Sorry, you need to enable JavaScript to visit this website.
Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

දෙමාපිය රැකවරණය යනු කුමක්ද?

දෙමව්පියන්ට තම ජීවිත කාලය තුළ අත් විඳිය හැකි වඩාත්ම අභියෝග්මක කාර්යයන්ගෙන් එකක් ලෙස දෙමාපිය රැකවරණය සඳහන් කළ හැකිය. ඒ කෙසේ වුවද වඩාත් ගැළපෙන සහ හිතකර ආකාරයේ දෙමව්පියන් ලෙස කටයුතු කරයි නම් සෑම විටම ප්‍රතිඵලදායක මෙන්ම සතුටුදායක අත්දැකීමක් හිමිවනු නිසැකය.

දෙමව්පියන් හරි හෝ වැරදි ලෙස වර්ග කළ හැකිද? නිවැරදි ප්‍රවේශය ලෙස දෙමව්පියන්ගේ කටයුතුවල හරි හෝ වැරදි බව හඳුනා ගැනීම නොව එය දරුවා කෙරෙහි බලපාන ආකාරය හා එහි අවසාන ප්‍රතිඵලය අනුව දෙමව්පියන්ගේ කටයුතු තක්සේරු කිරීම යෝග්‍ය බව මගේ අදහසයි. වඩා යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නම් ආදරය මත පදනම් වූ ධනාත්මක හා දරුවාට හිතකර නවීන හෝ සාම්ප්‍රදායික දෙමාපිය පිළිවෙත්  නිරන්තරයෙන් ක්‍රියාත්මක විය යුතුය. මෙම භාවිතයන් පවුලේ සංස්කෘතිය, ආකල්ප, හෝ විශ්වාසයන්ට අදාළ විය හැකිය. කෙසේ වුවද හරවත් දෙමාපිය - දරු සබඳතාවයක් තුළින් සෑම අංශයකින්ම වඩා හොඳ දරුවකු ඇති දැඩි කිරීම දෙමව්පියන්ගේ අවසන් පරමාර්ථය වේ.

දෙමව්පියන් යනු දරුවන්ගේ ගුරුවරුන්, මාර්ගෝපදේශකයින්, නායකයින්, ආරක්ෂකයින් සහ සැපයුම්කරුවන් වේ.

ඉයන්ලා වැන්සන්ට්

තම දරුවන් මීට වසර ගණනකට පෙර සිටි දරුවන්ට සමාන නොවන බව දෙමව්පියන් පිළිබත යුතුය. එය දෙමව්පියන්ට තරමක් දුෂ්කර විය හැකිය. එහෙත් අප සියලු දෙනා මීට පෙර නොතිබූ නව තත්වයන්, අවශ්‍යතා හා අපේක්ෂාවන් රැසකට මුහුණ දෙමින් සිටිමු. අපව නවීන ජීවන රටාවලින් යුත් නවීන පුද්ගලයින් බවට පරිවර්තනය කිරීමට මේවා හේතු වී ඇති අතර දරුවන්ද ඒ ආකාරයෙන්ම පරිවර්තනය වෙමින් සිටිති. දෙමව්පියන්ට ඇහුම් කන් දීම, ඔවුන්ට ගරු කිරීම සහ ඔවුන් සමඟ විවෘතව කටයුතු කිරීම යනාදිය දරුවන්ගෙන් දැකීමට දෙමව්පියන් වඩාත් කැමති වුවද එදා මෙන් අද එම තත්වය දැකීම එතරම් පහසු නොවේ. වත්මන් මාපිය කටයුතුවල අරමුණ වන්නේ වඩා යහපත් දරුවකු බිහි කිරීම සහ හරවත් දෙමාපිය - දූ දරු සම්බන්ධතාවයක් ඇති කිරීම සහ ඉහත සඳහන් දුෂ්කරතා මඟ හරවා ගැනීම සඳහා හේතුවන මාර්ග සකස් කිරීමයි. සෑම පවුල් ඒකකයකටම ආවේණික වූ සාර්ධර්ම, විශ්වාසයන් හෝ අපේක්ෂාවන් සහිත නූතන දෙමව්පිය ක්‍රමවේදය මඟින් දෙම්පියන්ගේ තීරණ සහ භාවිතයන් සඳහා මාර්ගෝපදේශ සකස් කරනු ඇත.

