එක්ව කියවීම තුළින් දරුවාගේ කියවීමේ කුසලතා වර්ධනය

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

එක්ව කියවීම තුළින් දරුවාගේ කියවීමේ කුසලතා වර්ධනය

Nimali Buthpitiya

growingup

කාලයත් එක්ක දරුවන්ගේ සිදුවන වර්ධනය දැකීම දෙමාපියන්ට තියන ලොකුම සතුටක්. කියවීමේ කුසලතාව කියන්නෙත් දරුවාගේ ජීවිතයේ ඉතා වැදගත් කඩඉමක්. මේ වෙනුවෙන් කළ හැකි හොඳම දේ වෙන්නෙ දරුවා සමඟ එකට පොත්පත් කියවීමට දෙමාපියන් යොමු වීමයි. මෙසේ එක්ව කියවීම හෝ දරුවා සමඟ හඬ නඟා කියවීම දරුවන්ටත් දෙමාපියන්ටත් ගෙන දෙන්නේ විනෝදය පිරුණු අත්දැකීමක්. මේ පුහුණුව මුල් ළමා වියේ පටන් ඔබට ආරම්භ කරන්න පුළුවන්

හඬ නඟා කියවීම දරුවන්ගේ කියවීමේ හැකියාව වර්ධනයට බලපාන්නේ කොහොමද?

 

growingup

 

දරුවන් කියවීමට හෝ මුද්‍රිත වචනවල තේරුම ගැන අවබෝධ කර ගැනීමට කලින් වචනවල ශබ්ද හඳුනා ගන්නවා. ළදරුවෙකු ඇපල් ගෙඩියක පින්තූරයක් දෙසට ඇඟිල්ල දිගු කළ විට අප එයට ‘ඇපල්’ කියා උච්චාරණය කරනු අසන්නට දරුවා කැමතියි. වැඩිහිටියෙකු ඇපල් ගෙඩියක පින්තූරයක් පෙන්වා එහි නම හඳුන්වා දුන් පසු, සැබෑ ඇපල් ගෙඩියක් පෙන්නූ විටත් දරුවාට එය හඳුනාගැනීමට හැකි වීම භාෂාවේ වැදගත්කම පෙනෙන අවස්ථාවක්.

දරුවන්ට පෙනෙන, ස්පර්ශ කරන හෝ දැනෙන පින්තූර හෝ සැබෑ වස්තූන්ගේ වචනවල ශබ්දයන්ට සවන් දීමට දරුවන්ට ඉඩ දීමෙන් වචන ගැන ක්‍රමානුකූලව දැනීමක් ඔවුන්ට ලැබෙනවා. පොත්පත්වල දකින වචන සහ එහි ශබ්දය අතර සම්බන්ධතා ඇති කර ගනිමින් ඔවුන් ක්‍රියාකාරී ලෙස සවන්දීමේ කුසලතා හුරු කරගනු ලබනවා. ඔබේ දරුවා උද්යෝගිමත් හොඳ පාඨකයෙකු බවට පත් කරන්න මෙය ඉතා හොඳ ක්‍රමයක්.

කියවීම පුරුද්දක් බවට පත් කරන්න

දරුවාට තනිව කියවීමේ හුරුව ඇති වූ පසුව පවා ශබ්ද නඟා කියවීම පුරුද්දක් ලෙස වර්ධනය කළ යුතුයි. කලින් සඳහන් කළ පරිදි, එකට කියවීම ඔබේ දරුවා සමඟ මනා බැඳියාවක් ඇති කිරීමට හේතු වන අතරම, ඔවුන් දැනටමත් ළඟා කරගෙන ඇති හැකියාවට වඩා දියුණු  කුසලතාවන් පුරුදු පුහුණු කිරීමට නොකඩවා කියවීමට දරුවා දිරිගන්වන්න. මේ වයසට සුදුසු කියවීම් පතපොත දරුවාට ලබා දීමෙන් ඔවුන්ගේ කියවීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක් කරා ගෙන යාමට ඔබට සහාය වෙන්න පුළුවන්.

