Sorry, you need to enable JavaScript to visit this website.
Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

සහෝදර බැඳීම් යනු සදාකල් පවතින ආදරයක් විය හැකිය. දෙමව්පියන් අපෙන් කලින්ම වෙන්ව යයි. සහකරුවකු හෝ දරුවන් හමුවන්නේ පසු කලෙකය. ජීවිත කාලය පුරාම ඉන්නේ සහෝදර සහෝදරියන් පමණි  - ජෙෆ්රි ක්ලූගර් 

අපේ සහෝදර සහෝදරියන් සමඟ දෙමව්පියන් සහ තම තමන්ගේ අත්දැකීම් බෙදාගන්න. සහෝදර සහෝදරියන් සෑම විටම සහයෝගයට මෙන්ම කම්පනයටද හේතු විය හැකිය. සහෝදර සහෝදරියන් අතර වන සම්බන්ධතාව සහයෝගීතාව හමුවේ ඇති මිත්‍රත්වය හා එදිරිවාදිකම හා මේ සෑම දෙයක්ම විය හැකියි. ඕනෑම දරුවකු තම වයසට වඩා සමීප පුද්ගලයකු සමඟ ඇති කරගන්නා පළමු සම්බන්ධතාව වන්නේද සහෝදර සම්බන්ධතාව වන අතර මෙම සම්බන්ධතාව පෝෂණය කළ හැක්කේ දෙමව්පියන්ට පමණකි. එහෙත් එක් එක් සහෝදර සහෝදරියන්ගේ පෞරුෂ ලක්ෂණ මත ඔවුන් අතර ඇති අන්‍යෝන්‍ය බැඳීම හා අන්තර් ක්‍රියා රඳා පවතින බව මතක තබා ගත යුතුය.

මනෝ විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත්තේ බොහෝ කාලයක් එකට ජීවත් වන සහෝදර සහෝදරියන් අපට සැළකිය යුතු බලපෑමක් ඇති කරන බවයි.  රාත්‍රී කෑම මේසයේ හෝ සාදයකදී හැසිරෙන ආකාරය වැනි විධිමත් හැසිරීම්වල සමාජ පිළිගැනීම් විධිමත්ව දරුවන්ට කියා දිය හැක්කේ දෙමව්පියන්ට බවද මනෝ විද්‍යාඥයින් සොයා ගෙන ඇත. සහෝදර සහෝදරියන් බොහෝ විට සපයනු ලබන්නේ අවධිමත් හැසිරීම් ආදර්ශයකි. මිතුරන් සමඟ කටයුතු කළ යුතු ආකාරය, පාසලේදී ක්‍රියා කරන ආකාරය වැනි දේ දරුවාගේ අත්දැකීම් වෙනුවෙන් ඉතා වැදගත් වන අතර සෑම දරුවකුටම පෞරුෂයක් තිබුණද සහෝදර සහෝදරියන්ගේ අභිමතයට සහ ක්‍රියාවන් වෙත නැඹුරු වීමේ වැඩි ඉඩකඩක් ඇත.

සහෝදර සහෝදරියන් සමඟ ඇති කර ගනු ලබන ධනාත්මක සබඳතා පසු කලෙක වඩා හොඳ ජීවිතයකට හේතු විය හැකි අතර ඒ සඳහා වන සහයෝගී සබඳතාවන් සහෝදර සහෝදරියන් අතර නිසි ආකාරව පෝෂණය කිරීම දෙමව්පියන්ගේ මූලික වගකීමක් වේ. ඒ ආකාරයෙන් ධනාත්මකව සහෝදර සබඳතාවන් ආරම්භ වීමේදී ඊට පැමිණෙන විවිධ බාධාවන් නොසලකා හරිමින් ඔවුන්ගේ සහෝදර සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුහු කටයුතු කරති. දරුවන්ට එකිනෙකා සමඟ එක්ව කාලය ගත කිරීම ඉඩ ලබාදීම තුළින් ඔවුනොවුන් කෙරෙහි වන ගෞරවය වර්ධනය කළ හැකි අතර ගැටළු බෙදාගෙන විසඳා ගැනීම හා එක්ව විනෝදවීම ද ඔවුන් විසින් සිදු කරනු ඇත.

