පවුලේ කෑම වෙලාවට ඵලදායී පියවර 10ක්

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

කෑම වෙලාව පවුලේ සියලු දෙනාට සතුටින් ආහාර ගැනීමට අවස්ථාවක් සලසා දෙනවා පමණක් නොව විනෝදයෙන් තම තමන්ගේ අත්දැකීම් බෙදාහදා ගන්නටත් ඉඩක් ලබා දෙනවා. මේ අත්දැකීම තුළින් දරුවාට ජීවිත කාලයටම ප්‍රයෝජනවත් සෞඛ්‍යමත් ආහාර පුරුදු ඇති කර ගැනීමටත් උපකාර වෙනවා.

image01

දරුවාට ආහාර පාන ගැනීම සම්බන්ධයෙන් බොහෝ දේ ඉගෙන ගැනීමටත් මේ හුරුව ඉතාමත් වැදගත්. ඔබත් අද පටන් පවුලේ කෑම වෙලාවේදී පහත උපදෙස් අනුගමනය කරන්න.
ඔබ දැනටමත් මේ උපදෙස් පිළිපදිනවා නම්, ඔබට සුබ පැතුම් ! ඔබේ දරුවා ස්වාධීනව ආහාර ගැනීම ඇතුළු යහපත් සෞඛ්‍යමත් ආහාර පුරුදු ඉක්මනින් හුරු කරගනු ඇත. එසේ නොමැති නම් කණගාටු වන්න එපා. පවුලේ කෑම වේලාවේ ඔබට මඟ හැරී ඇති දේවල් මොනවාදැයි සොයාබලා සටහන් කරගන්න. පුංචි පුංචි වෙනස්කම් මඟින් දරුවාගේ ආහාර පුරුදු නිසි මඟට ගැනීමට උත්සාහ කරන්න.‍
 

  1. රූපවාහිනිය සහ දුරකතන වැනි දෑ දරුවාගේ අවධානය වෙනස් කරන නිසා කෑම වෙලාවේදී එවැනි දේ ලබා දීමෙන් වළකින්නimage01
  2. ආදරය, උණුසුම පිරුණු මිත්‍රශීලී ක්‍රියාකාරී වටපිටාවක් දරුවාට නිර්මාණය කර දෙන්නimage02

  3. සතියකට දින කිහිපයක් වත් රාත්‍රී ආහාර වේල පවුලේ සියලු දෙනා එකට වාඩි වී භුක්ති විඳින්නimage03

  4. දරුවාට ප්‍රමාණවත් තරම තීරණය කිරීම ඔහුටම බාර දෙන්න. කුස පිරී ඇති බව පවසන්නේ නම් ඒ බව පිළිගන්න. ඔහුගේ ආහාර රුචිය දිනෙන් දින වෙනස් විය හැකි වුවත් කෑම වේලාවට කුස ගින්නක් ඇති වනු ඇතimage04

  5. විවිධ ආහාර වර්ග සමඟ අලුත් ආහාර හුරු කරවන්න. දරුවා නුහුරු ආහාර ගැනීමට අකමැත්තක් දක්වන්නේ නම් අලුත් ආහාර හුරු කරවීමට සුදුසු උපදෙස් සොයාබලා පිළිපදින්නimage05

  6. සෞඛ්‍යමත් ආහාර හුරු කිරීම සඳහා ඔබ දරුවාට ආදර්ශයක් ලබා දෙන්න. ඔබ ඒ ආහාරයට ඉතා කැමති බව පෙන්වමින් අනුභව කරන්න. (එහි ඇති රසයෙහි අඩුපාඩු ගැන ඔබේ මුහුණින් හෝ වචනවලින් ප්‍රකාශ කරන්න එපා)image06

  7. දිනකට ප්‍රධාන වේල් තුනක් නිශ්චිත වේලාවකට අනුව දරුවාට ලබා දෙන්න.image07

  8. අමතර කෙටි කෑමක් දිනකට වරක් හෝ දෙවරක් ලබා දෙන්න. දරුවන්ට නිතර ආහාර ගැනීම අවශ්‍ය නොවුනත් නිතර ආහාර ගැනීමට ඔවුන් කැමැත්තක් දක්වයි. කුසගින්න ඇති වීම සඳහා ප්‍රධාන වේල් සහ කෙටි කෑම අතර පරතරය පවත්වා ගන්න.image08

  9. ආහාර ගන්නා අතරතුර සහ වේල් අතරතුර පාන වර්ග (කිරි හෝ ජලය) ලබා දෙන්න. සීනි සහිත රසගැන්වූ බීම වර්ග දීමෙන් වළකින්නimage09

  10. එක් සාමාන්‍ය දිනයක් තෝරා ගෙන එදිනට සියලුම ආහාර වර්ග (පළතුරු, ධාන්‍ය, කිරි, මස්, මාළු, ප්‍රෝටීන් ආහාර හා එළවළු) ලබා දෙන්නimage10

මෙම පියවර හැකිතාක් අනුගමනය කිරීමට උත්සාහ කරන්න. පවුලේ සියලු දෙනා එකට වාඩි වී කෑම ගැනීම තුළින් දරුවාට ආදර්ශයක් ලබා දීමටත් ඔහුගේ අනාගතයට මනා හුරුවක් ලබා දීමටත් ඔබට හැකි වනු ඇත.


මූලාශ්‍ර

  • Black RE, Makrides M, Ong KK (eds): Complementary Feeding: Building the Foundations for a Healthy Life. 2017 Nestlé Nutr Inst Workshop Ser, vol 87, pp 153–165, (DOI: 10.1159/000448965)
  • Dattilo AM Programming long-term health: Effect of parent feeding approaches on long-term diet and eating patterns. In: Early nutrition and long-term health, mechanisms, consequences and opportunities. Ed., Saavedra and Dattilo, Elsevier, 2017: 471-95.
  • Shelov SP & Altmann TR (Eds.). (2009). American Academy of Pediatrics. The complete and authoritative guide Caring for your baby and young child birth to age 5 (5th ed.). USA: Bantam Books.Last revised: June, 2018