ළදරුවන්ගේ නින්ද ගැන දැනගමු

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

“දරුවා නිදි කරවන්නෙ කොහොමද?” මෙය ඕනෑම දෙමාපියකු මුහුණ දෙන ප්‍රශ්නයකි. ලොව පුරා දෙමාපියන් මේ සඳහා අනුගමනය කරන පිළිවෙත් පිළිබඳ මේ ලිපියෙන් මඳක් සොයා බලමු.

img

ළදරුවන් නිදන ආකාරය රටින් රටට සාපේක්ෂව වෙනස් මුහුණුවරක් ගැනීමට ඉඩ ඇත්තේ නිදි කරවන ආකාරය, වේලාව සහ නිදි ඇඳේ අනුගමනය කරනු ලබන චර්යා රටාවන් ආදිය වෙනස් වන නිසාවෙනි. එසේ වුවද, සතුටට කරුණ නම් වෙනස් හුරුපුරුදුකම් සමඟ වුවද ළදරුවන් දිනකට පැය 11-14 අතර කාලයක් දිවා කෙටි නින්දක් සහ රාත්‍රී පූර්ණ නින්දක් ලැබීමයි. 
නින්ද යනු ළදරුවන්ගේ වැඩීමට හා සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. එය ශරීරයට නැවත පණක් ලැබීමට ඉඩ ලබා දීමකි. ප්‍රමාණවත් නින්ද නොලැබීම නිසා වැඩිපුර කැලරි ලබා ගැනීමට පෙළඹීම සහ එමඟින් වයසට වඩා අධිබර තත්ත්වයන් ද ඇති වීමේ අවදානමක් ඇත.
නින්ද සඳහා සූදානම් කිරීම
පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇති ආකාරයට දිනපතා රාත්‍රී නින්දට පෙර එකම ආකාරයේ චර්යා රටාවන්ට ළදරුවා හුරු කිරීම සුව නින්දකට හේතුවකි. ඔබ තවමත් මෙවැනි චර්යාවන් සඳහා යොමු වී නැත්නම් තවමත් ඊට ප්‍රමාද නැත. මව්වරු සහ ළදරුවන් අළලා මෑතක දී සිදු කළ පර්යේෂණයකට අනුව, උණුසුම් ස්නානයක්, සම්භාහනයක් සහ නිහඬව සිටීමේ ක්‍රියාකාරකමක් වැනි චර්යා රටාවන් තුළින් දින 3කදී ළදරුවන් තුළ හොඳ නිදි පුරුදු ඇති කළ හැකි බව සොයාගෙන ඇත. ඔබේ ළදරුවා නින්දට පෙර සන්සුන් කරගැනීමට අවශ්‍ය නම් සෑම රාත්‍රියකම නින්දට පෙර එකම චර්යාවන් අනුගමනය කරන්න. එවිට දරුවා ද ඊට හැඩගැසෙනු ඇත.
නින්දට යන මොහොතේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබා නොදීමට වගබලා ගන්න. රූපවාහිනී, ජංගම දුරකතන, ටැබ්ලට් වැනි උපාංග නින්ද අඩු කිරීමට හේතුවකි. එමෙන්ම මෑතක දී කළ අධ්‍යයනයක් හෙළි කළ ආකාරයට ස්පර්ශක තිර (touchscreen) භාවිතා කරන සෑම පැයකට වරක්ම ළදරුවාගේ නින්ද මිනිත්තු 15කින් අඩු වේ. 
නින්දට සූදානම් කිරීම
ළදරුවන් නින්දට සූදානම් කිරීම සඳහා ලොව පුරා දෙමාපියන් භාවිතා කරන ක්‍රම පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ සොයා බලන්න. නොයෙක් රටවල මේ සඳහා අනුගමනය කරන නොයෙක් සාර්ථක ක්‍රම පිළිබඳ අධ්‍යයනයන් කිහිපයක් ද සිදුකෙරී ඇත. ළදරුවන් නින්දට සූදානම් කළ හැකි අලුත්ම ආකාරයේ ක්‍රමයක් ඔබට සොයාගැනීමට හැකි වනු ඇත. කෙසේ වුවද, සෑම දෙමාපියෙකුම ප්‍රාර්ථනා කරන එකම පොදු කාරණාව නම් තම ළදරුවාගේ ප්‍රීතිමත්, නිරෝගිමත්, විවේකී සුවයයි.
නිදාගන්නා වේලාවන් වෙනස් කිරීම