දරුවන් අතර ඇති එකිනෙකාට වෙනස් වන පෞරුෂයන්, රුචිකත්වයන් අතරතුර එම වෙනස්කම් අභිබවා යමින් බැඳීමක් වර්ධනය කර ගැනීම සඳහා වන මාර්ගයක් ලෙස සහෝදර සහෝදරියන්ගේ සම්බන්ධතාවය හඳුනාගත හැකිය. ලේ බැඳීම් මත එකිනෙකාට ආදරය  කරමින්, දුකෙහිදීත් සැපේදීත් එකිනෙකා සමඟ හිඳීම සඳහා එක්ව ගත කරන කාලය මෙම බැඳීම් තරකර ගැනීමට ඉතා වැදගත් වේ. ඒ ආකාරයෙන් පවත්නා සහයෝගය මෙන්ම සහෝදර සහෝදරියන් අතර වන එකිනෙකාට විරුද්ධ වීම වැදගත් වන අවස්ථාද ඇත.

සහෝදර සහෝදරියන් දෙමව්පියන්ගේ අවධානය දිනා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරති. එක් සහෝදරයෙක් හෝ සහෝදරියක් පිළිබඳව දෙමව්පියන්ගේ ප්‍රියතාවයක් ඇත්නම් ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධ වන අතර ඒ අනුව කටයුතු කරනු ලබයි. පියකු සාමාන්‍යයෙන් පවුලේ බාල දියණියට වැඩි ප්‍රියතාවයක් දක්වන අතර මව පවුලේ වැඩිමල් පුත්‍රයාට ප්‍රිය කිරීම සාමාන්‍ය තත්වයයි. සමහර දෙමව්පියන් විසින් ඔවුන් අන් අයට සාපේක්ෂ ආරක්ෂා කිරීමට කටයුතු කරති. දරුවකුට දැනෙන ගැඹුරු මානසික වේදනාවක් ඔරොත්තු දීමට සහෝදර බැඳීම වැදගත් වන බව ඔප්පු වී ඇති අතර දිගු කාලයක් සටන් කිරීමෙන් පසු පවා අලුත් හා වඩාත් අගය කළ හැකි සහෝදර බැඳීමක් තුලින් එය සුවපත් කරනු ඇත.

සහෝදර සහෝදරියන් අතර වන බොහෝ ගැටුම් දෙමව්පියන්ගේ මැදිහත් වීමකින් තොරව තනිව ආරම්භ වී අවසන් වෙයි. කෙසේ වුවද ඔවුන් අතර රණ්ඩු වීම් වැඩිවිය හැකි අතර වඩාත් ප්‍රචණ්ඩකාරී වුවහොත් එක් අයෙකුට තුවාල සිදු වීමේ අවදානමක්ද ඇත. ඔබේ දරුවන් අතර ඇතිවන ගැටුම් නිසා කලබල නොවන්න. ගැඹුරු හුස්මක් ගන්න. සහෝදරයන් අතර ඇති වන මෙවන් ගැටුම් සාමාන්‍ය දෙයක් බව සිතන්න. සම්පූර්ණ එකඟතාවය සහිත සම්බන්ධතාවයක් නොමැත. සහෝදර සබඳතා යනු සම්බන්ධතාවන්හි ගැටුම් කළමනාකරණය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට හොඳම සම්බන්ධතාවයි.

ඔබ ඒ වෙනුවෙන් මැදිහත් වීමට පෙර ඔබට එක් එක් දරුවාගේ පෞරුෂත්වය මෙන්ම වත්මන් ගැටුමේ පරිසරයද තේරුම් ගත හැකිවනු ඇත. කාට හෝ අනුග්‍රහය දක්වන පරිදි නොහැඟෙන ලෙස සාධාරණව මැදිහත් වීමට මෙය සුවිසල් පිටිවහලක් වනු ඇත.

මෙහිදී ඔබ එක් එක් දරුවා සමඟ වෙන් වෙන්ව කතා කිරීම මෙන්ම සිදුවන්නේ කුමක්ද යන්න සහ ඔවුන් මෙම සම්බන්ධතාව වඩා හොඳින් හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳවත් කතා කර ඔවුන්ගේ අවබෝධයේ මට්ටම දක්වා කටයුතු කිරීම ඉතා වැදගත් වනු ඇත.

 

අදහස

සහෝදර සහෝදරියන් යනු ආශිර්වාදයකි.සහෝදර සබඳතා එදිරිවාදිකම් මධ්‍යයේ වුවද මිත්‍රත්වයෙන් දිගු කල් පවතී. දෙමවිපියන්ට දරුවන් අතර යහපත් සහෝදර සබඳතා ඇති කළ හැක්කේ කේසේද යන්න කියවා අවබෝධ කර ගන්න.

Recommended Articles