Sorry, you need to enable JavaScript to visit this website.
Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

මවක් වීමේ ඇති වැදගත්කම ගැන අමුතුවෙන් පෙන්වල දෙන්න අවශ්‍ය නැහැ. මව් පදවිය කියන්නෙ කාන්තාවකගේ ජීවිතයේ සුවිශේෂීම සන්ධිස්ථානයක්. ඒ වගේම ඒක කාන්තාවට සොබාදහමෙන් පැවරුණු ගෞරවණීය යුතුකමක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. මව් පදවිය ලැබීමෙන් පස්සෙ කාන්තාවකගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් භූමිකාවක් බවට පත් වෙනවා. එතෙක් කලක් තරුණියක් විදියට ගත කරපු ඇගේ ජීවිතය මවක් විදියට රූපාන්තරණය වෙනවා. තවත් සුන්දර ජීවිතයකට පණ පොවලා ලෝකයට දායාද කරන්න කාන්තාවකට ලැබෙන මේ අවස්ථාව නම් කියලා නිම කරන්න බැරි තරම් වටිනා එකක්.

img

දරුවාගේ සෞඛ්‍ය සම්පන්න වැඩීමට සහ වර්ධනයට මවගේ භූමිකාව ඉතාමත් වැදගත්. මව්වරු දරුවා වෙනුවෙන් සූදානම් වෙන්නෙ ඔවුන් මෙලොව එළිය දකින්නත් කලින් ඉදන්. මේ පරිත්‍යාගශීලී කැපකිරීම තෘප්තිමත් එකක් වුනත් මේ තුළ ඇති අභියෝග නම් එමටයි. මේ නිසා මව්වරු දරුවාගේ සෞඛ්‍යමත් වර්ධනය වෙනුවෙන් ඉටු කරන්න ඕන කාර්යභාරය සහ වගකීම් ගැනත් හොඳ අවබෝධයකින් සිටීම අත්‍යවශ්‍යයි.

මේ ලිපියේ අරමුණ වෙන්නෙත් ඔබට ඒ ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබා දීමයි.

දරුවාගේ පළමු බැඳීම මවයි

img

දරුවෙකුගෙ මුල්ම චිත්තවේගී බැඳීම ඇති වෙන්නෙ මවත් එක්ක. දරුවා එක්ක මුලින්ම සම්බන්ධ වෙමින් දරුවාට ආරක්ෂාව සලසන පළමු පුද්ගලයා වෙන්නෙත් මවයි. දරුවෙක් ඉපදුන හැටියෙම හොයන්නෙ ආදරය, උණුසම සහ ආරක්ෂාව. ඒ අවශ්‍යතාවලට මව ප්‍රතිචාර දක්වන විදියෙන් තමයි දරුවාගේ සිත තුළ පිටත ලෝකය ගැන ස්ථිර පදනමක් සහ අදහසක් ඇති වෙන්නෙ. කාලයත් එක්ක දරුවා තුළ සාමාජීය සහ චිත්තවේග කුසලතා ඇති වෙන්න බලපාන්නෙත් මේ අදහසම තමයි

සෞඛ්‍ය සම්පන්න වර්ධනයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම

img

දරුවන් වර්ධනය වෙද්දි ඔවුන්ට දෙමාපියන්ගෙන් වැඩි සහායක් අවශ්‍ය වෙනවා. මේ කාරණයේදි දරුවාගේ සමීපතම රැකවලා විදියට අම්ම කෙනෙකුට තියන ලොකුම වගකීමක් තමයි දරුවාට නිදහසේ ලෝකය දකින්න, විඳින්න සහ පුහුණු වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරල දෙන එක. මේ සඳහා දරුවාගේ සෙල්ලම් සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් වඩාත් ආරක්ෂා සහිත, ප්‍රිය උපදවන පරිසරයක් තිබීම වැදගත්. ඒ වගේම මව හොඳ විමසිලිමත් බවකින් සිටීමත් අත්‍යවශ්‍යයි. දරුවාගේ වර්ධනය දිනපතා විමසිලිමත්ව දකින ගමන් ඊට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් දෙන්නත් මේ නිසා ඇයට පුළුවන් වෙනවා.

