Sorry, you need to enable JavaScript to visit this website.
Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

 

කුඩා දරුවන් තුළ ස්වාධීනත්වය වර්ධනය කිරීම

 

ඔබේ සිඟිති දරුවා ඇවිදීමට පටන් ගන්නා තුරු ඔහුට/ඇයට ඔබේ උදව්වෙන් මිස තනිව එහෙට මෙහෙට යාමට නොහැකිය. ඇවිදීමට පටන් ගත් පසු ඔවුන් ඔබේ උදව් ප්‍රතික්ෂේප කිරීමට , සූදානම්ය. එවිට ඔවන් ඔවුන්ට අවශ්‍ය තැනට දි යනු ඇත. ආහාර ගැනීමේදීද මෙය එලෙසින්ම දැක ගත හැකිය. මුල් කාලයේදී ඔවුන්ට ආහාර ගැනීමට නොහැකි වුවද අත් පා සෙලවීම පාලනය කිරීමටත් දෑත් සම්බන්ධීරණය වර්ධනය කිරීමටත් හැකි වූ පසු කුඩා දරුවන් හැන්දෙන් කෑමට උනන්දු වෙති. තමන් විසින්ම ආහාර ගැනීමේදී මුල් කාලය තුළ ආහාර ඇඟේ හලා ගැනීම සිදු කළද ඒ තුළින් ඔවුන් පෝෂණ ක්‍රියාවලිය මනාව ප්‍රගුණ කිරීමට සමත් වෙති.

අපි අපේ දරුවන් දෙස බලා සිටිද්දීම ඔවුන් ඉක්මණින් වර්ධනය වෙති. ඉන් අදහස් වන්නේ කිරි බෝතලය අතට ගැනීමේ සිට ඔවුන් අඳින ඇඳුම දක්වා සියලු දේ තනිව කිරීමට ඔවුන් කටයුතු කරන බවයි. දරුවන්ගේ හැකියාව හා ඔවුන්ට ලබා දී ඇති අවස්ථාවන් මත පදනම්ව ඔවුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ අදහස් විවිධ මට්ටම්වලින් ප්‍රකාශ කරනු ලබයි. එසේම දරුවන් කෙමෙන් වර්ධනය වන විට ඔවුනගේ ස්වාධීනත්වය පිළිබඳ හැඟීම තහවුරු කරන අතර දෙමව්පියන්ට නිතැතින්ම නිදහස් වීමට  සිදු වේ.  ඒ තමන්ගේ අතේ ආධාරයකින් තොරව සිඟිති දරුවා ඇවිදින අයුරු බලා සිටීම, ඔවුන් වෙනුවෙන් ඔබට කළ හැකි යැයි සිතන දේ ඔවුන් විසින්ම ප්‍රගුණ කරන ආකාරය දෙස බලා සිටීම මෙන්ම ඔබ ඔවුන්ව පෝෂණය කළ තැන සිට ඔවුන් තනිව ආහාර ගන්නා ආකාරය බලා සිටීම වැනි දේ සිදු කරමිනි. මව්පියන්ගේ කාර්යභාරය වනුයේ දරුවන් පියවරෙන් පියවර මෙම ප්‍රවීනත්වය කරා ගෙන යාමයි.

හැඟීම් මට්ටමින්ද ඔබේ දරුවා ඔබෙන් තරමක් ඈත් වනු ඇත. ඔවුන් එලෙස දිගු කාලයක් ගත කළද නැවත ඔබ වෙතට පැමිණේ. ඔවුන් වයසින් වැඩෙන විට ඔබට තුරුලුවීම වැනි දේ අඩු විය හැකි වුවද ඔවුන් වැටෙන අවස්ථාවලදී නැගිටින්නට ඔබ එම ස්ථානයේ සිටීම ඔවුගේ ආදරය වැඩි වැඩියෙන් ලැබීමට හේතුවක් වනු නිසැකය. තමන් විසින්ම යම් යම් දේ සිදු කිරීම දරුවන්ට සාධනීය හැ     ගීමක් එක් කරන අතර ඔවුන්ගේ ආත්ම විශ්වාසය මෙන්ම ආත්ම අභිමානය ඉහළ දැමීමටද එය හේතුවක් වනු ඇත.

