ක්‍රීඩා කරන්න කැමති වෙන්න

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ක්‍රීඩා කරන්න කැමති වෙන්න

Nimali Buthpitiya

මීට වසර ගණනාවකට පෙර ක්‍රීඩාව පිළිබඳව දෙමව්පියන් සමඟ කතා කිරීම එතරම් වැදගත් වූවක් නොවේ. ඒ එය දරුවෙකුගේ එදිනෙදා ජීවිතයේ කොටසක් වූ බැවිනි. කෙසේ වුවද වසර ගණනාවකට පසු දරුවන්ගේ වර්ධනය හා සංවර්ධනය සම්බන්ධයෙන් අපට කතා කිරීමට ඇති වැදගත්ම දේ බවට ක්‍රීඩාව පත්ව ඇති බව කිව යුතුය.

පර්යේෂණ විශාල ප්‍රමාණයකින් ඔප්පු කර ඇත්තේ දරුවකුගේ ඉගෙනීමට මෙන්ම සංවර්ධනයට ක්‍රීඩාව පදනම් කරගත් ඉගෙනීම අතිශයින් බලපානු ලබන බවයි. දරුවකු ක්‍රීඩාව තුළින් ඉගෙනීම වර්ධනය කර ගන්නේ කෙසේද?  එසේත් නොමැති නම් ක්‍රීඩාවේ නියැලෙන දරුවකු ඉගෙන ගන්නේ කෙසේද?

තමන් ජීවත්වන පරිසරය පිළිබඳව ඉගෙන ගැනීමට දරුවන්ට සහජ බුද්ධියක් තිබුණද යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය වූ විටදී වැඩිහිටියන් ලෙස අප සිදු කරන ආකාරයට එය සිදු නොවේ. ඔවුන් හොඳින් ඉගෙන ගන්නේ වැඩ කරන විට, මානසික ක්‍රියාශීලීව සිටින විට හා අවට පරිසරය හා මිනිසුන් සමඟ සම්බන්ධ වූ විටය.දරුවකු මානසික වශයෙන් ක්‍රියාශීලීව තැබීමට මෙන්ම ඔවුන් දරුවා වැඩ තුළ රඳවා තබා ගැනීමටත් ක්‍රීඩා කිරීමේ සංකල්පයට හැකියාව ඇත. ඊට අමතරව ඔවුන් ජීවත් වන ලෝකය සමාජීය හා පාරිසරික වශයෙන් සම්බන්ධ කර ගැනීමටත්, ක්‍රීඩා කරන කාලය තුළ අර්ථවත් අත්දැකීම් සමඟින් ඔවුන්ගේ ජීවිතය සම්බන්ධ කර ගැනීමටත්, පොත්පත් හා රූපවාහිනී මගින් ලබා දෙන දැනුම අවබෝධ කර ගැනීමටත් මතක තබා ගැනීමට සහ බුද්ධිය ගොඩ නගා ගැනීමටත් ඒ තුළින් අවකාශ උදා වේ. ඒ හේතුවෙන් ක්‍රීඩා කිරීම දරුවන්ගේ  සමාජීය, මානසික හා කායික හැකියාවන් වැනි අනෙකුත් අංශ ඇතුළුව දරුවාගේ බුද්ධිමය හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට හෝ ඔවුන්ගේ මොළයේ ව්‍යායාමයන් සඳහා දරුවා ඍජුවම සම්බන්ධ කිරීමට මහෝපකාරී වේ. ක්‍රීඩාව පදනම් කර ගත් ඉගෙනීම යන්නෙන් අදහස් වන්නේ එයයි.

මොළයේ වර්ධනයට අමතරව ක්‍රීඩා කිරීම තුළින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ මොනවාද?

එය ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කරයි

එය ස්වභාවිකවම ආතතිය සමනය කරන අතර ඇතැම් දරුවන් තුළ ඇති කාංසාව සහ බිය වැනි දේ ඉවත් කරයි

දරුවන් අලුතින් ලබාගත් හැකියාවන් පුහුණු කිරීමට මෙන්ම ඒවා මනාව සකස් කර ගැනීමට අවස්ථාව සළසා දෙයි

අත්හදා බැලීම් හා වැරදි හරහා නිර්මාණාත්මක චින්තනය හා ගැටළු විසඳීමේ හැකියාව ඉහළ නංවයි

අවට ලෝකය පිළිබඳව ඔවුන් ලබා ගන්නා දැනුම හා සමාජ සබඳතා හරහා ස්වයං පාලනයක් ඇති කිරීමට උපකාරී වේ

ඒ තුළින් දරුවන් නව කුසතලතාවයන් ඉගෙන ගන්නා අතර තමන් විසින් යමක් සිදු කිරීමේදී ඔවුන් තුළ ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය වර්ධනය කිරීමටද ක්‍රීඩාව ඉවහල් වේ.

