මනෝවිද්‍යාත්මක න්‍යායන් පිළිබඳ අවබෝධයක් තිබීම මගින් දෙමාපියන්ට ඔවුන්ගේ එක් එක් දරුවන්ගේ අද්විතීය විභවයන් පෝෂණය කරන අතරම ශක්තිමත් සබඳතා සහ සෞඛ්‍ය සම්පන්න සංවර්ධනයක් ඇතිකිරීමේ හැකියාවක් ලබාදීමට සමත් වෙයි.දරුවන්ගේ සිතිවිලි, චිත්තවේග සහ හැසීරීම් පිලිබඳ තීක්ෂණ බුද්ධිය,දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය චිත්තවේගීය යහපැවැත්ම සහ දරාගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කරන පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වෙයි.
සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා
ප්‍රධාන මනෝවිද්‍යාත්මක න්‍යායන් මගින් ළමා සබඳතා පෝෂණය කිරීම, සංවර්ධන සන්ධිස්ථාන හඳුනා ගැනීම සහ දරුවන්ගේ වර්ධනයෙදී ක්‍රීඩාවේ වැදගත් කාර්යභාරය යන කරුණු අවධාරණය කරයි.
දරුවෙකුගේ පළමු සබඳතාව ආරම්භ වන්නේ ගර්භාෂය තුල සිටින විට පෝෂණය සපයන මව සමඟයි.මෙහිදී දරුවාගේ චිත්තවේගීය සුරක්ෂිතභාවය සඳහා පදනම දමමින් මව විසින් දරුවාගේ ශාරීරික අවශ්‍යතා සපුරාලීම සහතික කරයි.උපතින් පසු දරුවෙකුගේ පරිසරය වෙනස්වන අතර සබඳතා ගණන පුළුල් වේ.මෙම වෙනස්කම් තිබියදීත්,ඔබගේ දරුවා තවදුරටත් අඛන්ඩ රැකවරණය අපේක්ෂා කරයි.මෙම බලාපොරොත්තුවෙන් බාහිරව සිදුවන ඕනෑම ආකාරයක අපගමනයක් විපතක්,කලකිරීමක් හෝ කාංසාවකට හේතු විය හැක.මෙම හැඩගැස්වීමේ කාල පරිච්ඡේදය තුල ඔබගේ දරුවාගේ මොළය මගින් ළදරු වියේ සිට වැඩිහිටි විය දක්වා ඔවුන්ගේ අත්දැකීම් හැඩගස්වමින් සබඳතා පිළිබඳ අවබෝධයන් සහ අපේක්ෂාවන් වර්ධනය කර ගනියි.
මීට අමතරව සබඳතා පිළිබඳ ඉගෙනගනිමින් ඔබගේ දරුවා තම දෙමාපියන් අතර අන්තර්ක්‍රියා නිරීක්ෂණය කරයි.ඔබගේ දරුවා අනාරක්ෂිත භාවයෙන් සහ කාංසාවෙන් ඈත් කිරීමට මගපෙන්වීම සඳහා සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් ආදර්ශනය කිරීම ඉතා වැදගත්වේ.සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් යනු එකඟ නොවීම හෝ ගැටුම් වලින් තොර පරිපූර්ණත්වයක් නොවේ.ඉන් අදහස් කෙරෙන්නේ විවෘත සන්නිවේදනය හරහා ගැටුම් නිරාකරණ කිරීම,ප්රකාශනය සහ ක්‍රියාකාරී සවන්දීම යන කරුණු දෙකයි.මෙම ප්‍රවේශය ඔබගේ දරුවාට වෙනස්කම් කළමනාකරණය කිරීමට සහ ඔවුන්ගේ ජීවිත් කාලය පුරාම ශක්තිමත් ,ගෞරවණීය සබඳතා ගොඩනගා ගැනීමට ඵලදායී ක්‍රම ඉගෙන ගැනීමට උපකාරී වේ.
එමෙන්ම,මාපියන් සහ දරුවන් අතර ඇති අභියෝගාත්මක අවස්ථාවන් ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි යන්න සැලකීමේදී උචිතම ආකාරය වන්නේ විවෘත සන්නිවේදනය සහ ඔවුන්ට දක්වන සැලකිල්ලයි.එය දරුවෙකුට තමාගේ මෙන්ම අන් අයගේ ද වටිනාකම තේරුම් ගැනීමට උපකරී වේ.
සංවර්ධන සන්ධිස්ථාන
දෙමාපියන් සැලකිලිමත් විය යුතු ළමා මනෝවිද්‍යාවේ තවත් අත්‍යාවශ්‍ය සංවර්ධන මූලධර්මයක් වන්නේ සංවර්ධන සන්ධිස්ථානයි.සංවර්ධන සන්ධිස්ථාන භෞතික, සංජානන,චිත්තවේගීය,සමාජීය සහ සදාචාරාත්මක සංවර්ධනයේ අපේක්ෂාවන් සඳහා පොදු කාල රාමුවක් සපයයි.ඒවා දරුවන් රැකබලාගන්නන්ට සහ වෘත්තිකයින්ට දරුවන් ඔවුන්ගේ වයසට සරිලන ප්‍රධාන සංවර්ධන අවධීන් සපුරාලන බව සහතික කරමින් දරුවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සලකුණු ලෙස උපකාරී වේ.