කියවීම තවත් බොහෝ කුසලතාවන් සඳහා දරුවාට ඉඩකඩ විවර කරයි 

හැමදාමත් එකම කතන්දර පොත නැවත නැවත කියවන්නට දරුවා ඔබෙන් ඉල්ලා සිටීමට පුළුවන්. අලුත් පොත්පත් හා උපකරණ එක්ක ඔවුන් අලුත් කුසලතාවයන් දියුණු කර ගන්නවා දැකීම දෙමාපියන් ලෙස ඔබේ සතුටට හේතු වුවත් කියවීම යනු චිත්තවේගීය කුසලතා, පරිකල්පනය සහ නිර්මාණශීලිත්වය වැනි තවත් බොහෝ අංග දරුවා තුළ පෝෂණය කළ හැකි පුරුද්දක් බව අප මතක තබා ගත යුතුයි. කතාව කියවන අතරේ එහි යම් කොටසක් චිත්‍රයට නඟන්නට දරුවා වැඩි කාලයක් මිඩංගු කරනවා වන්නට පුළුවන්. එය කියවීමේ වෙලාව අපතේ හැරීමක් ලෙස සිතා එය වළක්වන්නට එපා. මේ සියල්ල දෙමාපියන් සහ වැඩිහිටියන් ලෙස අප දැකීමට කැමති පරිපූර්ණ දරුවෙකුගේ වර්ධනයට සම්බන්ධ කාරණාවන් බව නිතර සිතන්න.

එක්ව කියවීමට උපදෙස්

  • ඔබ හඬ නඟා කියවන දෙයට නිතරම ඇඟිල්ල දිගු කර පෙන්වන්න
  • ඔබ කියවන විට ඔබේ ඇඟිල්ල පිටුවේ වමේ සිට දකුණට ගෙන යන්න
  • වචන නිවැරදිව උච්චාරණය කරන්න
  • වචන අතර විරාම තබන්න. කතාන්දරවල එන වචනවලට අදාළ හැඟීම පළ කරන්න
  • එක්ව කියවීම දරුවා සමඟ පමණක් කිරීම වඩාත් සාර්ථක වුනත් ළමුන් කණ්ඩායමක් සමඟ වුනත් එක්ව කියවීම සිදු කළ හැකියි
  • විවිධ මාතෘකා/සංස්කෘති හෝ දැනුම් ක්ෂේත්‍රවලට අදාළ පොත්පත් තෝරාගන්න
  • ඉවසීමෙන් අඛණ්ඩව පුහුණුව සිදු කරන්න

වැඩිහිටියෙකු ලෙස කියවීම කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කර ගැනීම විනෝදයෙන් හා සතුට පිරුණු අත්දැකීමක් දරුවාගේ අනාගතයට ඉතිරි කරනවා. අප මෙහිදී කළ යුතු වන්නේ කියවීම ඔවුන්ගේ ජීවිතයට ඉමහත් වටිනාකමක් එක් කළ හැකි පුරුද්දක් බව ඔවුන්ට අවබෝධ කරවමින් ජීවිත කාලය පුරාම පවතින හොඳ පුරුද්දක් ලෙස කියවීමේ හුරුව ඔවුන් තුළ ඇති කිරීමයි.

ඉඟි

  • එක්ව කියවීම මුල් ළමා වියේ සිටම ඇරඹිය හැකියි
  • එය දිගට පවත්වා ගත යුතු පුරුද්දක්
  • ආරම්භය සඳහා නිවැරදි ක්‍රම අනුගමනය කරන්න
  • විවිධ මාතෘකාවල පොත්පත් කියවන්න
  • කියවීමට ඔබේ ඇති අවංක උනන්දුව පෙන්වන්න
  • ඔවුන්ගේ උත්සාහයන් අගය කරන්න, ජයග්‍රහණ සමරන්න

Recommended Articles