හැසිරීම් හැඩගැස්වී

දරුවා ළඟින්ම ඇසුරු කරන පුද්ගලයා විදියට අම්ම කෙනෙකුට දරුවා තේරුම් ගැනීමේ වැඩි හැකියාවක් තියනවා. දරුවා කරන කියන දේවල් සහ හැසිරීම් රටා හොඳින්ම තේරුම් ගන්න පුළුවන් අම්ම කෙනෙකුට තමයි. දරුවාගේ හැසිරීම් හැඩගැස්වීමේ දී දරුවාගේ හැඟීම් සහ පෞරුෂය ගැන දෙමාපියන්ට හොඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත්. විශේෂයෙන්ම අම්ම කෙනෙකුට පුළුවන් දරුවාගේ හැසිරීම් හැඩගස්වන ආදර්ශය බවට පත් වෙන්න. 

ආදරය, කරුණාව සහ සැලකිල්ල දැක්වී

දරුවාට ආදරයෙන් කතා කිරීම වගේම දරුවා වෙත ආදරය, කරුණාව සහ සැලකිල්ල නොඅඩුව දැක්වීමත් දරුවෙක් පෝෂණය කිරීමේ දී අනුගමනය කළ යුතු වැදගත්ම කාරණාවක්. මව දරුවාට ප්‍රතිචාර දක්වන විදිය සහ සංවේදී වෙන විදිය දරුවාටත් නිරායාසයෙන්ම ලැබෙනවා. සුදුසු භාෂාවක් ඔස්සේ සාමාජීය සහ සන්නිවේදන කුසලතා දරුවා තුළ වර්ධනය වීම ආරම්භ වෙන්නෙ නිවසින්මයි. මවගේ ක්‍රියාකාරකම් වගේම දරුවා වෙත දක්වන ආදරය, කරුණාව සහ සැලකිල්ල තුළින් දරුවාගේ ජීවිතය පුදුමාකාර විදියට වෙනස් කිරීමේ හැකියාව තියනවා.

චර්යාව සහ විනය

img

දින චර්යාව කියන්නෙ දරුවෙක් තම මවගෙන් පළමු වරට අත්විඳින දෙයක්. කන වෙලාව, නිදාගන්න වෙලාව, සෙල්ලම් කරන වෙලාව වගේ දෛනික චර්යාවන් ගණනාවක්ම තියනවා. මවගේ නිශ්චිත දින චර්යාව ඇතුළෙ දරුවාටත් ඒ හුරුපුරුදුකම් ඇතිවීම සිදු වෙනවා. මේ තුළින් තමයි දරුවා කාල කළමනාකාරණය, අත්‍යවශ්‍ය කටයුතු සහ පිළිවෙළකට වැඩ කිරීම වගේ දේවල් ඉගෙන ගන්නෙ.  

ඉහත සඳහන් කළ වගකීම් සහ භූමිකාවන් නිවැරදිව ඉටු කිරීමෙන් කාන්තාවකට පුළුවන් මවක් විදියට තමන්ගේ දෛනික චර්යාවන් ඇතුළෙම තමන්ගෙ දරුවා වෙනුවෙන් විස්මිත දේවල් කරන්න. ඊට තවත් බොහෝ දේ එකතු කරන්නත් පුළුවන්. මව් පදවියේ ඇති අසිරිමත් බව සහ බලය අසීමිතයි. ජීවිත කාලය පුරාම දරුවාගේ සමස්ත යහපැවැත්මට සහ වර්ධනයට බලපෑමක් ඇති කළ හැකි ශක්තියක් ඒ බලය තුළ ගැබ්ව තිබෙනවා.

උපදෙස්

  • මාතෘත්වයේ බලය දරුවාගේ කුඩා සහ වැඩිහිටි විය සඳහා ද බලපෑම් කරයි
  • ඔබේ දරුවා සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කර ගන්න. එය දරුවා සමඟ සෞඛ්‍ය සම්පන්න සබඳතාවයක් වර්ධනය කිරීමේ ආරම්භයයි
  • දරුවාට ප්‍රිය උපදවන සහ අනතුරු රහිත පරිසරයක් නිර්මාණය කර දීමෙන් දරුවාගේ වර්ධනයට සහාය වන්න
  • මව තම දරුවා ගැන වඩාත් හොඳින් දන්නා විට හැසිරීම් හැඩගැස්වීම සාර්ථකව කළ හැකි වේ
  • ඔබේ ආදරය පෙන්වන්න, කාරුණික වචන කතා කරන්න, නිතර කල්පනාකාරීව ඔවුන් ගැන සැලකිලිමත් වන්න
  • ඔබ දරුවාට ආදර්ශයක් වන්න. ඔබව නිරීක්ෂණය කිරීමෙන් දරුවා යහපත් ජීවන කුසලතා අවබෝධ කරගනු ඇත

Recommended Articles