දෙමව්පියන්ට අනුගමනය කළ හැකි නවීන මාපිය ක්‍රම කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

දරුවාගේ හැකියාවන් පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් ගොඩ නගා ගැනීම

 

තම දරුවන් ජීවිතයේ වෙහෙස මහන්සි වී වැඩ කරන අයුරු දැකීමට කැමති දෙමව්පියන් ජයග්‍රහණ, හැසිරීම් හෝ ඔවුන් සිදු කරන වෙනත් දේ සම්බන්ධයෙන් යථාර්තවාදීව බැලිය යුතුය. එහිදී මෙම අපේක්ෂාවන් අඩු වැඩි විය හැකිය.

යථාර්තවාදී අපේක්ෂාවන් සඳහා සරල උදාහරණ ලෙස

             දරුවන් සෙල්ලම් බඩු නිසි තැන තැබීමෙන් ඔවුන්ගේ සෙල්ලම් කරන ස්ථානය පිරිසිදු කිරීම

             ඔවුන්ගේ ඇඳුම්වල බොත්තම් දැමීම හෝ නොදැමීම

             සපත්තු පැළඳීම හා ලේස් ගැටගසා ගැනීමට උත්සාහ කිරීම

             ඔවුන්ගේ මේසය සකස් කිරීම

             මුලුතැන්ගෙයිහිදී පොඩි පොඩි උදව් කිරීම

නියමිත අපේක්ෂාවන්ගේ ක්‍රියාකාරීත්වය ලබාදෙන ප්‍රතිපෝෂණය කෙරෙහිද දැඩි ලෙස බලපානු ලබයි. එහෙයින් තම දරුවන් නිසි ලෙස ප්‍රශංසා කිරීමට හා ඔවුන් විවිධ කටයුතු සඳහා කරන උත්සාහ කිරීම් අගය කිරීමට දෙමව්පියන් වග බලා ගත යුතුය. ඔවුන් තවත් යෙකු සමඟ සැසඳීම, විවිචෙනය කිරීම හා ඔවුන්ට නින්ද කිරීම නොකළ යුතුය.

ධනාත්මක මාපිය කාර්යභාරය

තම දරුවන් වැඩෙන දෙස බලා ආඩම්බර වන දෙමව්පියන් තම දරුවන් අලුත් අත්දැකීම් හා පරිසරයන්ට නිරාවරණය වනු ඇති බව අවබෝධ කරගත යුතුය. විවිධ අවස්ථාවන්ට හා තත්වයන්ට නිරාවරණය වීම තුළින් දරුවන්ගේ ඉගෙනීම මෙන්ම විමසීමේ හැකියාවද ක්‍රමයෙන් වර්ධනය වේ. දරුවන් වඩා හොඳ දෙමව්පියන් බවට පත්වීමට, වෙනස් ිරීම හෝ අලුත් ක්‍රම ඉගෙන ගැනීමටද දෙමව්පියන්ට අවස්ථාවක් සසා දෙනු ලබයි. අත්දැකීම් සහිත දෙමව්පියන් මෙන්ම අලුත් දෙමව්පියන්ද තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුතු අතර කාලයත් සමඟ ඔවුන් ඉදිරියට යන බව සහතික කිරීම හා දරුවන් සමඟ හරවත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම සිදු කළ යුතුය. ධනාත්මකව කටයුතු කරන දෙමව්පියන්ගේ ප්‍රමුඛ වගකීම වන්නේ කොන්දේසි විරහිත සහයෝගය තුළින් දරුවන් සවිබල ගැන්වීමයි. මෙය දරුවකුගේ ආත්මාභිමානය ඉහළ නැංවීමට නිතැතින්ම උපකාරී වේ.

