයක් සහිත රස ගැන්වූ බීම වර්ග වැඩි වශයෙන් පානය කිරීමෙන් දරුවාට ඉහළ කැලරි ප්‍රමාණයක් දෛනිකව ලැබෙන අතර මෙය සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑම්වලට සහ අධි බර තත්ත්වයන්ට හේතු විය හැකිය. 
  2. සීනි අධික බීම වර්ග, ජූස් වර්ග හා රස ගැන්වූ ජලය ඉහළ සීනි සංයුතියකින් යුක්තයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන ආකාරයට “සීනි රහිත” (සීනි රහිත පළතුරු ජූස් සහ ස්මූදි) බීම වර්ග ද දිනපතා භාවිතය ළමුන් මෙන්ම වැඩිහිටියන් විසින් ද අවම කළ යුතු වේ. 
  3. සීනි සහිත බීම වර්ග නිසා දත් දිරා යාමේ අවදානමක් ද මතු විය හැකිය. දරුවාගේ මුඛයේ කෙළ සමඟ බැක්ටීරියා ක්‍රියාත්මක වීමෙන් මෙම තත්ත්වය ඇති වේ. මෙය පාලනය කර ගැනීමට දවසකට දෙවරක් දත් මැදීමට යොමු කරවන්න. දරුවන් සඳහා ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ස්වල්පයක් (වී ඇටයක ප්‍රමාණයක්) ලබා දිය හැකිය.

සෞඛ්‍යමත් පාන වර්ග දරුවාට තෝරා දීමට ඔබේ ආදර්ශය ද වැදගත් වේ. ඔබ ඉතා උනන්දුවෙන් ජලය පානය කරනු දකින ඔබේ දරුවා ද ජලය පානයට වැඩි කැමැත්තක් දක්වනු ඇත. ජූස් වර්ග දරුවාගේ ආහාර වේල්වලට ලබා දීම අනිවාර්ය නැත. සම්පූර්ණ පළතුර දීම ඊට වඩා යෝග්‍ය විය හැකිය. ඔබ දරුවාට ජූස් වර්ග දීමට තීරණය කරන්නේ නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

 

  1. 100%ක් ස්වාභාවික ජූස් වර්ග පමණක් ලබා දෙන්න. “පළතුරු බීම”, “ජූස් බීම” ආදියේ පළතුරට වඩා සීනි ප්‍රමාණයක් අඩංගු වේ.
  2. 120ml (අවුන්ස 4)කට වඩා ලබා දීමෙන් වළකින්න.
  3. ආහාර වේලක කොටසක් ලෙස ලබා දෙන්න

මූලාශ්‍ර

  • Black MM, Aboud FE. Responsive feeding is embedded in a theoretical framework of responsive parenting. J Nutr 2011; 141(3): 490-4.
  • Bonuck K, Ben Avraham S, Hearst M, et al. Is overweight at 12 months associated with differences in eating behaviour or dietary intake among children selected for inappropriate bottle use? Matern Child Nutr 2014; 10(2):234-44.
  • Dattilo AM Programming long-term health: Effect of parent feeding approaches on long-term diet and eating patterns. In: Early nutrition and long-term health, mechanisms, consequences and opportunities. Ed., Saavedra and Dattilo, Elsevier, 2017: 471-95.
  • Gooze RA, Anderson SE, Whitaker RC. Prolonged bottle use and obesity at 5.5 years of age in US children. J Pediatr 2011; 159(3):431-6.
  • Hurley KM, Cross MB, Hughes SO. A systematic review of responsive feeding and child obesity in high-income countries. J Nutr 2011; 141(3):495–501.
  • Shloim N, Edelson LR, Martin N, et al. Parenting styles, feeding styles, feeding practices, and weight status in 4-12 year- old children: A systematic review of the literature. Front Psychol 2015; 6:1849. doi: 10.3389/fpsyg.2015.01849.
  • Sleddens EF, Gerard SM, Thijs C, et al. General parenting, childhood overweight and obesity-inducing behaviors: a review. Int J Pediatr Obes 2011; 6(2-2): e12–27.
  • Vollmer RL, Mobley AR. Parenting styles, feeding styles, and their influence on child obesogenic behaviors and body weight: a review. Appetite 2013; 71:232-41.
  • World Health Organization. Guideline: Sugars intake for adults and children. Geneva: World Health Organization; 2015.
  • https://www.aap.org/en-us/about-the-aap/aap-press-room/aap-press-room-media-center/Pages/Weaning-from-the- Bottle.aspx (Accessed August 8 2018)
  • https://www.aap.org/en-us/about-the-aap/aap-press-room/Pages/American-Academy-of-Pediatrics-Recommends- No-Fruit-Juice-For-Children-Under-1-Year.aspx(Accessed August 8 2018)