Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

මාපියභාවය : දෙමාපියන්ට ඇරයුමක්

Dinusha Manjarie Wickremesekera

growingup

ඔබ දෙදෙනාගේ පුංචි පවුලට තුන්වැන්නෙක්, එහෙමත් සිව්වැන්නෙක් එක් කරගන්න ඔබ හීන දකිනවා වෙන්න පුළුවන්. ඒක ඇත්තෙන්ම සතුටට කරුණක්. ඒ සතුට පිටිපස්සේ ජීවිත කාලයටම අදාළවන පුංචි පුංචි කරුණු කාරණා ටිකකුත් හැංඟිලා තියනවා. මව සහ පියා වශයෙන් ඔබ දෙදෙනාටම ලොකු වගකීම් ප්‍රමාණයක් පැවරෙනවා. අභියෝග වගේම සතුට සහ සොම්නසත් මාපියභාවය සමඟ බැඳිලයි තියෙන්නෙ. ඉවසීමෙන්, අවබෝධයෙන්, උත්සාහයෙන් සහ ආදරයෙන් ඔබ දෙපළට ලැබෙන පුංචි සිඟිත්තාව රැකබලා ගැනීමේ වගකීම තියෙන්නෙ ඔබේ අතේ.

මාපියභාවය දරුවාගේ වර්ධනයේ අවස්ථාවන් සහ අවශ්‍යතා සමඟ වෙනස් වෙනවා. මාපියභාවය වෙනුවෙන් මුලින්ම ඔබ ඇති කරගත යුතු දේ තමයි හොඳ සූදානම. මේ කාල සීමාව තුළ මවගේ පෝෂණයට මූලිකත්වය ලැබිය යුතුයි. නිසි පෝෂණය, ව්‍යායාම සහ මානසික සූදානම ඇති කර ගත යුතු වෙනවා. ඒ වගේම ඔබේ පවුල් සම්බන්ධතාවයේ වෙනස්කම් ද ඇති වීමට පුළුවන්. වඩා වැදගත් වෙන්නෙ දෙමාපියන් මේ වෙනස්කම් පිළිබඳ කතාබහ කරලා අවබෝධයෙන් යුතුව ඉදිරි පියවර සඳහා සූදානම් වීමයි. 

මාපියභාවය ලැබීමට සූදානම් වන ඔබ එහි ඇති වටිනාකම් වඩා වර්ධනය කරන ආකාරය ගැනත් කතාබහ කිරීම වැදගත්. ඔබේ ඊළඟ පියවර විය යුත්තේ දරු උපත, දරුවා හදාවඩා ගැනීම, ඔහුට අවශ්‍ය පෝෂණය, ආදරය සහ සම්බන්ධතාව වගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට සූදානම් වීමයි. ඒ හරහා හොඳ බැඳියාවක් ඇති මාපිය දූදරු සම්බන්ධතාවක් නිර්මාණ කර ගැනීමට හැකි වෙනවා. මනෝවිද්‍යාඥයන් පවසන ආකාරයට ළමයා සහ වැඩිහිටියන් අතර ඇතිවන සම්බන්ධතාවයේ ස්වභාවය තීරණය වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ වකවානුවේ දරුවාට වැඩිහිටියන්ගෙන් ලැබෙන ආදරය සහ රැකවරණයේ ස්වභාවයයි.

 

growingup

 

මීළඟ අදියර නම් ඉතාමත් තීරණාත්මක කාලයක් වන බවට සැක නැහැ. මේ කාලයේ තමයි ඔබේ දරුවා තමාගේ අවට ලෝකය සමඟ සම්බන්ධ වීමට පටන් ගන්නෙ. ඒ නිසා මේ කාලය තුළ දෙමාපියන් දරුවාගේ හැසිරීම පාලනයට නීති රීති පැනවිය යුතු වෙනවා. දරුවන් වැඩි වැඩියෙන් ස්වාධීන වන විට ඔවුන්ගේ යහපත් හැසිරීම්වලට මඟ පෙන්වන යහපත් ගුණධර්ම දෙමාපියන් විසින් ඔවුන්ට පෙන්වා දිය යුතුයි. මෙහිදී ළමුන් විසින් ද අවබෝධ කරගත යුතු තීරණාත්මක වටිනාකම් ගණනාවක් තිබෙනවා. ඉවසීමෙන් සැනසීම ලැබෙන බව, සිරිත් විරිත් පිළිපැදීම වගේ දේවල් ඊට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මීට පෙර අදියරේදී වඩා වැදගත් කාරණය වුනේ දෙමාපියන් දරුවාගේ මූලික අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීමයි. මේ අදියරේදී මාපිය වගකීම විය යුත්තේ දරුවාගේ හැසිරීම්, යහපත් වටිනාකම්, කාරුණිකභාවය සහ චිත්තවේග පාලනය වගේ කාරණාවන් දරුවාගේ සංවර්ධනය සඳහා යොදා ගැනීමයි. 

