ප්‍රෝබයෝටික් යනු මොනවාද?

ප්‍රෝබයෝටික් යනු ස්වභාවිකව ඔබගේ ශරීරයේ සිටින සජීවී, හිතකර බැක්ටීරියා වර්ගයකි. බැක්ටීරියා යැයි පවසන විට, ඒවා ශරීරයට හානිකර යැයි ඔබ සිතනු ඇත. සියලුම බැක්ටීරියා වර්ග හානිකර නැත. නිරෝගී ජීවිතයක් සඳහා සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන බොහෝ බැක්ටීරියා වර්ග තිබේ.

මව් කිරිවල පවා ප්‍රෝබයොටික් අඩංගු බව ඔබ දන්නවාද? හිතකර බැක්ටීරියා සඳහා වෙනත් වචන ඔබ දන්නවාද? ප්‍රෝබයෝටික් මඟින් ආහාර ජීර්ණයට උදව් කිරීම, ඔබේ දරුවාගේ අසනීපයන්ට හේතු වන වෙනත් විෂබීජ සමඟ සටන් කිරීම, ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය යනාදී සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් හිමිකර දෙයි. විශේෂයෙන් අම්ල පිත්තයන්ට හේතුවන විජලන කාල සීමාව හා බරපතලකම ඒ තුළින් අඩුකරනු ලබයි.
විශේෂයෙන් ආමාශයේ ආම්ලිකතාවය නිසා සිදුවන විජලනයේ කාලසීමාව සහ එහි බලපෑම මේ තුළින් අඩුකරයි.

එබැවින් ප්‍රෝබයෝටික් යනු ළමයින් සඳහා භාවිතා කළ හැකි ජනප්‍රිය ස්වභාවික පිළියමකි. හිතකර බැක්ටීරියා ඔබට ලබා ගැනීමට යෝගට්, කල් තැබූ චීස් වැනි කිරි ආහාර හා සමහර ප්‍රෝබයෝටික් අඩංගු කළ කිරිපිටි වැනි ආහාර ඔබේ දරුවාට දිය හැකියි.

Expert Name
දිලුම් වැලිවිට මෙනවිය
Image
priobiotics
Meta Title
ප්‍රෝබයෝටික් යනු මොනවාද? | Growingup Sri Lanka
Meta Description
ප්‍රෝබයෝටික් යනු ස්වභාවිකව ඔබගේ ශරීරයේ සිටින සජීවී, හිතකර බැක්ටීරියා වර්ගයකි. බැක්ටීරියා යැයි පවසන විට, ඒවා ශරීරයට හානිකර යැයි ඔබ සිතනු ඇත