සෞඛ්‍ය සම්පන්න ආහාර යන්න ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?

ඔබට හෝ ඔබේ පවුලේ අයට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට නම් සෞඛ්‍ය සම්පන්න ආහාර යනු මොනවාදැයි අර්ථ කතනය කිරීමට මෙන්ම එය හඳුනා ගැනීමට හැකි විය යුතුය.

ඔබ මෙන්ම ඔබේ දරුවාගේ සාමාන්‍ය වර්ධනය සඳහා දෛනිකව අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම සඳහා විවිධ ආහාර අනුභව කිරීම සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම යනුවෙන් අදහස් වේ. මීට ප්‍රෝටීන්, කාබෝයහිඩ්‍රේට්, මේද,විටමින් සහ ඛණිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථයන් අයත් වේ. ඔබේ දරුවා සාමාන්‍යයෙන් දිනපතා විවිධ මූලික ආහාර වර්ග අනුභව කරන්නේ නම් ඔහුට හෝ ඇයට හොඳ පෝෂණයකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථය ලැබේ. (https://bit.ly/30tXW99)

මෙහිදී හොඳින් ආහාර ගැනීම තුළින් ඔබේ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සහ වැඩිහිටියකු බවට වර්ධනය වීමට පමණක් නොව බෝ නොවන රෝග හා වෙනත්  සැඟවුණු සෞඛ්‍ය සංකූලතාවන්ගෙන් තොර ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇත. (https://bit.ly/30tXW99)

ඔබේ දරුවා උපතින්ම ඇතැම් එළවලුවලට අකමැත්තක් දක්වන බවට සහ රස කැවිලි හෝ ක්ෂණික ආහාර සඳහා උපතින්ම කැමැත්තක් දක්වන බව පැවසීම අසත්‍යයකි. මනාපයන් හෝ අමනාපයන් උපතින් නොලබන බව හොඳින් මතක තබා ගන්න. ඒවා නිර්මාණය වන්නේ කාලයත් සමඟ සිදුවන බාහිර බලපෑම් නිසාය. කෙසේ වුවද ඔබ ඉක්මණින් දරුවෙකුගේ ආහාර වේලට සෞඛ්‍ය සම්බන්න, පෝෂ්‍යදායී දේ හඳුන්වා දෙන ප්‍රමාණයට ආහාර සමඟ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පැවතිය හැකි සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් ගොඩනගා ගැනීමට ඉතාමත් පහසු වනු ඇති බව මෙහිදී සඳහන් කළ හැකිය. (එස්. අමරසේකර, 2021)

හොඳින් ආහාර ගැනීමට මෙන්ම නිරෝගීව සිටීමට ඔබේ දරුවාට උපකාර කරන්නේ කෙසේද? තම දරුවා අවශ්‍ය ප්‍රමාණයට ඩා වැඩියෙන් හෝ අඩුවෙන් ආහාර ගැනීම පිළිබ බොහෝ දෙමව්පියන් සිටින්නේ කණස්සල්ලලෙනි. සමහරවිට ඔබේ දරුවා සෑම විටම ආහාරයට ගැනීමට අවශ්‍ය වන්නේ එකම වර්ගයේ ආහාර පමණක්ද? මෙහිදී ඔබේ දරුවාට හොඳින් ආහාර ගැනීමට සහ ඒ තුළින් ඔබට ඇති වන කරදර අඩු කිරීමට සහාය වන එක් ක්‍රමයක් වන්නේ ආහාර වේලාවේදී ඔබේ කාර්යය කුමක්ද? සහ දරුවාගේ කාර්යය කුමක්ද යන්න දැන ගැනීමයි.