ලබා ගැනීමට බොහෝ දේ තිබෙන නිසා ඔබේ දරුවා විටෙක ආවේගශීලී වීමට පුළුවන්. දෙමාපියන් විදියට ඒ අවස්ථාවන් හැකිතාක් මෘදු ලෙස පාලනය කරගැනීම අවශ්‍යයි. එය අසීරු කටයුත්තක් වුනත් අවසානයේ දරුවාගේ හැසිරීම් සම්බන්ධයෙන් චෝදනාව එල්ල වෙන්නෙ දෙමාපියන් වන ඔබටමයි. ඒ නිසා මේ සියල්ල මැද ඉවසීමෙන් කටයුතු කරන්නත්, අනෙක් දෙමාපියන් සමඟ අත්දැකීම් බෙදාහදා ගනිමින් ඔවුන්ගේ සහය ලබාගන්නත් ඔබට සිදු වේවි.

මේ අවදියේ වැදගත්වන තවත් කරුණක් - මෙය දරුවාගේ හැසිරීම් රටාවේ සාමාන්‍ය දෙයක් ලෙස සිතන්න. දෙමාපියන් වශයෙන් ඒ සම්බන්ධ උපකාරයක් ඔබ කාගෙන් හෝ අපේක්ෂා කරනවා ඇති. මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් මේ සඳහා උදව් උපකාර ලබා ගන්න. ඔබ හොඳ දෙමාපියෙකු නොවේය යන සිතුවිල්ල කිසිම විටෙක ඇති කරගන්නට එපා. හැසිරීම් සඳහා මඟපෙන්වීම, අලුත් චර්යාවන් පුහුණු කිරීම ආදී දේවල් මඟින් පැරණි හැසිරීම් රටා වෙනස් වන්නට ඉඩකඩ තිබෙනවා. දරුවා සමඟ කාලය ගත කරන විට‍, ඔහු/ඇය ලෝකය පිළිබඳ හෙමින් හෙමින් ඉගෙන ගන්නා විට ඔබේ පවුලේ අලුත්ම යුගයක් ආරම්භ වේවි. තමන්ගේම කියා පවුලක් ආරම්භ කිරීමට පෙර ඔහු/ඇය ස්වාධීනව කටයුතු කිරීමට හැකි පුද්ගලයෙකු බවට පත් කරන්න. ඒ සඳහා වඩා වැදගත් වන්නේ ආරම්භයේ සිටම ඔබේ මාපිය භූමිකාව මැනවින් අවබෝධ කරගනිමින් විශ්වාසය හා ආත්ම අභිමානය දරුවා තුළ පෝෂණය කිරීමට කටයුතු කිරීමයි. 

 

growingup

 

ඔබේ මාපියභාවයේ සුදුසු වෙනස්කම් සිදු කරන්නත්, අන්‍යොන්‍ය බැඳීම් සහ ආරක්ෂාව සඳහා මේ අවකාශය යොදා ගන්න. 

ඔබේ අදහස් බෙදාහදා ගන්න. මාපියභාවය සම්බන්ධයෙන් ඔබට ඇති අභියෝග සහ ප්‍රීතිමත් අත්දැකීම් බෙදාහදා ගන්න. 

උපදෙස් - විනය පවත්වා ගැනීම, තෑගි සහ දඬුවම් දීම, සවන්දීමට නම්‍යශීලී වීම, බිය සහ සතුට බෙදාගැනීම, නිරන්තර සන්නිවේදනය, මනින ලද අපේක්ෂාවන්.. යන මේවා සවිමත් මාපිය දූදරු සබඳතාවකට ඔබට උපකාරී වනු ඇත.

 

 

Sources:

Brown, B., 2020. The Gifts of Imperfection. 2nd ed. London: Vermilion.

Diener, M. and Lang, D., 2022. 1980s: Galinsky. [online] Iastate.pressbooks.pub. Available at: (https://iastate.pressbooks.pub/parentingfamilydiversity/chapter/galinsky/) 

Kidshealth.org. 2022. Nine Steps to More Effective Parenting (for Parents) - Nemours KidsHealth. [online] Available at: (https://kidshealth.org/en/parents/nine-steps.html)

Recommended Articles