පවුලේ කෑම වෙලාවේදී දරුවාට දිය යුතු අත්‍යවශ්‍ය දේවල්

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

පවුලේ කෑම වෙලාවේදී දරුවාට දිය යුතු අත්‍යවශ්‍ය දේවල්

image01

පවුලේ කෑම වෙලාව ප්‍රියජනක එකක් කර ගැනීමට ඒ සඳහා හොඳ සූදානමක් තිබීම ද වැදගත් වේ. ඔබ දරුවාට ලබා දෙන ආහාර සහ ඒවා පිරිනමන ආකාරය ගැන මනා අවබෝධයක් ඔබට තිබිය යුතුය. පීඩනයෙන් තොර උණුසුම්, දිරිගන්වන වටපිටාවක් දරුවාට නිර්මාණය කර දෙන්න. පහත සඳහන් දෑ සපයා දීමෙන් දරුවාට වඩාත් සුවපහසු බවක් ලැබෙනු ඇති අතර දරුවාට පවුලේ අය සමඟ හොඳින් සම්බන්ධ වෙමින් ආහාර රස විඳීමට ද හැකි වනු ඇත.

 

  • උස පුටුවක්

කෑම මේසයට පහසුවෙන් වාඩි විය හැකි ආකාරයට දරුවාගේ උසට ගැලපෙන උස පුටුවක ආරක්ෂිතව වාඩි කරවන්න. දරුවන්ට ඇත්තේ කෙටි අවදාන වේලාවක් බැවින් වැඩි වේලා පුටුවක රඳවා තැබීම අසීරුය. මේ නිසා කෑම වේල සූදානම් වූ පසු (කෑම හැකි තරමට සිසිල් වූ පසු) පුටුවේ තබා කෑම පිළිගැන්වීම වඩාත් සුදුසු වේ.

  • මැට් එකක් හෝ බිම ඇතිරිල්ලක්

ඔබේ සිඟිත්තා තවමත් පසුවන්නේ ආහාර ගැනීමට හුරුවන අවදියකයි. මේ නිසා දරුවා අතින් ආහාර ඉහිරීම, බිම වැටීම වගේම ආහාර සමඟ සෙල්ලම් කිරීම ද ඔහුට විනෝදයක් ගෙන දෙන්නක් විය හැකියි. මෙය ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක්. දරුවා ආහාර හෝ උපකරණ විසි කරන්නේ නම් එයින් අදහස් වන්නේ ඔහු ආහාර ගෙන අවසන් බවයි. වීසී කිරීම හොඳ දෙයක් නොවන බව දරුවාට කියා දෙන්න. දිගටම එය කරන්නේ නම් දරුවා පුටුවෙන් බස්සවා වෙනත් යමක් සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාව සලසා දෙන්න.

  • කුඩා ඒප්‍රණයක්

දරුවාට හැඳි ගෑරුප්පු මඟින් ආහාර ගැනීමේ හුරුව තවමත් සම්පූර්ණයෙන්ම ලැබී නොතිබුණත් තනිවම ආහාර ගැනීමට දරුවා නිතර දිරිගන්වන්න. හැන්දට ආහාර ගෙන මුවට ඇතුළු කිරීමේ දී හැලෙන්නට ඉහිරෙන්නට ඉඩ ඇති බැවින් දරුවාගේ ඇඳුම් ආහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා කුඩා ඒප්‍රණයක් දරුවාට පැළඳීම යෝග්‍යයි. තනිවම අතින් හෝ හැන්දකින් කෑ හැකි කෑම ලබා දෙන්න. 

  • ඇඳුම් සහ පිසදමන රෙදි

දරුවන් අලුත් ආහාර වර්ග හඳුනා ගනු ලබන්නේ සංවේදනයන් තුළිනි. ඔවුන් ආහාර ඇල්ලීමට හා මිරිකා බැලීමට යොමු වීම ස්වභාවිකය. දරුවාගේ එවැනි අත්හදා බැලීම්වලට සහ අපිරිසිදු වීම්වලට ඉඩ දෙන්න. දරුවා කෑම ගෙන අවසන් වූ පසු අස්පස් කිරීම කරන්න.

  • කෝප්පය/ස්ට්‍රෝ එක

කිරි හෝ ජලය ලබා දීමේදී දරුවාට පහසුවෙන් අල්ලා ගත හැකි කුඩා ප්‍රමාණයේ කෝප්පයක් ලබා දෙන්න. සිදුරක් සහිත (වෑල් එකක් රහිතව ජලය ගලා එන) කෝප්පයක් වුවද මේ පුහුණුව සඳහා සුදුසුය. නමුත් හැකිතාක් විවෘත කෝප්පයක් හෝ ස්ට්‍රෝවක් සහිත කෝප්පයක් ලබා දීමට උත්සාහ කරන්න. උරා බීමට වඩා තොල ගාමින් බීමට හුරුවක් මේ නිසා ලැබෙනු ඇත.

  • ළමා හැඳි ගෑරුප්පු

දරුවාගේ අතට ගැළපෙන ආකාරයේ කුඩා හැඳි, ගෑරුප්පු (තියුණු නැති) පිහි වැනි උපාංග කට්ටලයක් ලබා දෙන්න. ඒවා පහසුවෙන් අල්ලා ගැනීමට සහ හැසිර වීමට මේ නිසා හැකිවනු ඇත.

