ඉලෙක්ට්‍රොනික උපාංග වැඩිපුර භාවිතය ළදරුවන්ගේ අධිබර තත්ත්වයට හේතුවක්ද?

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ඉලෙක්ට්‍රොනික උපාංග වැඩිපුර භාවිතය ළදරුවන්ගේ අධිබර තත්ත්වයට හේතුවක්ද?

ඔබ දන්නවාද? කුඩා දරුවන් එළිමහනේ ක්‍රීඩාවන්ට යොමු නොවී රූපවාහිනී, ජංගම දුරකතන වැනි ඉලෙක්ට්‍රොනික උපාංග සමඟ වැඩිපුර කාලය ගත කිරීම ඉදිරි කාලීන සෞඛ්‍ය අවදානමකට අත වැනීමක් විය හැකි බව.

img

පර්යේෂණ මඟින් දිගින් දිගටම පෙන්වා දී ඇති අන්දමට ක්‍රියාකාරකම් සහ නිරෝගිමත් බර මට්ටම අතර පැහැදිලි සම්බන්ධතාවක් ඇත. ඉලෙක්ට්‍රොනික උපාංග සමඟ වැඩි කාලයක් ගත කිරීම නිසා බොහෝ දරුවන් එළිමහනේ සිදු කරන ක්‍රියාකාරකම්, ක්‍රීඩාවන්ට අඩු වශයෙන් යොමු වීමේ ප්‍රවණතාවක් පවතී. මෙය ඔවුන්ගේ දිගු කාලීන සෞඛ්‍ය සම්බන්ධයෙන් බලපෑ හැකි බරපතල ගැටලුවකි. කෙළිලොල් දඟකාර ස්වභාවයක් දරුවන් තුළින් පෙන්නුම් කළද එය සෑම විටම සත්‍යයක් වන්නේ නැත. මෑතකදී සිදු කළ පර්යේෂණයකට අනුව අවුරුදු 2ක් වයසැති ළදරුවන්ගේ ක්‍රියාශීලී මට්ටම බෙහෙවින් අවම මට්ටමක පැවති බව අනාවරණ වී ඇත.
දෙමාපියන්ගේ වගකීම
උපාංග භාවිතය අවම කිරීම පමණක් මේ සඳහා ප්‍රමාණවත් නොවේ. දරුවන්ගේ ක්‍රියාකාරී බවට දෙමාපියන්ගේ දිරිගැන්වීම ද ඉතා වැදගත් හේතුවක් බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. ඒ අනුව උපාංග භාවිතය අඩු දෙමාපියන්ගේ දරුවන් ද උපාංග භාවිතයට අඩු නැඹුරුවක් පෙන්නුම් කරයි. මේ හේතුවෙන් දෙමාපියන් පළමුකොටම දරුවන්ට ආදර්ශයක් වන සේ කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වන අතර දරුවන් සමඟ ගත කරන වේලාවට උපාංග භාවිත නොකිරීමට දෙමාපියන් විසින් වගබලා ගැනීම අවශ්‍ය වේ. දරුවන් සමඟ සම්බන්ධ නොවුවද ඔවුන්ට පෙනෙන මානයේ සිට ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතා කිරීම ද ඔවුන්ට බලපෑමක් ඇති කළ හැකිය. 
ළදරු වියේ ශාරීරික වශයෙන් ක්‍රියාකාරීව සිටීම දරුවන්ගේ දිගු කාලීන සෞඛ්‍යයට බෙහෙවින් බලපාන හේතුවක් ලෙස ගැනීමේ වරදක් නැත. මේ ඔබේ ළදරුවා ක්‍රම ක්‍රමයෙන් දියුණු චලනයන්ට, ස්වාධීන ජීවින රටාවකට හුරු වෙමින් සිටින සමයයි. මේ වයසේදී නිතර එළිමහනේ ක්‍රීඩා කිරීම සඳහා ඔවුන් යොමු කිරීම ද ඉතා වැදගත්ය. ක්‍රියාශීලීව සිටීම විනෝදය ගෙන දෙන්නක් බව දරුවා ද ක්‍රමයෙන් අවබෝධ කරගන්නා අතරම වැඩීමත් සමඟ ක්‍රීඩා කිරීම සඳහා ද වැඩියෙන් කාලය මිඩංගු කිරීමට දරුවන් වැඩි කැමැත්තක් දක්වයි. 
ක්‍රියාකාරකම් සඳහා උපදෙස්
වයස 1 සිට 2 දක්වා ළදරුවන් දිනකට පැය 1ත් 3ත් අතර ප්‍රමාණයක් ක්‍රියාකාරකම් සඳහා යෙදවීම යෝග්‍ය වේ. මෙම ක්‍රියාකාරකම් විධිමත් හා අවිධිමත් ආකාරයේ මෙන්ම නිදහසේ සෙල්ලම් කිරීම වැනි කුමක් හෝ විය හැකියි. විධිමත් ක්‍රියාකාරකම් යනු සරල නීතිරීති කිහිපයක් යටතේ කළ යුතු ක්‍රීඩා කළ යුතු ක්‍රියාකාරකම් වන අතර අවිධිමත් ක්‍රියාකාරකම් යනු ළදරුවාට කැමති අයුරින් ඔහු කැමති ක්‍රියාකාරකමක නියැලීමට ඉඩකඩ සැලසීමයි. දවස පුරාම මේ අයුරින් විවිධ ක්‍රියාකාරකම් සඳහා කාලය වෙන් කරන්න. සියල්ලම එකම වෙලාවක සිදු කිරීම අවශ්‍ය නොවේ. ඔබේ ළදරුවා දහවල් කාලයේදී අක්‍රීයව සිටිය යුත්තේ ඔහු නිදා ගන්නා පැයක දෙකක කාලය තුළ පමණකි.

මූලාශ්‍ර
▪    Downing KL, Hnatiuk J, Hesketh HD. Prevalence of sedentary behaviour in children under 2 years: A systematic review. Prev Med 2015; 78:105–14.  
▪    Kuzik N, Carson V. The association between physical activity, sedentary behaviour, sleep, and body mass index z-scores in different settings among toddlers and pre-schoolers. BMC Pediatr 2016; 16: doi 10.1186/s12887-016-0642-6.  
▪    Wijtzes AI, Kooijman MN, Kiefte-de Jong JC, et al. Correlates of physical activity in 2-year-old toddlers: The Generation R Study. J Pediatr 2013; 163(3):791-9.  
▪    Xu H, Wen LM, Rissel C. Associations of maternal influences with outdoor play and screen time of two-year-olds: Findings from the Healthy Beginnings Trial. J Paediatr Child Health 2014; 50:680-6.  
▪    Xu H, Wen LM, Rissel C. Associations of parental influences with physical activity and screen time among young children: 
a systematic review. J Obes 2015; 2015:546925  

Recommended Articles