දීර්ඝ කාලයකට පස්සෙ දරුවන් නැවත පාසැල් යැවීම සඳහා සූදානම් කිරීම අතිශය අභියෝගාත්මක කාර්යයක්. කොවිඩ් වංසගතය නිසා දරුවන්ට නිවසේ දිගු කාලයක් රැඳෙන්න සිදු වුනා. ඔවුන්ට කළ හැකි හොඳම දේ වුනේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල නියැලීම විතරයි. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල, පෙරපාසැල්වල සහ පාසැල්වල දරුවන්ට නැවතත් පන්ති කාමර අධ්‍යාපන රටාවට හුරු වෙන්න සිදු වෙන්නෙ දීර්ඝ විරාමයකට පස්සෙ. මේ සඳහා අනුගත වෙන එක දරුවන්ට වගේම දෙමාපියන්ටත් ලොකු අභියෝගයක්.

කුඩා දරුවන් සාමාන්‍යයෙන් නිවසින් හෝ ආදරණීයයන්ගෙන් ඈතට යන්න කැමති පිරිසක් නෙවේ. වෙන් වීමේ සාංකාව දරුවාගේ ජීවිතය සහ වර්ධනය සම්බන්ධයෙන් තීරණාත්මකව බලපාන තත්ත්වයක්. ඒ වගේම, කොවිඩ් වසංගතය නිසාත් අපේ ජීවිතවල සැලකිය යුතු වෙනස්කම් සිදු වුනා. සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම සහ සෞඛ්‍යාරක්ෂාව ගැන දක්වන්නට සිදු වූ සුවිශේෂී සැලකිල්ල නිසා අමතර ආතතියක් ලොකු කුඩා කා අතරත් දකින්න ලැබුනා. එවැනි පරිසරයක් තුළ නැවත සාමාන්‍ය පාසැල් ජීවිතය හෝ දිවා සුරැකුම්, පෙරපාසැල් වැඩකටයුතු සඳහා දරුවා සූදානම් කිරීම පහසු දෙයක් නම් නෙවෙයි. දෙමාපියන්ටත් මේ තත්ත්වයන් යටතේ දරුවාගේ පාසැල් ගමන ගැන ලොකු විශ්වාසයක් තිබුනෙ නැහැ. මේ හේතුව නිසාම, පවුල්වලට හා දරුවන්ට මේ අනුගත වීම තරමක් අසීරු කටයුත්තක් බවට පත් වුනා. මේ නිසා මේ කාර්යය හරිහැටි ඉටු කරන්න දෙමාපියන්ට සහ රැකබලාගන්නන්ට යම් සහායක් අවශ්‍ය වෙනවා. මෙහි ඇති වැදගත්ම කාරණය තමයි දරුවන් සාර්ථකව මේ අලුත් අත්දැකීමට අනුගත කිරීමේ වගකීම දෙමාපියන්ගේ සහ රැකබලාගන්නන් යන දෙපාර්ශවයේම සාමූහික උත්සාහයක් විය යුතුමයි.
දෙමාපියන්ට සහාය විය හැක්කේ කෙසේද?
උපදෙස්
අපි සාමාන්‍යයෙන් දරුවන් දකින්නේ ප්‍රශ්නවලින් තොර, නිදහස්, විනෝදකාමී කුඩා මිනිසුන් පිරිසක් ලෙසයි. අන්න ඒ නිසයි අපිට බොහෝ වෙලාවට ‘ආයෙත් ළමා කාලෙට යන්න ඇත්නම්’...
Read More
දරුවකු රැකබලා ගැනීම යනු අතිශය භාර ධූර කාර්යයකි. දරුවකුට කැවීම ,ඇඳුම් ඇන්දවීම වැනි සරල ක්‍රියාකාරකම්හි සිට ඔවුන්ගේ හැසිරීම අවබෝධ කර ගනිමින් ඒවාට නිසි ප්‍රතිචාර ද...
Read More
When we communicate, we are either sharing information or informing, or two or more people are exchanging ideas. Communication is fundamental to the social ...
Read More