අවුරුදු 1-5 අතර දරුවන් සඳහා දෛනික සෞඛ්‍ය සම්පන්න ආහාර

වේලක් ලබා දීම කළමනාකරණය කරන්නේ කෙසේද?

මේ සම්බන්ධයෙන් සළකා බැලීමේදී අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ  කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා කුමන මොහොතක හෝ ලොව පුරා රටවල් අගුලු දමමින් සිටින ඉතා අවිනිශ්චිත කාල සමයක් පසුකරමින් සිටින බවයි. ඉන් අදහස් වන්නේ දරුවන් නිවසට කොටුවී සිටින තත්වයක් තුළ ඔවුන්තරමක් උදාසීන තත්වයට පත්ව ඇති බවයි. නිවසටම කොටුවී සිටින විට රූපවාහිනී නරඹන කාලය වැඩි වීම හා ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම අතර වැඩි සම්බන්ධතාවක් පවතින් බව අපට පෙනී යන කරුණකි. මේ හේතුවෙන් දරුවන්ට ලබාදෙන පෝෂණය අවම කිරීමසඳහා ඔවුන්ගේ ආහාර පරිභෝජන මට්ටම පිළිබඳව දෙමව්පියන්ගේ අවධානය යොමු විය යුතුය. ( එස්. අමරසේකර, 2021)

දෙමව්පියන් විසින් පරිභෝජනය කරනු ලබන පෝෂ්‍ය පදාර්ථයන් තුළින් තම දරුවන් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය ක්‍රමයන් පිළිබඳ සිතීම පමණක් නොව ඔවුන් ගන්නා ආහාරවලින් දරුවාගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම ඉහළ නැංවීමට මෙන්ම පරිභෝජනය අවම කිරීමටත් සිතන නිසා එය දෙමව්පියන්ට බොහෝ දුෂ්කර කාර්යයක් බවට පත්වනු නිසැකය.

පෝෂණය කළමනාකරණය කර ගැනීම සඳහා උපකාරී වන උපදෙස්

  1. ඔබේ දරුවන් හැකිතාක් යම් කටයුත්තක යෙදවීමට උත්සාහ කරන්න. බොහෝ කෙටි කෑම පුරුදු කම්මැලි බව නිසා ඇති වේ.(වැඩිහිටියන් ලෙස අපද සමහර විටකදී එම ගැටළුවට මුහුණ දෙමු). සමහර විට අපට දැනෙන කම්මැලිකම කුසගින්න සමඟ පටලවා ගන්නට පුළුවන. එහෙයින් ඔබේ දරුවාගේ දෛනික ජීවිතය හැකිතාක් ක්‍රියාශීලීව හා විනෝදයෙන් ගත කිරීමට අවස්ථාව සළසා දෙන්න.
  2. ආහාර ගන්නා සෑම විටම ඔබේ නියමිත කාලසටහනට අනුකූලව එය සිදු කිරීමට උත්සාහ කරන්න. ඔබ සාමාන්‍යයෙන් දහවල් 12ට හෝ පාසල් දිනයන්හිදී දහවල් 1ට දිවා ආහාරය ලබා ගෙන පසුව තේ පානය කරන වේලාවේදී කුඩා ආහාරයක් ගෙන පැය කිහිපයකට පසුව රාත්‍රී ආහාරය ගන්නා කාල සටහන අනුගමනය කරන්න. අදාළ දින චර්යාවන් සහ කාල සටහන අනුව ආහාර නොගන්නා විට දරුවන් දිවා කාලයේ ගත් ආහාර පිළිබඳව ඔබට දැන ගැනීමට නොහැකි වන අතර එය සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ඇති කිරීමටද හේතුවක් වනු ඇත. ( එස්. අමරසේකර, 2021)
  3. සෞඛ්‍යයට අහිතකර ආහාරයන්ට වඩා සෞඛ්‍යයට හිතකර ආහාරයන් නිවසේ තබන්න. ඒ ආකාරයේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පෝෂණ ගුණයෙන්ද අඩු වන අතර ඒවායෙහි මේද හා සීනි ප්‍රමාණයද ඉහළය. “නොපෙනෙන දේ අමතක වේ” යන ජනප්‍රිය කියමන මතක තබා ගන්න. දරුවන්ට නිවසේ ඇති අනවශ්‍ය ආහාර විශාල ප්‍රමාණයක් නොපෙනුනේ නම් ඔවුන් එය ඉල්ලීම සාමාන්‍යයෙන් අඩුය.
  4. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කරනන්න. විශේෂයෙන් ඔබේ දරුවාගේ වයස අවුරුදු 3,4 හෝ 5ක් පමණ වේ නම් ඔවුන් මේ ආකාරයේ සංවාද තේරුම් ගනු ඇත. ඔවුන්ට ආහාර පිළිබඳ තොරතුරු, ඔබ යම් ආහාරයක් අනුභව කරන්නේ ඇයි සහ එවැනි අහාර අනුභය කරන වේලාව හා ප්‍රමාණය පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්න.
  5. නිවසේ සාමාජිකයන් සඳහා සකස් කළ හෝ පැකට් කළ ආහාර මිලදී ගැනීමේදී සෑම විටම එහි අඩංගු අමුද්‍රව්‍ය ලැයිස්තුව කියවා සීනි එකතු නොකළ රස කාරක හා මේදය අවම ආහාරයක් තෝරා ගැනීමට උත්සාහ කරන්න.
  6. සෞඛ්‍ය සම්පන්න අතුරුපස ඔබේ දරුවාගේ වින්දනයක් බවට පත් කරන්න. ඉන් කියවෙන්නේ පළතුරු අලංකාර හැඩවලට කපා සිත්ගන්නා ආකාරයේ පෙනුමකින් පිඟාන තුළ සකස් කිරීම හෝ දරුවන් තරමක් වයසින් වැඩි නම් ඒවා සකස් කිරීමේ ක්‍රියාවලියට ඔවුන්ද සම්බන්ධ කර ගත හැකිය. මෙය දරුවාට ආහාර ගැන දැනුවත් කිරීමට පමණක් නොව එදිනෙදා කළ යුතු ක්‍රියාකාරකමකට ඉඩ සැළසීම ලෙස බොහෝ දේ සඳහා ප්‍රයෝජනවත් වන්නකි.
  7. නියමිත වේලාවට පෙර ආහාර සකස් කර ගැනීමට සැලසුම් කරන්න. සාමාන්‍යයෙන් දෙමව්පියන් ලෙස අප වඩාත් කාර්ය බහුල වුවද එදිනෙදා ආහාර සූදානම් කර තබා ගන්නේ නම් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ලබා දීමේ අවශ්‍යතාවයක් හට ගන්නේ නැත.

අවසාන වශයෙන් ඔබේ දරුවාට දිනපතා ලබා දෙන පෝෂ්‍ය පදාර්ථයන්හි සමබර බවක් දක්නට නොමැති බව ඔබට දැනෙයි නම් කරුණාකර ඒ පිළිබඳ විශේෂඥයකුගේ උපදෙස් ලබා ගන්න.

Expert Name
ශනායා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
Image
අවුරුදු 1 -5 අතර දරුවන් සඳහා දෛනික සෞඛ්‍ය සම්පන්න ආහාර