Nestlé NANGROW 4 HMO - ඔබේ දරුවා රස බැලීමට පෙර විශේෂඥයන් පරීක්ෂා කර සහතික කරයි
Julia Walter – ගුණාත්මක තත්ත්ව පාලන විශේෂඥ
මම ජූලියා. මම මේ කර්මාන්තශාලාවේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ විශේෂඥවරියක් විදිහට වැඩ කරනවා. මගේ රැකියාවේ ප්‍රධානම කොටස වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර පරීක්ෂණාගාර කටයුතු මෙහෙයවීමයි. එහිදී අපි ප්‍රෝටීන් සහ මේදය වැනි ප්‍රධාන පෝෂක කොටස් නියමිත ප්‍රමාණයෙන් තියෙනවාද කියලා වගේම, බාහිර අපද්‍රව්‍ය කිසිවක් අඩංගු වෙලා නැද්ද කියලත් පරීක්ෂා කරනවා. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී අපි කිරිවල සුවඳ සහ රසය පරීක්ෂා කර බලනවා.
මගේ වගකීම නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී පාවිච්චි කරන යන්ත්‍රවලින් ලැබෙන පරීක්ෂණ වාර්තා සියයට සියයක්ම නිවැරදි සහ විශ්වාසවන්ත බව සහතික කිරීමයි. එහිදී අපි ගුණාත්මකභාවය ගැන කිසිම අවදානමක් ගන්නේ නැහැ.
මම මගේ රැකියාව වගකීමෙන් යුතුව ඉටු කරනවා. මොකද මම කරන මේ හැම දෙයක්ම ලෝකය පුරා ඉන්න දරුවන්ට, මව්පියන්ට සහ පවුල්වලට සෘජුවම බලපාන බව මම දන්නවා. මට අවශ්‍ය වෙන්නේ අවසානයේ දරුවන්ට ආරක්ෂිතම නිෂ්පාදනයක් ලැබෙන බව සහතික කරලීමයි.