ක්‍රීඩාව හරහා දරුවන් ඉගෙන ගැනීම වෙනුවෙන් දෙමව්පියන් වශයෙන් අපගේ දායකත්වය කෙබඳුද?

අපේ දරුවන් ඔවුන්ගේ එදිනෙදා දින චර්යාව ගත කරන්නේ කෙසේද යන්න සහ  ක්‍රියාශීලී විමේ වැදගත්කම පිළිබඳව අප දන්නා හා විශ්වාස කරන දේ අතර පවතින්නේ ඍජු සම්බන්ධයකි. එහෙයින් කාර්ය බහුල ජීවන රටාවක වුවත් අපි ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීමට තව දුරටත් අත්සාහ කළ යුතු අතර ඒ තුළින් එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලී වීමේ වැදගත්කම පෙන්වා දීමට අපට හැකි වනු ඇත. දරුවන් ඔවුන්ගේ ක්‍රියාශීලී ජීවිතය දැක ගැනීම සහ වර්ධනය කිරීම ආරම්භ කළ පසු ඔවුන්ට වචනයෙන් ඔවුන්ව දිරිමත් කරමින් ක්‍රීඩාශීලී වීමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ ඉඩකඩ ඔවුන් වෙත ලබා දීමට කටයුතු කිරීම දෙමව්පියන්ගේ වගකීමකි. ඔබ නිරන්තරයෙන් ඔවුන්ගේ ක්‍රීඩාවට සම්බන්ධ වීම අවශ්‍ය නොවන නමුත් ඔවුන් ක්‍රීඩා කරන අවස්ථාවන්හිදී එදෙස බලා සිටීම තුළින් ඔවුන් සිදු කරන්නේ කුමක්දැයි ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ඔබගේ අධීක්ෂණය සෑම විටම වැදගත් වනු ඇත.

 දරුවන් ක්‍රීඩාවෙන් ඉගෙන ගැනීමට සැලැස්වීමේදී පවුල් පරිසරය තීරණාත්මක සාධකයක් වේ. ක්‍රීඩාවේ නියැලෙන දරුවකු සම්බන්ධයෙන් වන ඔබේ ආකල්පය, ඔබේ දිරිගැන්වීමේ වචන මෙන්ම අනතුරකින් තොර පරිසරය අවට ලෝකය නිදහසේ ගවේෂණය කිරීමට සහ පසුකාලීන ඉගෙනීම් සඳහා වන අලුත් දේ ඉගෙන ගැනීමට දරුවා දිරිමත් කරනු ලබයි. දරුවන් ඉගෙන ගැනීමට උත්සාහ කරන දේ සමඟ තවත් අර්ථවත් සම්බන්ධයක් පවතින විට ඔවුන් හොඳින් ඉගෙන ගන්නා බව ඔබ සෑම විටම මතක තබා ගත යුතු කරුණකි.

 

ක්‍රීඩාව බොහෝ විට සංකීරණ ඉගෙනීමෙන් සහනයක් වන ආකාරය කතා කරනු ලබයි. නමුත් ක්‍රීඩාව දරුවන්ට සංකීර්ණ ඉගෙනුමකි. ක්‍රීඩාව සැබවින්ම ළමා කාලයට අයත් කටයුත්තක්

-    ෆ්‍රෙඩ් රොජර්ස්

 

මතක තබා ගත යුතු කරුණු

  • ක්‍රියාශීලී ජීවන රටාවට ආදර්ශයක්
  • ක්‍රීඩා ක්‍රියාකාරකම්වල යෙදීමට අවශ්‍ය කාලය හා අවකාශය දරුවාට ලබා දීම
  • ඔවුන්ගේ හැකියාවන් තව දුරටත් ඉහළ නැංවීම සඳහා වයසට ගැළපෙන ආකාරයේ ක්‍රීඩා උපකරණ ලබා දීම
  • දරුවන් ක්‍රීඩා කරන කාලය තුළ අලුත් දේවල් ගවේෂණය කිරීමට උත්සාහ කිරීමේදී ඊට සහාය වීම
  • ක්‍රීඩා ක්‍රියාකාරකම් පිළිබඳව ඔබේ කැමැත්ත ඔවුන් වෙත පවසමින් ඔවුන් සමඟ නිරන්තර අධීක්ෂණය
  • ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා ඔබව අවශ්‍ය වන විට ඊට සම්බන්ධ වන්න
  • ක්‍ර්‍රීීඩාව කරන අතරතුර ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න. ඔබ දන්නා දේ කියා දීමට එය හොඳම අවස්ථාවයි
  • ආරක්ෂිත අවස්ථාවන්හිදී අත්හදා බැලීම් සහ වැරදි හරහා ඉගෙන ගැනීමට අවස්ථාව සළසා දෙන්න
  • ඔබේ දරුවාට එම වයසේ අනෙකුත් දරුවන් සමඟ ක්‍රීඩා කිරීමට ඉඩ දෙන්න

Recommended Articles