පූර්ව අධ්‍යාපනය සහ සංජානන වර්ධනය

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

පූර්ව අධ්‍යාපනය සහ සංජානන වර්ධනය

Dinusha Manjarie Wickremesekera

සංජානනය යනු අපගේ සිතීමේ සහ තර්ක කිරීමේ හැකියාවයි. ඊට සංවර්ධනය යන වචනය එක් කිරීමෙන් අදහස් වන්නේ මේ සංජානන වර්ධනය ජීවිත කාලය පුරාම සිදුවන අඛණ්ඩව ක්‍රියාවලියක් බවයි. අපි සෑම විටම අලුත් තොරතුරු සහ තර්ක කිරීමේ අලුත් ක්‍රම සොයා ගන්නවා. විශේෂයෙන්ම අලුත් අවස්ථාවන්ට මුහුණ දීම නිසා ලබන උත්තේජනය මත මොළයේ වර්ධනය රඳා පවතින බව ඔබ සිතනවා නම් එය නිවැරදියි. අධ්‍යාපනය කියන්නෙ සැබැවින්ම සංජානන වර්ධනය සඳහා ඉතා හොඳ උත්තේජකයක්. මෙය මුල් අධ්‍යාපනයේ පටන් සපයනු ලබන්නක්. මොන්ටිසෝරි ක්‍රමය මෙන්ම පෙරපාසල් ප්‍රවේශය ද දරුවන් උත්තේජනය කිරීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරනු ලබනවා. ඉගෙනීම සමස්තයක් ලෙස දරුවාගේ සංජානන හා මොළයේ වර්ධනය උත්තේජනය කිරීමට දායක වෙනවා. මොළය ස්වභාවිකව වර්ධනය වන බවත්, ස්වාභාවිකවම එහි ඉගෙනීමට සූදානමක් ඇති බවත් මේ පිළිබඳ ඉදිරිපත් වී ඇති තවත් මතයක්. කෙසේ වුවත්, වයසට ගැළපෙන අභියෝග සමඟ ඉදිරියට යාමට සුදුසුම මාර්ගය වන්නේ අධ්‍යාපනයයි. දරුවෙකු උත්තේජනය කිරීමට අවශ්‍ය අධ්‍යාපනික උපක්‍රම රැසක් හඳුනාගන්නට පුළුවන්.

growingup

පූර්ව අධ්‍යාපනය සැලසුම් කර තිබෙන්නේ දරුවාට සමහර කුසලතා වර්ධන කර දීම සඳහායි. නිදසුනක් ලෙස අත-ඇස සම්බන්ධතාව, කායික හැසිරීම් පිළිබඳ හැකියාවන්, වර්ණ සහ ශබ්ද අතර තීව්‍රතාව හඳුනා ගැනීම ආදිය දැක්විය හැකියි. පූර්ව අධ්‍යාපනය වැඩි වශයෙන් ක්‍රීඩා කිරීම සහ සුවිශේෂී කුසලතාවන් සංවර්ධනය කිරීම ඉලක්ක කරනු ලබනවා. සංජානන සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී ක්‍රීඩාවේ ඇති වැදගත්කම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකියි. මන්ද භෞතික සංවර්ධනය සිදු වන්නේ සංජානන සංවර්ධනයට කලින් වීම නිසයි.

දරුවාගේ දියුණුව සහ සංවර්ධනය ගැන හොඳින් නිරීක්ෂණය කළ හැකි හොඳම ක්‍රමය නම් ගුරුවරයා සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමයි.

උත්තේජනය, සංවර්ධනය සහ අධ්‍යාපනය ලැබෙන්නේ පාසල්වලින් පමණක් නොවේ, ඒ නිසා ඔබ ඔබේ දරුවා සමඟ යම් කාලයක් ගත කිරීමට වග බලා ගන්න:

  1. ඔබේ දරුවාට විවිධ උත්තේජනයන් ලබා ගැනීමට අවස්ථාව සලසන්න. මේ සඳහා හොඳම ක්‍රමය දිනපතා නින්දට පෙර දරුවා සමඟ කතාන්දරයක් කියවීමයි.
  2. චිත්‍රපටක් හෝ රූපවාහිනී වැඩසටහනක් නරඹන විට එම චරිත විසින් විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ දරුවා සමඟ කතා කරන්න.

