Nestlé NANGROW 4 HMO - හොඳම අමුද්‍රව්‍ය, විද්‍යාත්මකව තහවුරු කළ, විශ්වාසනීයම රැකවරණය
ලෝරන්ස් – නිෂ්පාදන විශේෂඥ සහ ආහාර තාක්ෂණවේදිනී
මම ලෝරන්ස්. අවුරුදු 15ක් තිස්සේ මම වැඩ කරන්නේ ළදරු පෝෂණ ක්ෂේත්‍රයේ. ආහාර තාක්ෂණවේදිනියක් විදිහට මගේ රාජකාරිය වෙන්නේ දරුවන්ට අවශ්‍ය පෝෂණ වට්ටෝරු නිර්මාණය කිරීමයි. දරුවෙකුගේ මුළු ජීවිතයටම ශක්තිමත් පදනමක් වැටෙන්නේ මේ පෝෂණයෙන් කියලා මම දන්න නිසා මමත් මේ ක්ෂේත්‍රය කැමැත්තෙන්ම තෝර ගත්තා.
මමත් අම්මෙක්. ඒ නිසා අපේ දරුවන්ට හොඳම දේ ලබාදෙන්න මට තියෙන උවමනාව සහ ඒ වෙනුවෙන් තියෙන කැපවීමත් දැන් වෙනදාටත් වඩා වැඩි වෙලා. අපි මේ වට්ටෝරු හදන්නේ නවීන විද්‍යාත්මක සොයාගැනීම් සහ උසස්ම අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නිවැරදිම ක්‍රමවේදයකටයි. එමඟින් දරුවෙකුට අවශ්‍ය නියමිත පෝෂණය ඒ විදිහටම ලැබෙනවා.
ඊළඟ වැදගත්ම පියවර වෙන්නේ මේ වට්ටෝරු වල ගුණාත්මකභාවය සහතික කිරීමයි. මේදය, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් වගේම විටමින් වර්ගත් නියමිත ප්‍රමාණවලින්ම අඩංගු වෙන්න ඕනේ. ඒ වගේම ඒ හැම දෙයක්ම තිබිය යුතු නිශ්චිත සීමාවන් ඇතුළේ තියෙනවාද කියලා අපි පරීක්ෂා කරනවා. මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ පෝෂ්‍ය පදාර්ථ වල සහ නිෂ්පාදනයේ පූර්ණ ආරක්ෂාව තහවුරු කරගැනීම.
ඒ පෝෂණ මට්ටම්වල පොඩි හෝ අඩුවක් තිබුණොත්, අපි එතැනින්ම නතර වෙනවා. ඒ පෝෂණ වට්ටෝරුව මුල ඉඳලම නැවත සකස් කරලා වැරදි නිවැරදි කරනවා මිසක්, කිසිම වෙලාවක අපි දරුවන්ගේ පෝෂණය ගැන අවදානමක් ගන්නේ නැහැ.
දරුවෙකුගේ වර්ධනයට වගේම ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමේ ශක්තිය වැඩි කරන්න අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන්. මම මගේ රස්සාවට මෙච්චර ආදරය කරන්නේ අන්න ඒ නිසයි.