නිරීක්ෂණය කල යුතු වඩාත්ම තීරණාත්මක සංවර්ධන සන්ධිස්ථාන වනුයේ,
මෙම සන්ධිස්ථානයන් කරා ලගාවීමේ ප්‍රමාදයන් සිදුවීම සාමාන්‍ය කරුණක් විය හැකි අතර පූර්ව හඳුනා ගැනීම සහ නිසි මැදිහත්වීම සැලකිය යුතු හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හේතුවිය හැක.මෙම සංවර්ධන ක්ෂේත්‍ර අධීක්ෂණය කිරීම මගින් දරුවන් රැකබලාගන්නන්ට, දරුවන් ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ලගාකර වීමට සහ ඔවුන්ට මුල් අවධියෙදී මුහුණ දීමට සිදුවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට සහයවීමට ඉඩ සලසයි.
ක්‍රීඩා කිරීමේ වැදගත්කම
ළමා කාලයෙදී ක්‍රීඩාවේ වැදගත්කම අධිතක්සේරු කල නොහැකිය.ළමා මනෝවිද්යාවෙදී ක්‍රීඩාව සංවර්ධනයේ විවිධ අංශවල තීරණාත්මක කාර්යයක් ඉටු කරයි.එය දරුවන්ට අන් අය සමග බැදීම් ඇතිකර ගැනීමට සහ සමාජ කුසලතා වර්ධනය කරගැනීමට සම්බන්ධතා ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි.ක්‍රීඩාව සංජානන හැකියාවන් මුවහත් කරන අතරම දළ සහ සියුම් චාලක කුසලතා ඔප්නැන්වීමට ද උපකාරී වේ.තව ද, අභියෝග විනෝදාත්මක සහ ආකර්ෂණීය ආකාරයකින් ඉදිරිපත් කිරීම මගින් උපකාරක පරිසරයක් තුල දරුවන් ඔවූන්ගේ හැකියාවන් පුළුල් කරගැනීමට යොමු කිරීමෙන් ක්‍රීඩාව මගින් දරුවන්ගේ සංවර්ධන ප්‍රගතිය දිරිමත් කරයි.
ක්‍රීඩාව යනු ඉලෙක්ට්‍රොනික උපාංගවල රැදී සිටින තිර කාලය හෝ ඒවායේ ඇති යෙදුම්වල නිපුණත්වය නොවේ.තිරය තුල ගතකරන කාලය අවම කිරීම සහ ඒ වෙනුවට අන්තර්ක්‍රියා සහ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන ගෘහස්ථ අන්තර් ක්‍රියාකාරී ක්‍රීඩා හෝ එළිමහන් ගවේශණය වැනි ක්‍රියාකාරකම් වලට ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත්වේ.
ක්‍රීඩාව සත්‍යවශයෙන්ම බහුවිධ වේ.
සමස්ථයක් වශයෙන් දරුවන්ගේ සංවර්ධනයට ශාරීරික, සංජානන,චිත්තවේගීය සහ සමාජීය කුසලතා ආකර්ෂණීය සහ ස්වභාවික ආකාරයට පෝෂණය කිරීමට ක්‍රීඩාව අත්‍යාවශ්‍ය වේ.
සබඳතා පෝෂණය කිරීම,ක්‍රීඩාව ප්‍රගුණ කිරීම සහ සංවර්ධන සන්ධිස්ථාන අවබෝධකර ගැනීම යන ප්‍රධාන භූමිකාවන් හදුනා ගැනීමෙන් දී ඔබට දෙමාපියන් ලෙස ඔබගේ දරුවාට දරාගැනීමේ හැකියාව,නිර්මාණශීලීත්වය සහ චිත්ත්වේගීය යහ පැවැත්ම යන පදනම් සහතික කරමින් මඟ පෙන්වීමක් සිදුකල හැකිය.
තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඔබේ දරුවාට උදව් විය හැක්කේ කෙසේද? අලුත උපන් බිලිඳකු රැක බලා ගන්නා අප මුලින්ම සිදු කරන්නේ දරුවා පිළිබඳව ඉතාමත් උනන්...
Read Moreඔබ ඔබේ දරුවා සමඟ සෙල්ලම් කරන විට හා කතා කරන විට ඔහුගේ/ඇයගේ මොළය තුළ තොරතුරු සැකසීමේ හැකියාව, සංජානන කුසලතා, භාෂා ඉගෙනීමේ හා සංකල්පයන් පිළිබඳ චින්තනය වර්ධනය වේ. ...
Read Moreදැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ අපට සමීප ශාරීරික වශයෙන් ළඟින් ඇසුරු කරන ඕනෑම අයකුගෙන් Covid 19 බෝවන රෝගය වැළඳීමට හැකි වීම පිළිබඳව අප සියලු දෙනා පසුවන්නේ කණස්සල්ල...
Read More