මේ ක්‍රියාකාරකම් දෙක අනුගමනය කිරීමෙන් දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියටත් මනා රුකුලක් ලැබෙන අතර අත්දැකීම් වර්ධනය කරගැනීමටත් මේ ක්‍රියාකාරකම් ඉවහල් වෙනවා.

ඉගෙනීම සිසුන් අර්ථවත් ඉලක්ක වෙත යොමු කරනවා. ක්‍රීඩාව ඉලක්කවලින් අපව ඈත් කරන බව පෙනෙන්නට තිබුණත්, ක්‍රීඩාව සැබැවින්ම අපේ ඉලක්ක ශක්තිමත් කිරීමට සහ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අපව පොළඹවනවා.

මිනිස් මොළය කියන්නේ නියුරෝන ජාලයක්. සම්බන්ධතා වැඩි වන තරමට සංජානන වර්ධනය ශක්තිමත් වෙනවා. මුල් අවදියේ ලැබෙන උත්තේජයන් ඉතා වැදගත් බව මේ අනුව සිතන්නට පුළුවන් නමුත් මතක තබා ගත යුතු වඩා වැදගත් දෙය නම් ඕනෑම වේලාවක අලුත් සම්බන්ධතා ඇති කර ගත හැකි අතර පැරණි සම්බන්ධතා ද නැවත නැවත අලුත් කළ හැකි බවයි. නිරන්තර ප්‍රගුණ කිරීම ප්‍රවීණත්වය ළඟා කර ගැනීමට හේතු වෙනවා. එබැවින් ඔබේ දරුවා යමක් සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් පුහුණු කරන තරමට ප්‍රතිඵලය වඩාත් සාර්ථක වනු ඇත. අත්වැරදීම් යනු ඉගෙන ගැනීමට ඇති අවස්ථාවක් මිස අධෛර්යමත් වීමට කරුණක් නොවන බව ඔබේ දරුවාට අවබෝධ කරවන්න. 

සමහර දරුවන්ගේ වර්ධනය ප්‍රමාද වීම සාමාන්‍ය තත්ත්වයක්. ඒක හරියට සමහර මල් පහුවෙලා පිපෙනවා වගේ. ඔබේ දරුවා ජීවිතයේ ඉදිරි කඩඉම් නිසි විදියට සම්පූර්ණ නොකරන බවක් එයින් අදහස් වෙන්නෙ නැහැ. එවැනි තත්ත්වයක් තුළ ඉවසීමෙන් කටයුතු කිරීමයි වැදගත්. වර්ධනය ප්‍රමාද වීම, ප්‍රවේසමෙන් ප්‍රතිචාර දැක්විය යුතු තත්ත්වයක්. කෙසේ නමුත් මේ සඳහා ඉක්මන් ප්‍රතිඵල අවශ්‍ය නම් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නට ඔබට සිදු වෙනවා. නමුත් සියලුම දේවල් ප්‍රමාදයන් ලෙස සිතීම දරුවාටත් ඔබටත් අපහසුවක් දැනවීමට පුළුවන්. ඇත්තටම දරුවාගේ සංවර්ධනයේ ප්‍රමාදයන් සිදු වනවා නම් එක් රෝග ලක්ෂණයකට වඩා පෙනෙන්නට තිබිය යුතුයි. ඒ සියල්ලටමත් වඩා ඔබේ ආත්ම ශක්තිය විශ්වාස කරන්න.

ඉඟිය : සංජානන වර්ධනය තවමත් මනෝවිද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරමින් සිටින විෂයක්. ඒ නිසා ඔබට හැකි අයුරින් වයසට සරිලන අභියෝග දරුවාට ලබා දෙමින් දිගටම පුහුණුව ලබා දෙන්න. 

Recommended Articles