යම් යම් දේ සිදු කිරීම සහ තමන් විසින්ම තීරණ ගැනීම වැනි දේ තුළින් ස්වාධීන්තවය වෙනුවෙන් වන දරුවන්ගේ ඉලක්කයන් කුඩා කාලයේ සිටම පැහැදිලිව දැක ගත හැකිය. එහිදී වෙනත් කෙනෙකුගේ සහයෝගයෙන් හෝ පාලනයෙන් බැහැරව තමන්ගේ දේවල් තමන්ම කර ගැනීමයන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් දෙව්පියන් වශයෙන් අපට සහාය විය හැක්කේ කෙසේද? මේ සඳහා මනෝවිදයාඥ Vygotsky විසින් ඉතා හොඳ උපාය මාර්ගයක් ඉදිරිපත් කර ඇත. ඒ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ලබාදෙන සහාය ක්‍රමයෙන් ඉවත් කරමින් අවශ්‍ය අවස්ථාවේදී පමණක් උපකාර ලබා දී දරුවා එය ප්‍රගුණ කරන ආකාරය බලා සිටීමයි. එය සිදු කරන්නේ මෙසේයි.

පුරෝතකනය කළ හැකි දින චර්යාවක් සකස් කරන්න - එය මීළඟට සිදුවන දේ කලින් හඳුනා ගැනීමට උපකාරී වන අතර ඔවුන්ගේ ක්‍රියාවන් නැවත නැවත පුරුදු කරනු ලබයි. ඒ තුළින් දරුවාගේ ආරක්ෂිත හැඟීම වෙනුවෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ අනුකූලතාවයක් මෙන්ම අපේක්ෂාවක්ද ජනිත කරනු ඇත. මෙම ආරක්ෂිත සැකැස්ම තුළින් දරුවෙකු අපේක්ෂා කළ යුතු දේ දැනගන්නා අතර ඒ සඳහා යමක් කරන්නේ කෙසේදැයි ග්‍රහණය කර ගැනීමට උපකාරයක් ලෙස කුඩා කාර්යයන් පැවරීමෙන් ආරම්භ කළ හැකිය. මුලදී ඔබේ මඟ පෙන්වීම යටතේ මෙම කාර්යයන් සම්පූර්ණ කිරීමට කටයුතු කරන දරුවා පසුව ඔවුන් විසින්ම ඒවා සම්පූර්ණ කිරීමට උත්සාහ කරනු ඇත.

ඔබේ දරුවාට තෝරා ගැනීමට ඉඩ දෙන්න - ඔවුන් කුමන පොතක් කියවිය යුතුද? කුමන චිත්‍රපටයක් නැරඹිය යුතුද? යන්න තෝරා ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න. එය ඉතා කුඩා දෙයක් විය හැකිය. එහෙත් ඒ සමඟ ඔබේ දරුවා තීරණාත්මක වර්ධන හැකියාවන් වැඩි දියුණු කරගනු ඇත. දෙමව්පියන් ලෙස ඔවුන්ට පාසලට හෝ සාදයකට අඳින ඇඳුම් වැනි දේ තේරීමේදී යම් සීමාවක් තබා ගනිමින් දරුවාට එම අවස්ථාව ලබා දීම තුළින් ඔබේ මඟ පෙන්වීම යටතේ ඔවුන් අඳින්නේ කුමන ඇඳුම දැයි දරුවා විසින් තීරණය කරනු ඇත.

