Sorry, you need to enable JavaScript to visit this website.
Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

පවුලක ප්‍රධාන අරමුණ නම් එහි සෑම කෙනෙකුම සතුටින් සිටින බව තහවුරු කිරීමයි. එය එතරම් පහසු දෙයක් නොවන බව වටහා ගැනීම පවා ඉතා දූෂ්කර කරුණක් වනු ඇත. ඒ කෙසේ වුවද පවුලක් ලෙස එකට එක්ව සතුටින් ගත කිරීම ස`දහා ඔවුන්ට අවශ්‍ය වන බව මගේ විශ්වාසය වන අතර  ඒ ස`දහා  ප්‍රීතිමත් පවුලක් ගොඩනගන ආකාරය පහතින් දක්වා ඇත.


ප්‍රවේශම්කාරී වචන භාවිත


පවුල තුළ සතුටක් දැනීමට අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ පවුලේ සෑම කෙනෙකුම චිත්තවේගීය වශයෙන් සිදූවන හානි වලින් ආරක්ෂිත යැයි හැ`ගීමයි. ආදරය" සෙනෙහස" ගෞරවය හා කරුණාව   ප්‍රකාශ කිරීමේ හැකියාව වචන සතු වන අතර ජීවිත වෙනස් කිරීමේ හැකියාවද ඊට ඇත.


සෑම කෙනෙකුටම ඉටු කිරීමට කාර්ය භාරයක් තිබීම


සතුටින් සිටින පවුලක් යනු සාම්ප්‍රදායික පවුලක් ලෙස හැ`ගුනද එහි පිළිවෙලක් දැකිය හැකිය. ඉන් අදහස් වන්නේ පවුලේ සෑම සාමාජිකයකුටම තමන් සිටින ස්ථානය පිළිබ`දව හො`ද අවබෝධයක් ඇති බවත් ඔවුන් එම ස්ථානය තුළ නිදහසක් හා සැහැල්ලූවක් අත් වි`දින බවත්ය. පවුලක් සතුටින් තැබීම ස`දහා වැඩි කැපකිරීමක් කරන දෙමව්පියන් සෑම විටම කරුණාවන්ත විය යුතු අතර අවශ්‍ය ඕනෑම විටකදී පවුල තුළ තමන්ගේ බලය භාවිත කිරීම ඉතා වැදගත්ය.


විනෝදය සහ අවදානම් ස`දහා කාලය යොදා ගැනීම 


විනෝදය සහ අවදානම් සිදූ වන්නේ විශේෂ නිවාඩු දිනයන්වල පමණක් නොවේ. එහෙයින් දෙමව්පියන් ලෙස ඔබේ දරුවන් සම`ග එකට සිනාසීමට" විනෝද ජනක හා අවදානම් සහගත දේ සිදූ කිරීමට නොවරදවාම කාලය වෙන් කර ගන්න. මේ තුළින් ඔබේ කායික මෙන්ම මානසික යහ පැවැත්ම වැඩි දියුණු වනවා මෙන්ම පවුලක් ලෙස එකිනෙකා සම`ග වන සම්බන්ධතාව වර්ධනය කරනු ලබයි.


ගැලපීම් සදහා ඉඩකඩ වෙන් කිරීම


ප්‍රීතිමත් පවුලක් තුළ යම් යම් දේ වෙනුවෙන් නම්‍යශීලී වීමට ඉඩක් තිබිය යුතුය. වෙනස් ආකාරයකින් දෙයක් දෙස බැලීම සහ වඩා හො`ද දේවල් කිරීමේ අරමුණින් සිදූ කරන ගැලපීම් සමහර අවස්ථාවන්හිදී පාලනයෙන් මිදීමේ හැකියාවද ඇත.