ඔබේ දරුවාට අවශ්‍ය වන්නේ එක් ආහාර වර්ගයක් පමණක් අනුභව කිරීමට නම් ඒ කුමන ආහාර වර්ගද යන්න තීරණය කිරීම දෙමව්පියන්ගේ කාර්යයක් බැවින් ඔහු/ඇය කැමති ආහාර තේරීමට යාමෙන් ඔවුන් සිදු කරන්නේ දෙමව්පියන්ගේ කාර්යයකි. ( එස්. අමරසේකර 2021)

 

ආහාර වේලෙහි සහ කෙටි ආහාර ගන්නා අවස්ථාවෙහි පෝෂ්‍ය දැයී ආහාර ලබා දීම දෙමව්පියන්ගේ කාර්යයකි. ආහාරයට ගන්නේ මොනවාද?, කොහේද?, කීයටද? යන වග තීරණය කළ යුත්තේ ඔබයි.

ඔබේ දරුවාගේ කාර්යය වන්නේ ඔබ තෝරා  සපයා දුන් කෑමවලින් ඔහු හෝ ඇය කොපමණ ප්‍රමාණයක් අනුභව කරනවාදැයි යන්න තීරණය කිරීමයි. එම අවස්ථාවේදී ඔබේ දරුවා කොපමණ ප්‍රමාණයක් ආහාරයට ගත යුතු දැයි තීරණය කරනු ඇත.

මෙම සංකල්යට අනුගත වීම බොහෝ දෙමව්පියන්ට දුෂ්කර වනු ඇත. කාලයත් සමඟ ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ අභ්‍යන්තර කුසගින්න විශ්වාස කිරීමට දිරි ගැන්වීමක් ලැබෙන අතර ඒ හේතුවෙන් ඇතැම් ආහාර සඳහා ඔවුන් තුළ අමනාපයක් ඇති කර ගැනීම සිදු නොවනු ඇත.

ඔබේ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදුවලට සහාය වීමට ඔබට සහාය විය හැකි  තවත් ක්‍රම කිහිපයක් පහතින් දැක්වේ.

හැකි සෑම විටම පවුලක් ලෙස එකට ආහාර ගන්න.  ගන්නා ආහාර ධනාත්මකව හා ප්‍රසන්න ආකාරයෙන් පවත්වා ගන්න. ඔබේ දරුවා අනුභව කරන ආහාර ප්‍රමාණය හෝ වර්ගය ගැන අදහස් දැක්වීමෙන් වළකින්න. ආහාර ගැනීමට ඇති කරන පීඩනය දරුවන් තුළ නව හා වෙනස් ආහාර සඳහා වන උනන්දුව අඩු කරනු ඇත.

පවුලේ ආහාර වේල සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගන්න. දරුවන් ඔබගේ තේරීම් දකින අතර ඔවුන්ද ඔබව ආදර්ශයට ගනු නිසැකය.

ආහාරවේල කලින් සාකච්ඡා කර ගත හැකි දෙයක් බවට පත් කරන්න. සෑම දිනකම එකම වේලාවක (හැකි තරම්) ආහාර ගන්නා අතරම කෑම මේසයේදී ආහාර අනුභව කරන්න.

ඔබේ දරුවාට කුසගින්න හෝ ආතතිය ඇති නොවන ලෙස (උදා- කුඩා දරුවන් සෑම පැය 3කට වරක් පමණ) ප්‍රමාණවත් පරිදි ආහාර ලබා දෙන්න.

 

සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම සඳහා ඇති වැදගත්ම යෝජනාව වන්නේ ආහාර ගන්නා අතරතුර එකිනෙකා සමඟ කතා කිරීම හා ආහාර භුක්ති විඳීම හැර වෙනත් කිසිවක් සිදු නොකිරීමයි. රූපවාහිනිය, ජංගම දුරකතන භාවිතය හෝ පොදුවේ වෙනත් දෙයකට අවධානය යොමු නොකළ යුතු බව මෙයින් අදහස් වේ. ( එස්. අමරසේකර, 2021)

 

ශයානා අමරසේකර මහත්මිය 

Expert Name
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
Image
how-do-you-define-“healthy-food”