වැරදීම් යනු ඉගෙනීමේ අත්දැකීමකි - අප සියලු දෙනා අත්හදා බැලීම් හා වැරදි හරහා බොහෝ දේ ඉගෙන ගත්තෙමු. ඒවා ආරක්ෂිත බව තහවුරු කිරීමට අපට සිදුවේ. වැරදි සිදු වීම ඔවුන්ගේ ප්‍රවීණත්වයට මෙන්ම යමක් වඩා හොඳින් සිදු කිරීමට උපකාරී වේ. ආපසු යමක් කිරීම දෙමව්පියෙකු ලෙස ඔබේ මෙන්ම ඔවුන්ගේද ගැළපෙන, යහපත් හැසිරීම්වලට ප්‍රශංසා කරන අතරම ඔවුන්ගේ එදිනෙදා සිදුවීම් පිළිබඳව ඔබේ දරුවා සමඟ කතා කරන්න.

ඔබේ දරුවාට ඔවුන් පිළිබඳව පැවසීමට ඉඩ දෙන්න - ඔහු/ඇය කැමති සහ අකමැති දේ සහ ඔවුන්ගේ චකිතය සහ සතුට වැනි දේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න. අදහස් හුවමාරු කර ගැනීම, ඔවුන්ගේ අදහස්වලට සවන් දීම වැනි දේ ඔබේ දරුවා සමඟ වන ඔබගේ සම්බන්ධතාව මෙන්ම ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය ඉහළ නැංවීමට හේතුවක් වනු ඇත

මෙහිදී ක්‍රිඩා කිරීම ඉතා වැදගත් වේ. ඔබ සමඟ හෝ ඔවුන් විසින්ම නිදහසේ ක්‍රීඩා කිරීම, මනංකල්පිත ක්‍රීඩාවන්, සැළසුම් සහගත ක්‍රීඩාවන් විනෝද ජනක ආකාරයෙන් සිදු කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දෙයි.

යම් කුසලතාවයක් ප්‍රගුණ කිරීමට කාලයක් ගත වන බැවින් එය දරුවා කලකිරීමටද හේතුවක් වනු ඇත. නමුත් මෙය ඔබේ දරුවා විසින් ප්‍රගුණ කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙය ඔබේ දරුවා මම එය කළායයි පවසන පළමු ජයග්‍රාහී අවස්ථාව වනු නිසැකය.

 

උපදෙස

මගේ දරුවා ඉක්මණින් වැඩෙයි

මගේ දරුවා ඔහුගේ/ඇයගේ කාර්යයන් ඔවුන් විසින්ම සිදු කර ගනියි

ප්‍රගුණ කිරීමේ මෙම දුෂ්කර උත්සාහයන් මට අමතක නොවන අතර මම ඊට සහයෝගය ලබා දෙමි.

 

ගැඹුරු හුස්මක් ගන්න. සම්පූර්ණයෙන් පිට කරන්න. මෙම මන්ත්‍රය නැවත නැවත කරන්න. ඔබ සාර්ථකයි.

 

හෝ

උපදෙස 2 -

 

පළමු වසර කිහිපය තුළ ඔබේ දරුවා සමඟ ඔබ ගොඩනගාගන්නා සම්බන්ධතාව ඔවුන්ගේ නව යොවුන් වියේදී මෙන් වැඩිහිටි වියේදීද  ඔබේ සම්බන්ධතාවයේ ස්වභාවය සළකුණු කරනු ඇත. ඔබ නීතී රීති සකස් කරන විට හා නම්‍යශීලී සහයෝගීතාවයක් ඔවුන් වෙත දක්වමින් ඊට සමීපව සිටින විට ඔබේ සම්බන්ධතාවයද මනාව වර්ධනය වේ.  දරුවා ඔවුන්ගේ ස්වාධීනත්වයේ සීමාවන් කෙමෙන් ව්‍යාප්ත කරන විට ආපසු නීති රීති සැකසීමට සිදු විය හැකි හෙයින් ඒ සඳහා සුදුසු ක්‍රමයක් තෝරා ගැනීම ඉතා වැදගත් වනු ඇත.

Recommended Articles