පරාර්ථකාමී වීම


එකිනෙකා කෙරෙහි කි්‍රයාශීලී ලැදියාවක් දක්වමින් අරමුණු සහගත තේරීමක් තුළින් සෑම කෙනෙකුටම අන්‍යෝන්‍ය සහයෝගයක් ලබා දීම ප්‍රීතිමත් පවුලක් නිරන්තරයෙන් විශ්වාස කරන්නකි. මෙය සංවාද" ප්‍රශ්න ඇසීම" ආහාර ගන්නා අතර තුර එදිනෙදා සිදූ වූ සිදූවීම් පිළිබ`ද සාකච්ඡා කිරීම හෝ පවුලේ සමහර වැඩකටයුතු සම්පූර්ණ කිරීම උපකාර කිරීම වැනි දේවල් විය හැකිය.ඔබේ දරුවාගේ දෛනික සිදූවීම් කෙරෙහි විශේෂ උනන්දූවක් දැක්වීම තුළින් එය ඔවුන් විසින් ඔබටත් එසේ සිදූ කිරීමට කදිම ආදර්ශයක් සපයනු ඇත. දරුවන් හා දෙමව්පියන් දෙදෙනාම සතුටින් තබන සිදූවීමක් වන මෙය අන්‍යෝන්‍ය සැලකිල්ල හා සම්බන්ධය පිළිබ`ද හැ`ගීමක් වර්ධනය කිරීමටද මෙය හේතුවක් වනු ඇත.


වැරදිවලට ඉඩ දීම


දරුවන්ට කළ හැකි දේ පිළිබ`දව බලාපොරොත්තු තබා ගැනීම කෙතරම් හො`ද දෙයක් වුවද වැරදීම ඉගෙනීමට හො`දම අවස්ථාවක් වන බැවින් වැරදි සිදූ වූවාට ප්‍රශ්නයක් නොමැති බව ඔවුන්ට අවබෝධ වීමට ඉඩ හැරීම ඉතා වැදගත්ය. එසේ වීමේදී ඔවුන් ඔබ බලාපොරොත්තු වන ප්‍රමිතීන්ට අනුකූල නොවන විට  ලජ්ජාවක් හෝ භයක් ඔවුන්ට නොදැනේ. එහෙයින් වැරදි පිළිගැනීම හා සමාව දීම සතුටින් සිටින නිවසක පුරුද්දක් විය යුතුය. 


එවෙලේම අගය කිරීම

 


දරුවන් අද සිටින වයසට යළි කිසි දිනක පත් නොවේ. එසේ හෙයින් අනෙකුත් සියලූ කරුණු සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන දෙමව්පියන්  කිසිවකු මෙම වටිනා කාලය මග හැරිය යුතු නැත.  ඒ නිසා දිනකට අවම වශයෙන් එක්වරක්වත් ඔබේ දරුවාගේ නර්තන හැකියාවන් නැරඹීමට" ඔවුන් සම`ග ක්‍රීඩාවක් කිරීමටට හෝ පුංචි සංවාදයක් සිදූ කිරීම ස`දහා ඔබේ අනෙක් සියලූ කාර්යයන් ම`දක් පසෙකට දැමීමට වග බලා ගන්න. මෙය ඔබේ පවුලේ සතුට ඇති කරන අවස්ථාවකි.


සෑම දිනකම පවුලේ ප්‍රීතිමත් දිනයක් නොවේ. නමුත් ප්‍රීතිමත් පවුලක් ඇති කිරීම වෙනුවෙන් සෑම දිනකම අපගේ උපරිමයෙන් කටයුතු කිරීමට අපට හැකියාව ඇත.


ප්‍රීතිමත් පවුලක් ගොඩනැගීමේ උපදෙස


•    ප්‍රවේශම්කාරී වචන භාවිත
•    සෑම කෙනෙකුටම ඉටු කිරීමට කාර්ය භාරයක් තිබීම
•    විනෝදය සහ අවදානම් ස`දහා කාලය යොදා ගැනීම 
•    ගැලපීම් ස`දහා ඉඩකඩ වෙන් කිරීම
•    පරාර්ථකාමී වීම
•    වැරදිවලට ඉඩ දීම
•    එවෙලේම අගය කරන්න

Recommended Articles