  • ඉවසීම !

මේ ඔබේ දරුවා කාර්යබහුල ලෙස ජීවිතයට අත්‍යවශ්‍ය නිපුණතාවන් පුහුණු වන අවදියයි. ඇතැම් විට දරුවා අන් සියලු දෙනාටම වඩා ආහාර වේල සම්පූර්ණ කිරීම සඳහා සෑහෙන වේලාවක් ගත කිරීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවක දරුවා අනවශ්‍ය ලෙස ඉක්මන් නොකළ යුතුයි. ප්‍රියජනක වාතාවරණයක් සකසා දී විනෝදයෙන් පවුලේ අය සමඟ සංවාදයේ යෙදන්නට ඔහුට ඉඩ සලසා දෙන්න. ආහාර ගැනීම සහ සමාජ කුසලතාවන් පිළිබඳ ඉගෙන ගැනීමටත් දරුවාට මේ තුළින් අවස්ථාව ලැබෙනු ඇත.

 

image02

 

දරුවාට ආහාර පිළිගන්වන ආකාරය පිළිබඳ සැලකිලිමත් වන්න


දරුවා ස්වාධීනව ආහාර ගැනීමට හුරු වී සිටයත් දරුවාට ආහාර ලබා දීමේ ක්‍රමවේදය ඔහුගේ අනාගත සෞඛ්‍ය කෙරෙහි බෙහෙවින්ම බලපානු ලබයි. “අපරික්ෂාකාරී හෝ නොසැලකිලිමත් දෙමාපිය පුරුදු නිසා දරුවාගේ අධි බර තත්ත්වයන් ඇති විය හැකි බව, ස්විට්සර්ලන්තයේ නෙස්ලේ පර්යේෂණ ඒකකයේ, චර්යා විද්‍යා විශේෂඥ ආචාර්ය ලීසා ෆ්‍රයිස් සඳහන් කරයි. “ප්‍රතිචාර සහිත ආහාර දීමේ රටාවක් අනුගමනය කිරීමෙන් නිරෝගිමත් බර සහ පෝෂණ මට්ටමක් ළඟා කරගත හැකිය. විවිධ ආහාර වර්ග උණුසුම්ව, ප්‍රියශීලී වටපිටාවක් තුළ සැලසුම් කළ ආහාර සැලසුමක් සහිතව නිතිපතා ලබා දීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල (මේසයට වාඩි වී ආහාර ගැනීම වැනි) ලබා ගත හැකිය. සෑම විටම දරුවාගේ කුසගින්න හා කුස පිරීම පිළිබඳ සංඥා පිළිබඳ අවධානයෙන් පසුවන්න.” සෑම විටම ප්‍රතිචාර සහිතව ආහාර ගැනීමේ මූලධර්ම අනුගමනය කරන්න. ආහාර දීමේදී කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳ ලිපිය සහ ඔබේ ආහාර දීමේ රටාව කුමක්ද? යන ලිපිය බලන්න. ඔබේ දරුවාට යහපත් ආහාර හුරුවක් ඇති කිරීමට එය හේතු වනු ඇත.

මූලාශ්‍ර

  • Black MM, Aboud FE. Responsive feeding is embedded in a theoretical framework of responsive parenting. J Nutr 2011; 141(3): 490-4.
  • Bonuck K, Ben Avraham S, Hearst M, et al. Is overweight at 12 months associated with differences in eating behaviour or dietary intake among children selected for inappropriate bottle use? Matern Child Nutr 2014; 10(2):234-44.
  • Dattilo AM Programming long-term health: Effect of parent feeding approaches on long-term diet and eating patterns. In: Early nutrition and long-term health, mechanisms, consequences and opportunities. Ed., Saavedra and Dattilo, Elsevier, 2017: 471-95.
  • Gooze RA, Anderson SE, Whitaker RC. Prolonged bottle use and obesity at 5.5 years of age in US children. J Pediatr 2011; 159(3):431-6.
  • Hurley KM, Cross MB, Hughes SO. A systematic review of responsive feeding and child obesity in high-income countries. J Nutr 2011; 141(3):495–501.
  • Shloim N, Edelson LR, Martin N, et al. Parenting styles, feeding styles, feeding practices, and weight status in 4-12 year- old children: A systematic review of the literature. Front Psychol 2015; 6:1849. doi: 10.3389/fpsyg.2015.01849.
  • Sleddens EF, Gerard SM, Thijs C, et al. General parenting, childhood overweight and obesity-inducing behaviors: a review. Int J Pediatr Obes 2011; 6(2-2): e12–27.
  • Vollmer RL, Mobley AR. Parenting styles, feeding styles, and their influence on child obesogenic behaviors and body weight: a review. Appetite 2013; 71:232-41.
  • World Health Organization. Guideline: Sugars intake for adults and children. Geneva: World Health Organization; 2015.
  • https://www.aap.org/en-us/about-the-aap/aap-press-room/aap-press-room-media-center/Pages/Weaning-from-the- Bottle.aspx (Accessed August 8 2018)
  • https://www.aap.org/en-us/about-the-aap/aap-press-room/Pages/American-Academy-of-Pediatrics-Recommends- No-Fruit-Juice-For-Children-Under-1-Year.aspx (Accessed August 8 2018)