img

ඇතැම් අධ්‍යයනයන් මඟින් පහත තොරතුරු ඉදිරිපත් කර ඇත.
    සාමාන්‍යයෙන් මැද පෙරදිග කලාපයේ ළදරුවන් සහ මව්වරු රාත්‍රී 11ට පමණ නින්දට ගොස් උදෑසන 9ට අවදි වීමට පුරුදුව සිටිති
    බ්‍රසීලයේ ළදරුවන් සහ මව්වරු නින්ද සඳහා තෝරාගන්නේ රාත්‍රී 10 - උදෑසන 8 අතර කාලයයි
    එසේ වුවද, මැදපෙරදිග ළදරුවන් පැය 12කට ආසන්න වේලාවක් නින්ද සඳහා වැය කරන අතර බ්‍රසීල ළදරුවන් දහවල් කාලයේ කෙටි නින්ද ද ඇතුළත්ව පැය 12කට වඩා වැඩි කාලයක් නින්ද සඳහා වැය කරයි
මේ ක්‍රම ඔබට සුදුසු ද? නිදාගන්නා වේලාව සහ අවදි වන වේලාව කුමක් වුවත්, එහි අරමුණ විය යුත්තේ ළදරුවාට ප්‍රමාණවත් තරම් නින්දක් ලැබීමයි. වඩා වැදගත් වන්නේ එය ඔබේ පවුලේ එදිනෙදා වැඩකටයුතුවලට අනුකූල රටාවකට අනුව සකස් කර ගැනීම පමණකි.
දහවල නින්ද 

img

ළදරුවන්ගේ නින්ද පිළිබඳ කෙරුණු අධ්‍යයනයකින් පහත කරුණු හෙළි වී ඇත.
    ග්‍රීසියේ ළදරුවන් පැය 9ක් රාත්‍රී නින්දත්, පැය 3ක් දහවල නින්දත් ලබයි
    බ්‍රිතාන්‍යයේ මාස 18ක් වයසැති ළදරුවන් දහවල නින්ද ද ඇතුළත්ව දළ වශයෙන් පැය 13ක නින්දක් ලබයි
    කෙටිම නින්දකට හිමිකම් කියන්නේ දකුණු කොරියානු ළදරුවන් වුවත් ඔවුන් ද සමස්තයක් වශයෙන් පැය 12කට ආසන්න නින්දක් ලබයි. එරට ළදරුවන් දිනකට පැය 11-14 අතර ප්‍රමාණයක නින්දක් ලබන බව පෙනී යයි 
මේ ක්‍රම ඔබට සුදුසු ද? ළදරුවන්ට දහවල කෙටි නින්ද ඉතා වැදගත් වන්නේ ගෙවී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට එය උපකාරී වන බැවිනි. මෙමඟින් වඩාත් ක්‍රියාශීලීව ක්‍රියාකාරකම්වල නියැලීමට ළදරුවාට හැකි වේ. මේ නිසා ඔබේ වැඩකටයුතු සඳහා ද යම් තරමක පහසුවක් සැලසෙනු ඇත.
1.    ඇඳ සහ කාමරය එක්ව පරිහරණය කිරීම

img

විවිධ සංස්කෘතීන් තුළ ළදරු නින්ද පිළිබඳ සිදු කෙරී ඇති අධ්‍යයනයන් මෙසේ කරුණු දක්වා ඇත.
    හොංකොං හි දරුවන් තම කාමරය, ඇඳ දෙමාපියන් සමඟ බෙදාගන්නා අතර මොවුන් වෙනම කාමරයක නිදාගන්නා දරුවන්ට වඩා තරමක් පසු වී නින්දට යයි. නමුත් මේ දෙපිරිසම සමස්තයක් වශයෙන් පැය 12ක පමණ නින්දක් ලබයි
    මැදපෙරදිග බොහෝ පවුල් දරුවන් සමඟ එකට නිදාගැනීම සිදු කරයි
මේ ක්‍රම ඔබට සුදුසු ද? ළදරුවන් සමඟ එකම කාමරයක නිදාගැනීම ළදරුවාට මෙන්ම දෙමාපියන්ටත් පහසුවකි. එහි හරි හෝ වැරද්දක් නැත. ඔබට නිවැරදි යැයි සිතෙන කුමක් වුවද මේ සම්බන්ධයෙන් නිවැරදිය.
2.    තනිවම නිදාගැනීම