නවීන දරුවන්ට අදාළ වන ඵලදායී විනය උපාය මාර්ග භාවිත කිරීම

නූතන හෝ සාම්ප්‍රදායික ඵලදායිතා විනය සළකා බැලීමේදී දෙමව්පියන් ස්වයං විනය පුහුණු වීමත් තම දරුවන්ට අනුගමනය කළ හැකි ආකාරයෙන් ආදර්ශමත්ව කටයුතු කිරීමත් ඉතා වැදගත්ය. අවලංගු කිරීම, වරප්‍රසාද ආපසු ගැනීම සහ යහපත් හැසිරීම් අගය කිරීම වැනි බහුලව භාවිත කරනු ලබන ඵලදායී ක්‍රමයන්ට අමතරව, පිළිගත හැකි හැසිරීම් රටා පෙන්වා දීම වෙනුවෙන් පහත උපාය මාර්ග අනුගමනය කළ හැකිය.

 

             වගකීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම හා පැහැදිලි සීමාවන් නියම කිරීම

             ඔවුන් සිදු කරන දේවල ප්‍රති විපාක පැහැදිලිව හා සන්සුන්ව පැහැදිලි කර දීම

             ඔවුන කියන්නේ කුමක්දැයි ඊට සවන් දීම

             විකල්ප අතරින් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දීම

එය එසේ වුවද විනය සම්බන්ධයෙන් සැළකීමේදී දෙම්පියන් පූර්ණ වශයෙන් කරදරවලින් තොර ජීවිත අපේක්ෂා නොකළ යුතුය. කරදරකාරී හැසිරීම් සිදු විය හැකි අවස්ථාවන් සඳහා ඔවුන් සූදානම් විය යුතු අතර පිළිගත හැකි ආකාරයෙන් හැසිරීමට දරුවන් සූදානම් කළ යුතුය.

 

දෙමාපිය ගුණ ධර්ම

දෙමාපියන්ගේ ගූණ ධර්ම යන්න හරවත් හා අර්ථවත් සංකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය.එය නූතන මාපිය කටයුතුවලදී භාවිත වන නමුත් ඊට සියවස් ගණනාවකට හිමිකම් කියන ඉතිහාසයක් ඇත. ගුණ දහමින් පිරි දෙමව්පියන්ගේ විශේෂත්වය වන්නේ ස්වයං දැනුවත්භාවය ඉහළ නැංවීමයි. දරුවන්ට තමන්ගේ ජීවිතය සොයා ගැනීමට ඉඩදීම මෙන්ම ඔවුන් කවුරුන්ද යන්න අගය කිරීමට පටන් ගැනීම එහි පළමු පියවරයි. එම දෙමව්පියන්ට අදාළ වන කරුණු පිළිබඳ පහත කරුණු තුළින් පැහැදිලි කරගත හැකිය. 

             අසීමිත සෙනෙහසෙහි ශක්තිය භාවිත කිරීම

             ඔබ සියල්ල දන්නා කෙනෙක් නොවන බව පැවසීම

             ඔබ පිළිබඳ දරුවාට සත්‍යය වටහා දීම

             මනුෂ්‍යත්වය පිළිබඳ වටහා දීම හා තමන් පිළිබඳ ඉගෙනීමේ වටිනාකම වටහා දීම

             අභ්‍යන්තර විෂය පථය ශක්තිමත් කිරීමට මඟ පෙන්වීම

 

-               රැකියාව හා පවුලේ සමාජිකයන් අතර යහපත් සබඳතාවක් පවත්වා ගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කිරීම

-               දරුවන් තමන් අසල නොසිටින අවස්ථාවන්හිදී ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීම වෙනුවෙන් තාක්ෂණය භාවිත කළ යුතු අතර දරුවන් මෙම තාක්ෂණය ආරක්ෂිත හා සුදුසු ආකාරයෙන් භාවිත කිරීම වැදගත්ය.

-               පවුලට ඇතිවන දුෂ්කරතා හා අර්බුධයන්හිදී දරුවන් සමඟග ඒවායින් මිදීමට කටයුතු කිරීම

-               පවුලේ සතුට හා සැනසුම වෙනුවෙන් නිවස තුළ ආදරණීය පරිසරයක් නිර්මාණය කිරීම

 

යහපත් දෙමව්පියන් මනිනු ලබන්නේ දරුවන්ගේ හැසිරීම අනුව නොවේ. සැබැවින්ම යහපත් දෙව්පියන්ගේ යුතුකම වන්නේ ඔවුන්ගේ හැසිරීමයි.

ඇන්ඩි ස්මිත්සන්"

Recommended Articles