img

ළදරුවන්ගේ නින්ද පිළිබඳ කෙරුණු අධ්‍යයනයකින් පහත කරුණු හෙළි වී ඇත.
    ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ළදරුවන්ට ස්වාධීනව තමන්ගේ කටයුතු කර ගැනීමට දෙමාපියන් විසින් දිරිමත් කරනු ලබයි. දෙමාපියන් 30%ක් පමණ තම දරුවන්ට නින්ද සම්බන්ධ ප්‍රශ්න ඇති බව විශ්වාස කළ ද දළ වශයෙන් පැය 13ක පමණ නින්දක් මෙම දරුවන්ට හිමිය
    හොංකොං හි දරුවන් ද තනිවම නින්දට යන අතර වේලාසනින් අවදි වේ
මේ ක්‍රම ඔබට සුදුසු ද? ඔබේ ළදරුවාට තනිවම නිදාගැනීමට හුරු කිරීම යනු රාත්‍රී නින්ද අතරමැද අවදි වූ විට පවා නැවත තනිවම නිදාගැනීමේ පුරුද්ද ඇති කිරීමයි. මෙමඟින් ඔබටත් යම් සහනයක් ලැබෙනු ඇත.
3.    රාත්‍රී චර්යාවන්

img

නින්දට යාමට පෙර සිදු කරන චර්යාවන් පිළිබඳ කෙරුණු අධ්‍යයනයකින් පහත කරුණු හෙළි වී ඇත. 
    බෙල්ජියමේ අවුරුදු 1-4 අතර දරුවන්ගෙන් 40%ක් දිනපතා එකම රාත්‍රී චර්යාවන්ට පුරුදුව සිටියි
    නෙදර්ලන්තයේ අවුරුදු 1-2 අතර දරුවන්ගෙන් 50%ක් රාත්‍රී චර්යාවන්ට පුරුදුව සිටියි
මේ ක්‍රම ඔබට සුදුසු ද? සිරිත් පරිදි කෙරෙන මෙවැනි රාත්‍රී චර්යාවන් නිසා ළදරුවන් වැඩිපුර නින්දක් ලබන බව අනාවරණ වී ඇත. නාන විට කරන ක්‍රියාකාරකම් මෙන්ම නින්දට පෙර කතාන්දරයක් කීම වැනි පුරුදු විනෝදය ගෙන දෙනවා පමණක් නොව දරුවන් සමඟ ඇති බැඳීම ද වර්ධනය කිරීමට හේතුවක් වේ.
නින්දට පෙර සිදු කරන චර්යාවන් ආරම්භ කිරීමට ප්‍රමාද නොවන්න. “Time for bed” අපගේ වීඩියෝවේ දැක්වෙන ක්‍රම 5 ඔබටත් ළදරුවාටත් සුවපත් නින්දක් ලබා ගැනීමට උපකාරී වනු ඇත.


මූලාශ්‍ර


▪    Ahn YM, Williamson AA, Seo H, et al. Sleep patterns among South Korean infants and toddlers: Global comparison. J Korean Med Sci 2016; 31:261-9. 
▪    Blair PS, Humphreys JS, Gringras P, et al. Childhood sleep duration and associated demographic characteristics in an English cohort. Sleep 2012; 35(3):353-60. 
▪    Cheung CHM, Bedford R, Saez De Urabain IR, et al. Daily touchscreen use in infants and toddlers is associated with reduced sleep and delayed sleep onset. Scientific Reports 2017; DOI: 10.1038/srep46104 
▪    Dattilo AM, Reidy, KC, Uesugi K. Modifiable risk and protective factors for healthy growth among infants and toddlers: Development and application of a global survey [abstract]. 
▪    Nutrition and Growth Meeting, March 1-3, 2018, Paris, France. 
▪    Hirshkowitz M, Whiton K, Albert SM, et al. National Sleep Foundation’s sleep time duration recommendations: methodology and results summary. Sleep Health 2015; 1(1):40-43. 
▪    Mindell JA, Leichman ES, Lee C, et al. Implementation of a nightly bedtime routine: How quickly do things improve? Infant Behav Dev 2017; 49:220-27. 
▪    Mindell JA, Lee C, Sadeh A. Young children and maternal sleep in the Middle East. Sleep Med 2017; 32:75-82. ▪     Mindell JA, Sadeh A, Wiegand B, et al. Cross-cultural differences in infant and toddler sleep. Sleep Med 2010; 11(3):274-80. 
▪    Netsi E, Santos IS, Stein A, et al. A different rhythm of life: sleep patterns in the first 4 years of life and associated sociodemographic characteristics in a large Brazilian birth cohort. Sleep Med 2017; 37:77-87. 
▪    Teng A, Bartle A, Sadeh A, et al. Infant and toddler sleep in Australia and New Zealand. J Pediatr Child Health 2012; 48(3):268-73. 
▪    Yu X, Sadeh A, Lam HS, et al. Parental behaviors and sleep/wake patterns of infants and toddlers in Hong Kong, China. World J Pediatr 2017; 13(5):496-502.

Recommended Articles